(ඉන්දිකා රාමනායක)
පාස්කු ප‍්‍රහාරයෙන් පසු හමුදාව විසින් දෙහිවලදී අත්අඩංගුවට ගෙන සිටි ත‍්‍රස්තවාදී සැකකරුවකු සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා අවස්ථා දෙකකදී හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතාට ඇමැතුම් ලබා දී බලපෑම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර ඇති පරීක්ෂණයට විශ‍්‍රාමික හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා විදේශගත වී සිටීම හේතුවෙන් බාධා එල්ලවී ඇතැයි පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් මහේෂ් සේනානායක මහතාගෙන් ප‍්‍රකාශය ලබා ගැනීමට ඒ මහතාගේ නිවසට ගිය අවස්ථාවේ ජනාධිපතිවරණයෙන් පසුව ඒ මහතා සිය පවුල සමඟ විදේශ ගත වී ඇති බවට හෙළි වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මහේෂ් සේනානායක මහතා යළිත් මෙරටට පැමිණෙන දින වකවානු නොදන්නා හෙයින් පරීක්ෂණ අතර මග නැවතී ඇති බවද එම උසස් පොලිස් නිලධාරියා කියා සිටියේය.
පාස්කු ප‍්‍රහාරයෙන් පසුදින දෙහිවලදී යුද හමුදාව විසින් අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා හමුදාපතිවරයාට බලපෑමක් සිදුකර ඇති ද යන්න සොයා බැලීම සදහා මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ත‍්‍රස්තවාදී සැකකරුවකු සම්බන්ධයෙන් දුරකතන ඇමැතුම් ලබා දෙමින් රිෂාඩ් බදියුදීන් මහතා රජයේ නිලධාරියකුට බලපෑම් කළේද යන්න පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන ලෙසට ඉල්ලා සත්‍ය ගවේශකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ පේ‍්‍රමනාත් දොලවත්ත මහතා විසින් එවකට පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ලක් අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
වැඩබලන පොලිස්පති සී.ඩී වික‍්‍රමරත්න මහතා විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට පවරා තිබිණි.
මේ සම්බන්ධයෙන් ඉදිරියේ නීතිඥ පේ‍්‍රමනාත් දොලවත්ත, හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, හිටපු හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක යන මහත්වරුන්ගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබුණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර සිද්ධිය සම්බන්ධයෙන් මහේෂ් සේනානායක මහතා මාධ්‍ය හමුවකදී කළ ප‍්‍රකාශ ඇතුළත් විද්‍යුත් නාලිකා කිහිපයක ප‍්‍රචාරය වූ වීඩියෝ පට පොලිසිය බාරයට ගත් බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉන්ටනෙට් බලලා එයාව හොයනවා කියලා දැනගනියි.
මෙයත් පවුල සමග රට ගිහින් නම් ආයෙත් එන එකක් නැහැ. වැරද්දක් කරලා නැත්නම් හැංගෙන්න ඕනත් නැහැ.
පොලිසිය දන්නේ නැද්ද වයිබර්, වට්ස්ඇප් වගේ තාක්ෂණයෙන් දුරස්ථ සාකච්ඡා පුළුවන් බව.
පරීක්ෂන වලට සහය නැතිනම් පැන්ෂන් එක නවත්වන්න.
මෙයාගේ කෙරුවාව තේරුම් ගන්න අපහසු නැත. මොහුට ඇයි රටින් පිටවීමට ඉඩ දුන්නේ. දැන්නම් ජනතාව විසින්ම ද්‍රෝහීන්ට දඬුවම් දීම කල යුතුය.
මේවා නොකෙරෙන වැඩ. මීට වඩා මිනිසුන්ට අද ප්‍රශ්න තිබෙනවා.
මොන බොරුවක්ද? දෙපාරක්ම ඇවිල්ල සාක්කි දීල ගියේ. තවත් ආයේ මොනවා කියන්නද? කියල තියෙන ටික හොඳටම ඇති පරීක්ෂණයක් කරනවා නම්.
වගකියමු වගවෙමු කියා කියා ජනපතිවරනෙට ආපු මිනිහ පැදුරටත් නොකියා පවුල පිටින් ඩුබායි ගියා. මරු වගවීම , කියක් ලැබුනද දන්නේ නැහැ පරීක්ෂණ කඩාකප්පල් වෙන විදියට පැනල ඩුබායි යන්න, අපේ ගරු ගස්කපන ඇමති තුමාව බේරාගැනීමට
එස් එෆ් ට උන දේ හීනෙන් පෙන්න ඇති.
අහවලා සහ ඔහුගේ කට්ටිය කියනවා ඇති අපි ඔබට මෙපමණ ගෙවන්නම් සාක්ෂි දෙන්න එන්න එපා කියලා...