(රංජන් කස්තුරි)
මේ වනවිට ගනුදෙනු නතර කර තිබෙන සී/ස ද ෆිනෑන්ස් සමාගම වැසීයාම වළක්වා එය යළි සක්‍රීය තත්වයට පත්කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.
සී/ස ද ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂකවරුන්, සේවක සංගම් නියෝජිතයන් සහ තැන්පත්කරුවන් පිරිසක් සමඟ ඉකුත් දා කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී කබ්රාල් මහතා මේ බව ප්‍රකාශ කළේය.
සී/ස ද ෆිනෑන්ස් සමාගම යථා තත්වයට පත්කිරීමට අවශ්‍ය සැලසුම් මේ මාසයේ 30 වැනි දිනට පෙර ඉදිරිපත් කරන බවද එහිදී කබ්රාල් මහතා කීය.
ශ්‍රී ලංකා මහ බැංකුව මේ වනවිට සී/ස ද ෆිනෑන්ස් සමාගමට වාරණයක් පනවා තිබෙන අතර තැන්පත් බාරගැනීම හා තැන්පත් මුදල් ආපසු ගෙවීම එමගින් නතර කර තිබේ.
දිවයින පුරා ලක්ෂ 6ක පමණ තැන්පත්කරුවන් පිරිසක් සී/ ස ද ෆිනෑන්ස් සමාගමේ රුපියල් කෝටි 4ක පමණ මුදලක් තැන්පත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම එකතුවෙලා මහබැංකුව භාගෙට අක්‍රීය කරලා ඉවරයි. ෆිනෑන්ස් සමාගම යළි සක්‍රීය කරන්න පියවර ගන්නවා නොදකින්...
එක සැරයක් සක්‍රීයව කරලා අපි දැක්කා... කෙරුවාව මේ පාරත් එ්කටමයි මේ සූදානම... ලැජ්ජා නහරයක් ඇත්තේම නැද්ද දෙයියනේ...
කිඹුල් කඳුළු. කොකා බකතපස් රකිනවා වගේ. ඇත්ත තිත්තයි...
මේ ඔය සක්‍රීය කරන්නේ ඔහේගේ සහෝදරියක් එතනට දාලද? නැතිනම් ඔහේම ගිහිල්ලද? මූල්‍ය විනයක් නොතිබ්බ ආයතනයක මූල්‍ය විනය හදන්න ඕනේඔහෙලා වගේ මිනිස්සු නොවේ.
මේ බංකොලොත් ෆිනෑන්ස් සමාගම් තවත් බංකොලොත්කාරයෙක් විසින් ගොඩදාන්න හදන්නේ එයාට ඇති වාසියට...
අර 2005 සිට 2015 දක්වා බැඳුම්කර වංචාවෙන් හොයාගත්ත සල්ලිත් ඇතිනේ නේද? පට්ට හොරු, ගැලවුම්කාරයෝ වගේ එනකොට අපේ ඇඟේ මාළු නටනවා ඕයි.
ආ මේ හෙජින් මහත්තයනේ.., ඔයාට පුළුවන් හොඳට තියෙන ආයතන ඉවර කරලා දාන්නා මිසක් කඩා වැටුණු ආයතන යලි නගාසිටුවන්න නෙමෙයිනේ.., මේකත් රටක්ද මිත්‍රවරුනි, මේ වගේ අපතයින් යහතින් වැජඹෙන...
අර බැංකු වාර්තාවන් මෙයාගේ කෙරුම් එළියට ආවා.. මේවගේ හොරු කොහොමද වහින වෙලාවට එළියට එන්නේ..?
අපේ මුදල් ඉක්මනට ලබාදෙන්න. එහෙම නැතිනම් මෙම ආයතනය නැවත සක්‍රීය කරන්න. දැන් අවුරුද්දක් වෙන්න එනවා තාම කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ. ඉතාමත් සුළු පොළියක් ගෙවලා අපේ මුදල් බලෙන් එම ආයතනය තියාගෙන ඉන්නවා. මහ බැංකුව අධීක්ෂණය යටතේ තිබුණු ආයතනයක් මෙහෙම වෙනවා නම්...... රටේ මූල්‍ය ආයතන කොහොමද විශ්වාස කරන්නේ ?
මෙයාත් තවත් බැදුම්කරයක්. මහින්ද මහත්තයා දැන්වත් මේ වගේ බොරු උපදේශකරුවන්ගෙන් ප්‍රවේශම් වෙන්න ඕනේ. උපදෙස් නොවේ දෙන්නේ ලණු තමයි.
නැතුව... නැතුව... වතුර ටික පෑදෙන්න කලින් මාළු සේරම බාගන්න එපායැ. නැද්ද මන් අහන්නේ ?
මෙයා වියත්මගේ ඉන්නවා කියන්නත් ලැජ්ජයි.
වුවමනාවෙන්ම මෙයාලා ඔය ආයතන ටික විනාශ කරලා පහුගිය කාලේ දැන් හදන්න සූදානම්... මේ අණ්ඩුවත් යන ගී කියන්නේ මේ වාගේ අපතයින් නිසා තමයි. ඒත් අර අර පවුලට මෙයාලගේ උපදෙස් රටක් වටිනවා. නැත්තම් කොහෙද මිලියන 300ක පෝස්ටර් ගහන්නේ...
කොහොමද මේ වගේ හොරු මේ තනතුරු වල තාමත් ඉන්නේ මහා බැංකු වාර්තාවේ මේ අය හොරු බව ලිඛිතව ඔප්පු උනාටත් පස්සේ. කවුරුත් නැද්ද මේ රට කන මිනිස්සුන්ව උසාවි ගෙනියන්න ?
මහ බැංකු සභාපතියා වෙලා හිටපු කාලේ කරපු හරිය හොන්දටම ඇති. පවුල් පාලනේ උදවිය නම් ඔහොම යනකොට සක්‍රීය වෙයි වගේ?
මේ ලෝකේ මොලේ තියෙන කෙනෙක් ඒ කාලේ ග්‍රීසියේ බැඳුම්කරවල ආයෝජනය කරයිද...?
පවුලේ කාවද මේකට දාන්නේ?
කලින් ගෝල්ඩන් කී සක්‍රිය කරා වගේද මේ පාරත් කරන්නේ ?
ශ්‍රී ලංකාව තක්කඩියන්ගේ සුරපුරයකි.
මහජනතාවගේ මුදල් බිලියන ගානක් කාබාසිනා කරලා තවත් ගිල දමන්නද?
අමාරුවෙන් උපයාගත් විශ්‍රාමිකයන්ගේ තැන්පතු මුදල් ආපසු ලබාගන්න සැලසුම් කරන්න. මහා ඡන්දයක් ලගම එනවනේ.
මේ ප්‍රතිචාර දැක්කම හිතෙන්නේ අර 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ කා වෙනුවෙන්ද කියලා.
ගෝල්ඩන් කී ගනුදෙනු කරුවන්ට සාධාරණේ ඉෂ්ඨ කරනවා කියලා සෙලින්කෝ ගෘප් එකම විකුණගන කෑවා. මේකත් විනාශකරලා යටිමඩි ගහගෙන යයි.
40000000/600000=66.67 එක තැන්පත් කරුවෙක් රුපියල් 66.67 ද තැන්පත් කරලා තියන්නේ.
යාන්තම් ඇති බමුණුට දැන් දැන් තේරෙන්න පටන් අරගෙන වගේ
මහජනතාවගේ මුදල් තැන්පත් වලට සාධාරණයක් ඉෂ්ට කරන්න. දැන් අවුරුද්දක කාලයක් වෙන්න එනවා තාමත් ආයතනය සක්‍රීය වෙලා නෑ. මහබැංකු අධීක්ෂණය යටතේ තිබුණ මෙවැනි ආයතන බංකොලොත් වීම කණගාටුවට කරුණක්.
සක්‍රීය කරන්න නම් පිටතින් රුපියල් බිලියන ගණනක මුදලක් අවශ්‍ය වෙනවා. එම මුදල ලැබෙන්නේ කොහෙන්ද කියලා දැනගන්න කැමතියි.
අර්ථසාධකේට ආයිත් ගහයිද?.