නව කොරෝනා වෛරසය ව්‍යාප්තවීමෙන් මේවනවිට චීනයේ වූහාන් නගරය ඇතුළු ලොව පුරා පුද්ගලයන් 4,000ක් පමණ ආසාධිත තත්වයට පත්ව ඇතැයි වාර්තා වේ.
වූහාන් නගරය සහ ඒ අවට පෙදෙස්වලින් 106 දෙනෙකු මියගොස් ඇතැයිද, එම පිරිස අතර බීජිං නුවරදී මිය ගිය පළමුවැන්නා ද සිටින බවද පැවසේ.
සූදු ක්‍රීඩාවේ යෙදෙන අධික සංචාරකයන් ප්‍රමාණයක් රැඳී සිටින, මැකාඕ ප්‍රදේශයෙන් අද ආසාධිතයන් 6ක් වාර්තා වී තිබේ. හොංකොංහි පුද්ගයන් 8දෙනෙකු ආසාධිත තත්වයේ සිටින බවත්, ඔවුන්ගෙන් 6දෙනෙකු චීනය හා සම්බන්ධ වන ශීඝ්‍රගාමී දුම්රිය මගින් පැමිණ තිබූ බවත් පැවසේ.
නව කොරෝනා වෛරසය දැනට ව්‍යාප්ත වී ඇති රටවල් සහ ආසාධිතයන් සංඛ්‍යාව
ඕස්ට්‍රේලියාව - 5
කාම්බෝජය - 1
ජපානය - 4
මැලේසියාව - 4
නේපාලය - 1
සිංගප්පූරුව - 5
දකුණු කොරියාව - 4
ශ්‍රී ලංකාව - 1
තායිවානය - 5
තායිලන්තය - 8
වියට්නාමය - 2
කැනඩාව - 5
ඇමෙරිකාව - 5
ප්‍රංශය - 3
ජර්මනිය - 1
මොවුන්ගෙන් බහුතරය චීනයේ වූහාන් සිට සිය මව්රටවලට පැමිණ ඇති අතර, ඇතැම් අය හුබෙයි පළාතෙන්ද, හෝ චිං මිං නගරයෙන්ද පැමිණ ඇතැයි වාර්තා වේ.
(ඒඑෆ්පී ඇසුරිනි)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ 225 දෙනා චීනයේ ඔය කියන පැත්තට යවන්න බැරිද ? ට්කට් අපිට හදලා දෙන්න පුළුවන්