(ඩයනා උදයංගනී)
කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් හඳුනාගැනීමේ සහ එම වෛරසය හා සම්බන්ධ පරීක්ෂණ කටයුතුවල නිරත සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් කමිටුවේ සභාපති රවි කුමුදේශ් මහතා අද (27) පැවසීය.
විශේෂයෙන්ම මෙවන් පරීක්ෂණ කිරීමේදී උසස් තත්ත්වයේ රසායනාගාර අවශ්‍ය බව කී කුමුදේශ් මහතා කොරෝනා වෛරසය අඩංගු රෝගියෙකුගේ රුධිර පරීක්ෂාවක් කළහොත් එම පරීක්ෂාව සිදුකළ ස්ථානයේ අවට වාතය පවා වායුගෝලයට මුදාහැරිය යුත්තේ ආරක්ෂිත තත්ත්ව යටතේ යැයි සඳහන් කළේය.
වෛරසය හඳුනා ගැනීමට අවශ්‍ය තාක්ෂණය වෛද්‍ය පර්යේෂණායතනය සතු වුවත් පවතින ආරක්ෂක උපාංග සම්බන්ධ අඩුපාඩු ඇතැයි කී සභාපතිවරයා ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාද දැනුම්වත් කර ඇතැයි කීවේය.
විශේෂයෙන් නිසි ආරක්ෂක ක්‍රමවේදයන් අහිමි වුවහොත් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින් මෙන්ම හෙද කාර්යමණ්ඩල, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආදී පාර්ශ්වයන්ද අවධානමකට ලක්වන බව හෙතෙම පැවසීය.
කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවේ පැතිරීම වළක්වා ගැනීම වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පත්කර ඇති සෞඛ්‍ය ක්ෂේත්රයේ විශේෂඥයින්ගෙන් සැදුම්ලත් කාර්ය සාධක බලකායට වෛද්‍යවරුන් හැර සෞඛ්‍ය ක්ෂේත්රයේ සෙසු නියෝජිතයින් ඇතුළත් නොවීම අඩුවක් බව කී සභාපතිවරයා එයට සෙසු වෘත්තිකයින්ද ඇතුළත් විය යුතු බව සඳහන් කළේය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අදාළ බලධාරීන්ට උපදෙස් දී ඇතැයි කී කුමුදේශ් මහතා ඊට අවශ්‍ය පියවර කඩිනමින් ගනු ඇතැයි බලාපොරොත්තු වන බව ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝනා මොනවද අනේ? දැන් රජයට තියන ගැටලුව 2/3 ගන්න එක... නැතුව එයාලට විසඳුම් සොයන්න බෑ නොවැ...
කැබිනට් රැස්වීමට ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා ගන්නෙ නෑ. තෝරු මෝරු අස්සෙ ගප්පි රිංගන්නැතුව ඉන්න. පුලුවන්නනම් මේක පෙන්නලා පඩිය වැඩි කරන්න කියයි. එහෙම කට්ටිය මේ.
රිස්ක් අලවන්ස් එකක් ගෙවන්නේ ඒකට තමයි.
ඇයි මේ අන්තිම මොහොතේ? කොමිෂන්ද? මේ කියනවිදියට දැනටමත් එම පරීක්ෂකයින් හා තාක්ෂනවේධීන් විවිධ ආසාදන වලට අනාවෘත වී ඇතිනේද? සෙල්ලම් කරන්නේ අනුන්ගේ ජිවිත එක්ක නේද? වෛද්‍ය වරයා පරීක්ෂණ ආයතනයේ ඉහලම පුටුවක හිටපු අයෙක් දැන් දේශපාලනය කරනවානේද? මෙතෙක් දවස් එයා මොකද කලේ. මෙවැනි අවස්ථා වලට මුහුණදීමට අවශ්‍ය ක්රියාපටිපාටයන් ඒ අයවලුන් දන්නේ නැද්ද? නැතිනම් තනතුරේ පුටුව රත් කරකර තම සැපපහසුකම් ගැන සොයසොයා හිටියා විතරද? මෙවැනි ප්‍රශ්න රාශියකට පිළිතුරු දෙස්පාලුවාගෙන්ම අසා දැනගත යුතු කාරනා නොවේද?
සාත්තු කරන්න ඉන්න අය ආරක්ෂා කරගතයුතුයි සැමට කලින්
මේ අවස්ථාවේ රෝගීන් ප්‍රතිකාරය සදහා ඉදිරිපත් වීමත් ලොකු දෙයක් මේ අයට උපරිම ආරක්ෂාව සහ පහසුකම් සලසා දීම කල යුතුය.
මේ ඔක්කොම දන්නා කෙනෙක්නෙ ලේකම් එයාට කියන්න. පටස් ගාලා විසඳයි නැත්නම් වර්ජන කරයි.
අර සමන් රත්නප්‍රිය ගෙන් අහලා බැලුවා නම් හොඳයි කොහොමද ආරක්ෂා වෙන්නේ කියලා.
පඩි වැඩි කරගැනීමට නියමිතයි.