(ඩයනා උදයංගනී )

නව කොරෝනා වෛරසය  ආසාධිතයින් බවට සැකකරන්නන් රැඳවීමට තව රෝහල් 11ක් නම් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

ඒ අනුව දැනට ඒ සඳහා වෙන්කර ඇති අංගොඩ අයි.ඩී.එච් රෝහලට අමතරව රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහල, ගම්පහ මූලික රෝහල, මහනුවර ජාතික රෝහල, මීගමුව රෝහල, කරාපිටිය, අනුරාධපුර, යාපනය, කුරුණෑගල, මඩකලපුව ශික්ෂණ රෝහල් සහ රත්නපුර, බදුල්ල පළාත් රෝහල් නම් කර ඇතැයි අනිල් ජාසිංහ මහතා සදහන් කළේය.

 සැකකටයුතු රෝගීන් පමණක් මෙම රෝහල් වෙත යොමු කරන අතර රෝගීන් බවට තහවුරු කරගන්නා අය අයි.ඩී.එච් රෝහලට පමණක් යොමු කරන බවද හෙතෙම පැවසීය. ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.