( තිළිණි ද සිල්වා)
කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ගතවු දෙදින චීනයේ රැදි සිටින ශ්‍රී ලාංකික සිසුන් 204 දෙනෙකු යළි මෙරටට පැමිණි බව විදේශ සබදතා අමාත්‍යාංශය සදහන් කරයි.
චීනටේ බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහ ශ්‍රී ලංකන් ගුවන්සේවයේ මැදිහත් වීම මත මෙම පිරිස එරටින් පිටත් කර යැවු බව එම අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීයෙක් පැවසීය.
අද (28) සහ හෙට(29) යන දිනවල දී තවත් සිසුන් පිරිසක් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බවයි.
මේ වනවිට ලාංකික සිසුන් 860 ක් චීනය පුරා උසස් අධ්‍යාපනය කටයුතු වල නිරත වූ අතර එම පිරිසෙන් යටත් පිරිස මෙරටට පැමිණ ඇත .මේ අතර චීනයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් පනස් දෙනෙකු පමණ ඊයේ(27) දිනයේ දිවයිනට පැමිණියේය.
චයිනා ඊස්ටන් ගුවන්සේවයට අයත් ගුවන් යානා දෙකකින් මෙම සිසුන් පිරිස දිවයිනට පැමිණ ඇති අතර අද දිනයේත් තවත් පිරිසක් දිවයිනට පැමිණීමට නියමිතව ඇති අතර ඊයේ දිනයේ පැමිණි සියලු සිසුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින්නේ යැයිද සිදුකළ මුලීක පරීක්ෂණවලින් අනාවරණය වූ බවද විදේශ සබඳතා අමාත්‍යාංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් යහපත් කියලා එක පාරටම පොදු ස්ථානවලට අත හරින්නද යන්නේ ? වෛරස සුමාන දෙකක් ඇඟේ තිබෙනවාලු. මේ උදවියගේ වටිනා ලියකියවිලි ඇරෙන්න අනෙක් සියලුම ගමන් මලු භාණ්ඩ ගුවන් තොටේදීම පුළුස්සා විනාශ කල යුතුයි.
රටේ අධ්‍යාපනයට මෙච්චර ඉඩ තියෙද්දී ඒරොප්පේ ගිහින් ඉගෙන ගන්න එක දැන් විලාසිතාවක් වෙලා. එත් මේ වගේ වෙලාවට හිතෙන්නේ නැතිද මේ විකාර නවතා දමන්න ඕනේ කියලා. රටේ සල්ලි ඔක්කොම විදෙස් රටවලට ඇදිලා යනවා මදිවට සමහර විදෙස් විශ්ව විද්‍යාල අපේ රටේ ඒවටත් අන්ත තැන්. ඉගෙන ගෙන අපේ රටේ ඉන්නෙත් නැති මේ වගේ අයට මොන කරුමෙකටද අපේ කාන්තාවෝ මැද පෙරදිග ගිහින් දුක් මහන්සියෙන් සොයන විදෙස් විනිමය වියදම් කරන්නේ. ඒ මදිවට මේ වගේ වෙලාවල රටෙන් සහන දීලා ගෙන්වා ගන්නත් ඕනේ. කව්ද යන්න කිව්වේ ?
කිසියම් හෝ හේතුවක් මත ඔවුන් කොන් කළ යුතු නැත. ඔවුන්ව හොද හැටි පරික්ෂාකර සමාජයට මුදා හැරිය යුතුයි. ඔබ සියලු දෙනාට දෙවි පිහිටයි.
රටේ උසස් අධ්‍යාපන පහසුකම් ප්‍රමාණවත් නැති නිසා නේ මුදල් විදම් කරලා හෝ පිටරට උසස් අධ්‍යාපනය ලබාගන්නේ. එසේ අධ්‍යාපනය ලබන සැමටම ලංකාවේ රැකියාවල් ලැබෙන්නෙත් නැහැ. ඉතින් පිට රට ගිහින් එවැනි අය රැකියාවල් කරන එක කොතරම් හොඳද? සමහර විට රැකියාවලින් ලැබෙන අදායම් වලින් කොටසක් ලංකාවට එවන්නත් පුළුවන්. දුෂ්කර තත්වයකට මුහුණදුන් ලංකික සිසුන් රජය මැදිහත් වී රජයේ වියදමින් හෝ ලංකාවට ගෙන්වා ගැනීම ඉතා හොඳ වැඩපිළිවෙලකි. ගෙන්වා නොගැනීම නිසා කීප දෙනෙකුට හෝ රෝගය වැළඳුනොත් ඇතිවන ප්‍රතිඵල ඊට වඩා භයානක වියහැක.
අනේ ඇත්තට චීනයේ සිට පැමිණි උදවිය එකපාරට මහජනයා ගැවසෙන තැන් වලට යවන්න එපා කිව්වම විරුද්ධ අයත් ඉන්නවානේ. ඔන්න ඔක්කොම සැකසහිත රෝග වාහකයන් ඒ උදවියගේ ගෙදරට ගෙනිහිල්ලා දමන්න. බලාගන්නේ නැතැයි!
හැමෝටම නොමිලේ උසස් අධ්‍යාපනය නොලැබෙන නිසාත් , සමහර පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රමිතිය පහල නිසාත් තමයි තරුණ ළමයින් පිටරට ගිහින් හරි ඉගෙන ගන්නේ. අනෙක ඔස්ට්‍රේලියාව එංගලන්තය වගේ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් පත්තරේ ප්‍රසිද්ධ නොකර විදේශ විනිමය එවනවා. සමාජ සත්කාර මෙහෙවරේ නිහඬව යෙදෙනවා. ඒ නිසා රටට බරක් නොවී රැකියාවක් කරන්න , වැඩිදුර ඉගෙන ගන්න ගිය උදවිය රටේ සල්ලි , හදිසි ආපදාවකදී කොල්ල කනවා කියා සිතන්න එපා. මේ ළමයින් නගරයේ ගමේ බෝක්කු කඩපිල් ගානේ රස්තියාදු වෙමින් හෝ ආණ්ඩුවේ රැකියාවෙන් හරි හමන් වැඩක් නොකර පින් පඩි ගත්තා නම් ඔහොම කිව්වාට කමක් නැහැ.
මේ පිරිස ගුවන් ගමන් බලපත්‍ර සඳහා දෙගුණයක තරම් මුදලක් අතින් වියදම් කළා කියල ආපසු පැමිණි සමහරු කියන බව දැක්කේ නැද්ද ?