(නාලක සංජීව දහනායක)
ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් කිරීමට යෝජිත එම්.සී.සී ගිවිසුම සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට එම ගිවිසුම අධ්‍යයනය කිරීමට පත්කළ විද්වත් කමිටුව තීරණය කර තිබේ.
යෝජිත එම්.සී.සී ගිවිසුම සම්බන්ධව මෙන්ම එහි අන්තර්ගතය සහ ගිවිසුම අත්සන් කිරීමෙන් රටට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව ඕනෑම ආයතනයක, පුද්ගලයකුට හෝ සංගමයකට තම අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව මේ අනුව හිමිවනු ඇත.
ඒ අනුව ලබන මස 15 වැනිදාට පෙර ‘සභාපති, එම්.සී.සී ගිවිසුම අධ්‍යයනය සඳහා වූ කමිටුව, නෙළුම් පියස, අරලියගහ මන්දිරය, කොළඹ-03’ යන ලිපිනයට තැපැල් මාර්ගයෙන් හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට අදහස් හා යෝජනා ඉදිරිපත් කරන ලෙසට එම කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
එම අදහස් හා යෝජනා සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විමසිය යුතු යැයි තීරණය කළහොත් කමිටුව ඉදිරියේ වැඩිදුරටත් අදහස් දැක්වීමේ අවස්ථාව ලබාදීමට ද තීරණය කර ඇත.
එබැවින් අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමේදී සම්බන්ධ කරගත හැකි දුරකථන අංක, විද්‍යුත් ලිපිනයන් ද සඳහන් කරන ලෙස විද්වත් කමිටුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකන්කාරයා මොකකට අත ගැහුවත් ඒ අය ගැන විතරයි බලන්නේ. හිතනවද අපිට ආදරේට කියලා .මම නම් ඇමරිකාව සම්බන්ධ කිසිදෙයකට කැමති නෑ.
මෝඩයිනේ...69 ලක්ෂයක් වහල්ලු රැවටිලා මේ ආණ්ඩුවට ඡන්දේ දැම්මේ ඔය" මරාලය " අවලංගු කරන බව කිව නිසානේ. ඒ බව හිතාගන්නවත් බැරි මොඩයින්ද මේ වාර්තාව සකස් කරන්නේ ?
අපෙන් අදහස් ගන්න අපි මොනවද දන්නා ගිවිසුමේ අඩංගු දේ ගැන...
ආයේ අලුතින් මොකටද? පහුගිය කාලේ මුළුරටම මේකට විරුද්ධත්වය පල කළා. අද බකතපස් රකින ගිහිපැවිදි හොර දේශප්‍රේමියෝ ඔක්කොම මේ ගිවිසුමට විරුද්ධව කතා කළා. රන්ජන්ගේ අශීලාචාර හඬපට ගැන තියෙන උනන්දුවවත් තමන්ගේ මව්බිම ගැන දැන් නැහැ. මේක මේ ගිවිසුම් අත්සන් කරන්න පසුබිම හදන ප්‍රෝඩාවක්. සිංහල බෞද්ධයින් එකමුතු වෙලා වහල් ආණ්ඩුව පලවා හරින්න තිබ්බ ආසන්නම හේතුව එම්සීසී සහ සෝෆා ගිවිසුම් අත්සන් කිරීම නතර කිරීම. සිංහල බෞද්ධ ඡන්ද වලින් බලයට ඇවිල්ලා දැන් රනිල්වත් අත්සන් නොකරපු ගිවිසුම් අත්සන් කරන්න යනවා. දැනගත්ත හැටියට මේ පෙබරවාරි මාසේ ඇමරිකන් ජනාධිපති ලංකාවට එනවා. ඒ එන්නේ එම්සීසී, සෝෆා සහ ඒසීඑස්ඒ ගිවිසුම් තුනම අත්සන් කරන්න. ඇලිස් වෙල්ස් ගෙනාපු ලියුම හැංගුවා. රනිල් එම්සීසී අත්සන් කරන්න ගේන්න හැදුවේ ඇමරිකන් රාජ්‍ය ලේකම්... පොහොට්ටුවේ නිර්මාතෘ හිතනවා තමන් ඊට වඩා වැඩ්ඩෙක් කියලා පෙන්වන්න ඇමරිකන් ජනාධිපති ගේන්න. පැහැදිලිවම රටේ ජනාධිපති අත්සන් කරන රට පාවාදෙන ගිවිසුම උඩරට ගිවිසුමට එහා... ඉදිරියේ එන ඕනෑම දවසක ප්‍රභූ මරණයක් වෙන්න ඉඩ තියෙනවා. ඒ තමයි 2015 ඉඳන් අගමැති වෙන්න බලා හිටපු ද්‍රෝහියෙක් ලංකාව පාවා දුන්නට ඇමරිකාව දෙන තෑග්ග....
ඡන්දෙට කලින් "අපි බලයට ආ වහාම ඔය ගිවිසුම කුණු කූඩේට දානවා" කියලා නේද දේශපාලන වේදිකාවක කීවේ? ඡන්දෙ දුන්නේ ඒ වැඩේ කරයි කියලා හිතාගෙන නේ ඉතින් දැන් මොනවටද අදහස් විමසන්නේ?
අපිට පෙන්නන එකටමද අත්සන් කරන්නේ? අත්සන් කරන්නේ ජනාධිපතිතුමානේ... සමහර වෙලාවට අත්සන් කරන්න මොහොතකට පෙර අලුත් ඒවා එකතු කරන්න ඉඩ තියෙනවා. නිලධාරියෙකුට ඩොලර් ටිකක් දෙනඑක විතරයි කරන්න තියෙන්නේ...
ඇමෙරිකාව මැද පෙරදිග රටවල පැළපදියම් වී හැසිරෙන ආකාරය දුටුවොත්, මා සිතන්නේ නැහැ. මෙය නුවණට හුරු ගිවිසුමක් යයි කියා...
කරුණාකර අදාල ගිවිසුම, කෙටුම්පත ජනතාවට දැනුම් දෙන්න. නැත්තම් ජනතාව අදාල ගිවිසුමේ කරුණු කරන හරිහැටි නොදැන කොහොමද මතයක් පලකරන්නේ...?
මහජනතාවට මෙය කියවීමට ඇති මාර්ගය කුමක්ද? මේ සඳහා දෙනු ලබන කාලය ඇතිද? මේ විශ්ව විද්‍යාලවලට යොමු කරන්න අදහස් දැනගන්න. මේ ගිවිසුම ගැඹුරින් හදාරන ලද විමල්, ගම්මන්පිල, ජේවීපී රූපවාහිනී විවාදයකට කැඳවා මහජනතාව දැනුවත් කරන්න.. ඒ වගේම මෙය අත්සන් කිරීමට බලපොරොත්තු වෙන අයත් ඇතුළත් කළ යුතුයි. භෞතික විද්‍යා ටියුෂන් ගුරුවරුත් රුපවාහිනී මගින් ජනතාව දැනුවත් කර රියලිටි වැඩසටහන වගේ ඡන්ද විමසීමක් කළ හැකිය. 69 ලක්ෂයක් ඡන්ද තියෙනවනේ.. මේ ආර්ථික අමාරුවේ රුපියල් පහ ගානේ ජනතාවගෙන්ම කපාගෙන ණයක් හරි පියවන්න පුළුවන්.
ඡන්දෙට කලින් නම් කිව්වේ මේ ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියලා. දැන් කියනවා සියයට 70ක් හොඳයිලු. ආයිත් අද කියනවා මහජන අදහස්ලු. මහජන අදහස් ඉදිරිපත් කරන්න නම්, ඔය ගිවිසුම මහජනයාට හංගන්න නැතුව විවෘත කරන්න ඕනේ...
ඈ ! දැන් ටික දවසකට ඉස්සෙල්ලා වන්සලා එහෙම කිව්වේ මේක රටට අහිතකරයි, අපි විරුද්ධයි කියලා නේද? නාටකයක් රඟ දක්වලා වගේ. අපි නම් ඉතින් ප්රේක්ෂකයින්නේ හැමදාමත්... හැංගිලා වෙස්මුහුණු බැන්දත් රඟපාන්න ඕනේ එළිපිටනේද?
MCC හොඳ නැති බව රජයේ මැති ඇමැතිවරුද, ගරුතර සංඝයා වහන්සේද, වියත්තුද, ප්‍රකාශ කළ අතර, 69 ලක්ෂයක් වූ බහුතරයද ඒ බව තහවුරු කළ පසු, තව මොන අදහස් විමසීම්ද? මොන සෙල්ලමකටද මේ සැරසෙන්නේ?
එනකොට කිව්වේ ඕක අත්සන් කරන්නේ නෑ විසිකරනවා කියලනේ. එහෙව් එකේ මොකටද කමිටු දාගෙන ඔය විකාර කරන්නේ...
මොන බම්බුවටකට මහජන අදහස් විමසනවාද? ඕවා ගේන්න එපා කියලා තමයි ඡන්දෙ දුන්නේ මහජනතාව... මෙයාලා කිව්වේ කොහොමද ඡන්දෙට ඉස්සර අර කොහෙද මන්දා කොරිඩෝ හදනවා කිව්වා. දැන් ආයේ මේවා ගැන තව මොන කතාද? ඉරලා විසි කරනවා මිසක්....
කරුණාකර තවත්, මෙතන ඔය ගැන කයිය ගහන අය ඔබේ අදහස් කෙලින්ම දී ඇති විද්‍යුත් ලිපිනයට ඉදිරිපත් කරන්න. කුණු කුඩේට දාන්න ආපු අයනේ මේ...
උඩුදුම්බර කාශ්‍යප හිමියනි, කරුණාකර මෙම අවස්ථාව භාවිතා කරන්න. ඔබ වහන්සේට ගොඩක් පින්...
දැන් ජනතාව කියන දේද අහන්නේ..? හරි අසරණයි කට්ටියම ඇල්වතුරත් නිමලද බොන්නේ? කොහොමත් ගිහි පැවිදි කට්ටිය උපවාසය පටන් ගනියි. මහින්ද පෝලිමේ ඉඳියි. තැඹිලි වතුර පොවන්න ඒ කට්ටියට මට තියෙන ප්‍රශ්නේ ලැබෙන මුදල්..., මේ මුදල්.... ජනාධිපති ඇතුළු කිසිවකුට මේවට අතතැබීම තහනම් රජයේ ගිණුමකට බරවෙන්න ඕනෑ. හැම මාසයම පොලී අනුපාතයත් සමග ජනතාවට දැනුම් දෙන්න ඕනෑ. මුදල් අරක්ෂාකාරීව තිබෙන බවට 225... මුදල් වලින් ඈත්වෙන්න ඕනෑ. වැඩියෙන්ම බලය අරගත්තේ මේ ගිවිසුමට ලැබෙන අධික මුදල් ප්‍රමාණය නිසා... මේ මුදල් හොරා කෑවොත් ඒ ලොක්කා හිරේට දමන බව... ප්‍රසිද්ධියේ සහතික වෙන්න ඕනෑ. අනුර කුමාර වැනි නායකයෙක් මෙහෙ වගකීම බාර ගන්න ඕනෑ. නැතිනම් අහසේත් මාලිගා හදයි. කුමාරිහාමිලා, පොඩි බේබිලා... මෙය අත්සන් කරන දවසට නායක හාමුදුරුවරු සාක්කියට අත්සන් කළයුතුයි. සියලුම ලිපි සිංහලෙන් පමණයි. මොකද ඉංග්‍රීසි වචනයක ඒ වෙලාව අනුව තේරුම් දෙකක් තියෙනවා. අපේ අයියලා අන්තිමට කියයි මම..
යූටර්න් ජනාධිපති එම්සීසී සෝෆා සහ අලුත් කරන ඒසීඑස්ඒ ගිවිසුම් පෙබරවාරි මාසේ ඇමරිකන් ජනාධිපතිගේ ලංකා සංචාරයේදී අත්සන් කරන බව දැන් හොඳටම පැහැදිලියි. හතේ අපේපොත ගැන කතා කර කර ඉන්න හාමුදුරුවන්ට තේරෙන්නේ නැහැ ඇමරිකන් හමුදා මේ රටේ පාරවල් ගානේ ඉන්න කොට අපේ මුළු සංස්කෘතියටම වෙන්නේ මොකද කියලා. යූටර්න් ජනාධිපති ඇමරිකන් ජනාධිපතිට අපේ රටට එන්න ආරාධනා කරපු එකම ද්‍රෝහිකමක්. ඇමරිකන් ජනාධිපති කියන්නේ ලෝකයේ ශ්‍රේෂ්ඨ ඉතිහාසයන් සහ සංස්කෘති තියෙන ස්වභාවික සම්පත් වලින් අනූන රටවල් විනාශ කරන මෙගැලෝමේනියන්කාරයෙක්. ඇමරිකන්කාරයෝම (ජනාධිපතිවරු) දෙන්නෙක් අත්සන් කරන ගිවිසුමක තියෙන භයානකකම ගැන අලුතින් කියන්න දෙයක් නැහැ. මේ අපේක්ෂකයාම ඉල්ලලා ගිහිපැවිදි හොර දේශප්‍රේමියෝ විලාප තියන කොට මම කිව්වා මොහු හිතේ එකක් තියාගෙන වෙන දෙයක් කියන කෙනෙක්. විශ්වාස කරන්න එපා කියලා. මේ ගිවිසුම් අත්සන් කරන එක ඡන්දෙට කලින්ම තිබ්බ වැඩක්. මොහුට විරුද්ධව "දෝෂාභියෝගයක්" ගෙනැල්ලා රට පාවාදීම නවත්තන්න ඕනේ... රන්ජන්ගේ හඬපට ගෙනාවේ එම්සීසී ගිවිසුම අත්සන් කරන එක ජනතාවගෙන් වහන් කරන්න සහ අධිකරණ විරෝධයක් හදලා තමන්ගේ පිරිස් අධිකරණයට පත් කරන්න.
මැදපෙරදිග රටවල්වලින් භාගයක් ඉවරයි... දැන් ලංකාවට හොම්බ දාන්න හදනවා. ඇමෙරිකන් හමුදාවට ලංකාවට එන්න ඉඩදීම මගින් අපි ලොකු විනාශයක් කරගන්න යන්නේ... සමහරු කියාවි උඹලට තියන කැක්කුම මොකක්ද කියලා අනිවාර්යයෙන් අපිටත් ලංකාව ගැන කැක්කුමක් තියෙනවා.
69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ මේකට විරුද්ධව. පසුගිය ජනාධිපතිවරණෙ ප්‍රධාන සටන් පාඨයක් වුණෙත් මේකනේ... නැවතත් මොකටද නිකරුනේ සල්ලි නාස්ති කරගෙන කමිටු පිහිටුවාගෙන මහජන අදහස් විමසන්නේ...
අපි දන්නවා ගොනා හැරෙන කොට පොල්පැලේට... මොකද වෙන්නේ කියලා? හැබැයි සෙල්ලමේ හොඳම හරිය මහ ඡන්දෙන් පස්සේ..
අලුතින් මහජන අදහස් විමසන්න වුවමනා නැහැ. ජනාධිපතිවරණයේදී ලැබුණු වරම ඇති. කාලේ නාස්ති නොකර ඕක පොරොන්දු පරිදිම ඉරලා දාන්න.
දේශපාලන වේදිකාවේ පවසන සුරංගනා කතා ජීර්ණ කරගෙන සිටින අය නිකමටවත් ඔය MCC ගිවිසුම කියවලා තිබෙනවද? මම මේ ගිවිසුම කියවපු කෙනෙක්. බොහෝ අය කිසිවක් නොදැන එහෙන් මෙහෙන් අහුලා ගෙන ACSA හා SOFA ගිවිසුම් මේ සමග පටලවාගෙනයි ඉන්නේ. පුළුවන් කෙනෙක් සිටිනවා නම්, MCC ගිවිසුමේ රටට අහිතකර කොටස තිබෙන පිටුව හා ජේදය සඳහන් කර සංවාදයකට එන්න. එවිට අපට බුද්ධිමත් සංවාදයක් කළ හැකියි.
බොරුවට මහජන අදහස් විමසනවා කියලා, ඊට පස්සේ මහ ජනතාව කැමති වුණා කියලා ශේප් එකේ අත්සන් කරන්නනේ යන්නේ... අපි දන්නවා හොරවැඩ...
ඡන්දෙට කලින් හොඳනේ කියලා ඡන්ද ටික ගත්ත දෙනා මිනිස්සුන්ගෙන් අහනවා.... අනේ මෙහෙම රටක්...
ඔය කියන මොකක්ද එක ඉරලා කුණුබක්කියට දැම්මේ නැද්ද ?
බොරුවට පල්හෑලි ලියලා කාලය නාස්ති කරන අපේ මහත්තුරු, බද්රානිගේ අභියෝගය හමුවේ, නැට්ට බඩ යට ගහගෙන දෝ කියල හිතුනා. අනුන්ගේ බෙර තාල වලට ඔහේ නටනවට වඩා යම්කිසි හැදෑරීමක් කොට පසුව විෂයට අදාලව කරුණු ගෙනහැර දැක්වීම නේද වටින්නේ ? කරුණු කාරණා ගෙනහැර දැක්වීමට වඩා විසිල් පාරකට රිළා නැටුමක් නටන එක අපේ අයියලාට කොහොමත් පහසුයිනේ. ඔහොම යන්.
"කන්න ඕනෑ වුණාම කබරගොයත් තලගොයා වෙනවලු" එතකොට ඇයි මැතිවරණ කාලේ හලපු පචවලට මොකද වෙන්නේ? ඒ කාලේ අපිට ඇහුුණු විදිහට නම් ඕක ඇමරිකාවට මේ රට පාවාදෙන ගිවිසුමක්නේ... හා නැද්ද කාශ්‍යප හාමුදුරුවනේ...?
අහන්න දෙයක් නෑ. ලක්ෂ 68 ක් මේකට කැමති නෑ. දැන් ඔලු හෝදන්න ගේමක් ගහන්න යන්නේ. මොනම විදියකින් වත් ඇමරිකන්කාරයෝ එපා.
ගෝඨාභය ජනාධිපති වෙත. මට කියන්න තියෙන්නේ මෙපමණයි. ඔබ මේ ගිවිසුම් අත්සන් කලොත් ඔබ ශ්‍රී ලංකාව පාවාදීමේ ලොකුම " පාවාදෙන්නා" වෙනවා. ඒවිතරක් නොවෙයි රට ඇතුලේ මහා ලේ ගංගාවක් ගලාගෙන යාවි.
මේක දැන් මේ කරන්නේ එදා කියපු දේවල්ද ? මෙයාගේ ස්වභාවය කිව්වා බොහොම පැහැදිලිව. කෝ පිළිගත්තේ නැහැනේ. මේ දෙගොල්ලම කරන්නේ කොලේ වහලා ගහන එක. මොනවා කළත් ඒ අයව දාලා යන්නේ නැති වහල්ලු ඉන්න බව ඒ අය දන්නවා. දැන් විල්පත්තු , ෂරිය , සාෆි සේරම ඉවරයි දැන් ඇහැලේපොල වලව්වත් දෙන්න හදනවා මුස්ලිම් ඉස්කෝලෙකට. කොහොමද කෙරුවාව? ඉතින් එම්.සී.සී ගැන කුමන කතාද රටේ ජනතා ධනය හොරකම් කරපු අයගෙන් මොනවා බලාපොරොත්තු වෙන්නද ? ඇමරිකන් කාරයෝ දන්නවා අනාගතයේදී ලෝකයේ වටිනාම සම්පත වෙන්නේ මිනිරන් අපේ මිනිරන් නිදිය සහ අනෙකුත් ඛනිජ සම්පත මංකොල්ල කන්න කරන ආයෝජනයක් ඕක. අපිට ගොඩ එන්න තියෙන එකම සම්පත් ටික ඕක. මේ දෙගොල්ල කවදාවත් ඔය සම්පත් රටේ ජනතාවට ප්රතිලාභ ගෙනත් දෙන්නේ නැහැ. ක්‍රමය වෙනස් කර රට බේර ගන්නම ඕන.
එම්සීසී එපා. මහජනතාවගේ කැමැත්ත ඕනෙනම් ජනමත විචාරණයක් තිබ්බනම් හරි.
අපි ඡන්දය දුන්නේ මේ ගිවිසුම අත්සන් කරනවට විරුද්ධ නිසයි, ඇයි? නැවත අපෙන් අසන්නේ. අපි කැමති නැහැ.
ඡන්දෙට කලින් කිවුවේ මේ ගිවිසුම අත්සන් කරන්නේ නැහැ කියා නේද ? අපිට මේ ගිවිසුම එපා .
මේ මිලියන 480 එපා . මේ ගිවිසුමත් එපා අපේ දුප්පත් කම අපිට හොදයි
අපේ රට ඇමරිකන් කොලනියක් කරන්න එපා
අපි ඡන්දය දුන්නේ අපේ රට දෙකට බෙදන්න නොවේ
අපි ඉගුරු දීල මිරිස් අරගත්තා වැඩේ වැඩක් ද ? කරගෙන තියන්නේ ,
ඉතා හොඳ ගිවිසුමක්. ගරු ජනාධිපති තුමනි, මෙය ඉතා ඉක්මනින් අත්සන් කරන්න.
එම්සීසී ගිවිසුම ගැන තව දුරටත් විමසන්න දෙයක් නැත. මෙය රටට අහිතකර බව දන්නා නිසයි ගෝඨාභයට ඡන්දය දුන්නේ. දැන් කරුණු සොයමින් අතපත ගාන්න දෙයක් නැහැ. කොහොමත් ඇමෙරිකාව කියන්නේ රටවල් විනාශ කරන රටක්. යු,එන්.පී. උන් ජේ.වී.පී. අය ඇතුළු කට්ටිය නම් කොහොමත් එම්සීසී කට්ටිය තමයි ඒ නිසා දැන් ගෝඨාභයට මේ ගිවිසුම ඉවත් කරන එක තමයි තියෙන්නේ. රටට ආදරයක් ඇත්නම් ජනතාව එම්සීසී ගිවිසුමට එරෙහිව පාරට බැසිය යුතුය.
බැඳලා තිබ්බ බල්ලෝ ලිහල දැම්ම එකේ විපාකේ බණ්ඩාරනායක මහත්තය ගෙව්වා කියලා සර් ජෝන් කොතලාවල කියලා තිබ්බ කියලා අපි අහලා තියෙනවා. ඒ කතාවේ තේරුම බලපුවම දැනුත් වෙන්නේ ඒකම තමා.
මතය විමසන්නේ..? ලක්ෂ 69ක බහුතරයක් මේකට විරුද්ධ වෙලා ඉවරයි නේද
අපි රටේ නායකයෝ කියල කියන අයව කොහොම විශ්වාස කරන්නද ? ගිවිසුම ජනතාවට පටවන්න නොවෙයි 69 ලක්ෂයක් ඡන්දය දුන්නේ. ගිවිසුම අයින් කරලා දන්නා බැරිද ? අපේ උරුමයන් වසර පහකට පත් වෙලා එන අයට විනාශ කරන්න අයිතියක් නැහැ. කලින් ආණ්ඩුවට දේශ ද්‍රෝහී කියමින් බෙරිහන් දුන්නු විමල් වීරවංශ දැන් කෝ ? වැටත් නියරත් ගොයම කා නම් කාට පවසමි මේ දුකා. කරදර , දුප්පත් කමින් පීඩා විදින ජනතාවකට ගිවිසුම් කියවන්න කාලයක් කොහින්ද ? මේ විදියට නම් දේවල් සිදු වන්නේ අපේ රටට නායකයෝ කියන අය කුමකටද ? කොහොමටත් අන්තිමට ජනතාව රැවටිලා. රටට ආදරය කරන අය දේශපාලකයෝ නොවේ.
පුදුම විහිලුකාර ආණ්ඩුවක් මේක. සතියෙන් සතිය ජනතාවට විහිලු සපයමින් ඉන්නවා.
මේ මොන විකාරයක්ද? අපේ දරුවන්ට රටක් ඉතුරු කරන්නයි කියලා අපි ඡන්දෙ දුන්නේ එම්සීසී එකේ තියෙන බරපතල කම ඔයාල වේදිකාවේ බෙරිහන් දීලා කියපු නිසානේ.
පළවෙනියට මහා ජනතාවට මේ ගිවිසුමේ සම්පුර්ණ පිටපතක් පැහැදිලිව ඉදිරිපත් කරන්න. මොකුත් නොදන්නා අයගෙන් " අනේ මේක හොදයි ද ?" කියල අහන්න තරමට රජයක් මුග්ධ වෙන්න බැහැනේ. අනිත් එක ඇයි මේ දැන් පිදුරු ගස් හොයන්නේ එල්ලෙන්න ? මහා ඝෝෂාවක් දාගෙන නේද ආවේ ඡන්දෙ කාලේ මේ ගිවිසුම කරන්න දෙන්නේ නැහැ කියලා ? දැන් මොකෝ මේ මනාප ඉල්ලගෙන වැදගෙන එන්නේ ? ඡන්දෙ දුන්නු අයගෙන් මම මේ අහන්නේ. ඔබට සතුටුයිද දැන් ?
රන්ජාගෙ හඩ පට අල්ලගෙන දගලන අයට තාම බැරි වුනා මේ ගිවිසුම ගැන හරි අදහසක් මහ ජනයාට දෙන්න.
ගෝඨාභය සිටියානම් අප්‍රේල් මාසේ ත්‍රස්තවාදී ප්‍රහාර කවමදාවත් සිද්වෙන්නේ නැහැ කියලා නැවත ත්රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කරයි කියලා නේද ජනාධිපති හැටියට පත් කලේ. ඔය එම්සීසී කියන එකට බයේ නොවේ නේද. ඔයගොල්ලන් මොනවා කිව්වත් ඒ මුදල් ගන්නවා.