(ටී.කේ.ජී.කපිල)
චීනයේ අධ්‍යාපනය ලැබීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනෙකු අද (27) සවස කටුනායක ගුවන් තොටුපළ වෙත චීනයට අයත් ගුවන් යානා දෙකකින් පැමිණි බව ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍ය චන්දික බණ්ඩාර වික්‍රමසූරිය මහතා පැවසීය.
අද සවස 5.54 ට චීනයේ කුංමිං සිටත් සවස 6.34 ට චීනයේ ෂැංහයි සිටත් ගුවන් යානා දෙක කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මෙසේ පැමිණි සිසුන් සියලු දෙනාම යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වන බවත් ඔවුන් සියලු දෙනා ඔවුන්ගේ නිවෙස් කරා ගිය බවත් වෛද්‍ය චන්දික මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ නිරෝධායන ක්‍රියා සිදුවෙලා නැහැ! දින 14 ක් යනකම් සමහරෙකුගේ රෝග ලක්ෂණ නොපෙන්වන බව නම් මම ප්‍රවෘති වලින් ඇහැවා.
ඒ කියන්නේ නිරෝධායන ක්‍රියා සිදුවෙලා නැහැ! දින 14 ක් යනකම් සමහරෙකුගේ රෝග ලක්ෂණ නොපෙන්වන බව නම් මම ප්‍රවෘති වලින් ඇහැවා.
ඒ කියන්නේ නිරෝධායන ක්‍රියා සිදුවෙලා නැහැ. දින 14 ක් යනකම් සමහරෙකුගේ රෝග ලක්ෂණ නොපෙන්වන බව නම් මම ප්රවෘත්ති වලින් ඇහුවා.
ඇයි ඒ අයව ගෙදර යැව්වේ. මේ වෛරස මාස 2 කටත් වැඩිය කාලයක් ශරීරයේ අක්‍රීයව තියෙනවාලු.
මෙම රෝගයේ රෝග ලක්ශණ මතුවීමට දින 14 පමන කාලයක් ගතවෙනවලු. මොවුන් එක වරම නිවෙස් වලට යැවීම භයානකයි නේද?
දැන් මේ දේ කාටද අනුමත කරන්න පුළුවන්. මේක පට්ට වැරදි වැඩක්නේ. මේ ළමයින්ගේ දෙමව්පියන් මොනවා කිව්වත් එක් වරම ඒ අය ඇයි ගෙදර යැව්වේ ? අනිවාර්යෙන්ම මෙයාලාගේ ශරීර තුළ වෛරස් මතු නොවී තියෙන්න පුළුවන්. රටේ සියලු දෙනා අමාරුවේ දාන වැඩක්.
මේ වෛරස එක අසාදනය වූනාට රෝග ලක්ෂණ පෙන්නන්න දවස් 14 ක් විතර යන්න පුළුවන්. මම දැකපු විදියට මේ වෛරස එක රෝග ලක්ෂණ නොපෙන්වන කාලෙත් තවත් කෙනෙකුට හැදෙන්න පුළුවන්. එහෙම තියෙන කොට මේ චීනෙන් ආපු අය ගෙවල් වලට යවපු එක නම් වැරදියි ඒ ගොල්ලෝ දරන 14ක් වත් වෙන් කරලා තියල යැව්වානම් තමයි හොද. චිනේ ඉන්න අපේ ඔක්කොම ලාංකිකයෝ ලංකාවට ගෙන්නන ඕනේ හැබැයි එයාලත් එක්ක ලංකාව වෛරස එක එන එක නවත්වන්න ඕනෙ.
ටික දවසක් ගිහින් ආයෙත් චෙක් කරගත්තොත් හොදයි .මොකද අර ගැහැණු කෙනා ඇවිත් තියෙන්නේ 19 වෙනිදා කේස් එක අහුවුනේ 27
යහපත් සෞඛ්‍ය තත්වයෙන්? කොහොමද කියන්නේ එහෙම එක සැරේම? ඉන්කියුබේෂන් පීරියඩ් ඒක දවස් 14ක් නේද?
මෙය බරපතල අනතුරුදායක විය හැකි සහ ගොන් තීන්දුවකි. ළමයින්ගේ දෙමව්පියන් අතර යම් යම් දේශපාලන සම්බන්ධකම් සහිත මිනිසුන් මෙන්ම සල්ලිකරයන්ද සිටිය හැකි නමුත් මේ සුළු පිරිස ගෙන්වාගෙන නිරෝධායනය නොකර යන්න ඉඩ හැරීම මගින් මේ මිනිසුන් විසින් මුළු මහත් ජාත්යක්ම අඳුරේ හෙලා ඇති බවක් මට හැඟේ. ඔවුන් අපේ ම පිරිසක් බව සැබෑවක් පවතින අවදානම් තත්වය තුල නමුත් බුද්ධිමත්ව කටයුතු කල යුතුය. එහෙත් මේ කුණු දේශපාලකයන්ට නැත්තේද එයයි.
මේ වෙලාවේ චීනෙන් කට්ටිය ගෙන එක සුදුසු නැත. එය රට තුළට රෝගය බලෙන් ගෙන එනවා වැනි දෙයකි. ඔවුන් සමග රෝග බීජ පැමිණියහොත් සමස්ත ජනගහනයටම බලපානු ඇත.
අනේ මෙහෙමත් විහිලු ආණ්ඩුවක්. මේ අයගේ උණ බලලා උණ නැති නිසා ගෙදර යවන්න ඇති. එහෙමම තමයි අර චීන ගැහැණු කෙනාව යවන්න ඇත්තෙත්. තව ටික දවසකින් කියයි ලංකාව පුරාම වෛරසය බෝවෙලා කියලා. මෙහෙමද භයානක වෛරසයක් පාලනය කරන්නේ? රටේ මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි !
ඇයි දින 14ක් වත් නිරෝධායනය නොකර මේ ළමයි ගෙවල්වලට යැව්වේ.
සමන්ත මහතාගේ අදහස ඉතාමත් වටිනවා. පාලකයෝ ඔය ටික තේරුම් ගන්න තරම් බුද්ධියක් නොමැතිවීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා.
මෙසේ පැමිණි සිසුන් සියලු දෙනාම යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වන බවත් ඔවුන් සියලු දෙනා ඔවුන්ගේ නිවෙස් කරා ගිය බවත් වෛද්‍ය චන්දික මහතා කියයි , පුදුම වැඩකාරයෙක්නේ මෙයා , චිනේ වෛද්‍යවරුන්ටත් බැරිවුණා දින 14ක් යනකම් මේක අදුනගන්න , නමුත් ලංකාවේ 1 පැයෙන් කළා.
සෞඛ්‍යය ආරක්ෂාව ගැන කියපුව අමතක වෙලාද? මේ ළමයි කෙලින්ම ගෙදර යැව්වේ මොකද? ගෙදර යන්න කලින් දින 14 ක් වත් පොදු තැනක රඳවා පරීක්ෂා කල නම් නේද හොඳ? රෝගය පැතුරුනොත් මේ ළමයින් නිසා විය හැකිය