(නිමල කොඩිතුවක්කු)
චීනයේ වූහාන් නගරයේ සිට පැතිරෙමින් පවතින නව කොරොනා වෛරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් යළි දිවයිනට ගෙන්වා ගැනීම සදහා 100% නොමිලේ සහන ලබාදෙන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී අද(28) පැවසුවාය.
මෙම දරුවන් යළි මෙරට ගෙන්වීමේදී එම දරුවන්ගේ දෙමාපියන්ගෙන් සීයට පනහක මුදලක් අය කරන බවත් එම ගාස්තු ඉවත් කරන ලෙසට විපක්ෂය රජයෙන් ඉල්ලා සිටින බවත් මන්ත‍්‍රීවරයා සදහන් කළේය.
එමෙන්ම මෙම ශ්‍රී ලාංකිකයන් දිවයිනට කැදවීමේදි විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
මෙරට රැකියාවල නිරත උත්සව සදහා පිටත්ව ගිය චීන ජාතිකයන් විශාල පිරිසක් මේ දිනවල යළි දිවයිනට පැමිනෙමින් තිබෙන බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය. මෙම වෛරසය පැතිරයාම වැලැක්වීම සඳහා අවශ්‍ය මුඛ ආවරණ හිඟයක් පවතින බවත් ඒ පිළිබඳව වහාම අවධානය යොමු කරන ලෙසට රජයෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියනකම් තමා හිටියේ සහන සලසන්න.
ආණ්ඩුවට කියන්නේ විපක්ෂේ අය සල්ලි දෙන්නකෝ. අපේ බදු සල්ලි කාටවත් දෙන්න බැහැ තවත් මොකකටවත්.
මොනවා හරි කියන්නත් ඕනනෙ
චීනයේ කොරෝනා ආසාදනය ප්‍රදේශවල කිසිවෙක් එම ප්‍රදේශයෙන් පිටතට යවන්නේ නැත. ලංකාවේ නම් ඔබලාවගේ අය බලපෑම්කර අසාධනය වුන රට පුරාම යවන මුත් චීනය වගේ රටවල් ඔබාලාවැනි දේශපාලුවන්ගේ උවමනාවන් වලට කටයුතු කරන්නේ නැති බව සිහි තබාගන්න.