(රංජිත් රාජපක්ෂ)
හැටන් දික්ඔය නගර සභාව සතු තානායම අද(28) අලුයම හටගත් ගින්නකින් විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.
පැතිර යමින් තිබු ගින්න හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරින් සහ හැටන් පොලිසියේ නිලධාරින් එක් ව පාලනය කිරීමට සමත් වී ඇත.
නගර සභාවට අයත් නාගරික සංවර්ධන අධිකාරි කාර්යයාලය යටතේ පාලනය වන හැටන් මල්ලිඅප්පපුව ප්‍රදේශයේ පිහිටි මෙම තානායම කාලයක් තිස්සේ වසා දමා තිබූ බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති සඩයන් බාලචන්ද්‍රන් මහතා කියා සිටියේය.
තනායමට විදුලි බලයද විසන්ධි කර තිබෙන අවස්ථාවේ එහි ගින්නක් ඇතිවීම සැකසහිත බවද පරීක්ෂණ පවත්වන හැටන් පොලිසිය පැවසීය.
ගින්නෙන් තානායම තුළ වූ ගෘහ භාණ්ඩ කිහිපයක්ද විනාශ වී ඇති අතර අලාභය මෙතෙක් තක්සේරු කර නොමැත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිස් කාක්කන්ගේ වැඩක්ද කොහෙද? පාවිච්චි කරන්නෙත් නැහැ. විදුලියත් විසන්දියි. ගින්න? ගින්න පටන්ගත්තු තැන හොයාගන්න පුළුවන්නේ? එතනින් එහාට පසුපස කතාව නිකම්ම ගොඩ නැගේවි.
පාවිච්චි නොකරන ගොඩනැගිල්ලක් නිසා මෙහි ගබඩා කර තිබුනේ විගණන විමසුම්වලට අදාළ ලිපිගොනු, කොන්ත්රාත්වලට අදාළ ගිවිසුම් වැනි ඉවතලන කඩදාසි විය හැකිය.