( +++ සුජිත් හේවාජුලිගේ)
හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ හඬ සසැඳීම සඳහා අවශ්‍ය කෙරෙන හඬපටය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඊයේ (27) වනතුරුත් ලැබී නොතිබිණ.
හඬ සසැඳීමේ කටයුතු සඳහා රන්ජන් රාමනායක මහතාගේ කටහඬ ඇතුළත් හඬපටයක් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඉකුත්දා බාරදෙනු ලැබූ නමුත්, ඒ හඬපටයේ හඬ අපැහැදිලි තත්ත්වයේ පැවතීම නිසා එය එම කොට්ඨාසයට නැවතත් බාර දී තිබිණ.
හඬපටය නැවත මෙසේ බාර දී තිබුණේ හඬ සසැඳීම සඳහා වෙනත් පැහැදිලි හඬපටයක් ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමිනි. එහෙත් මේ දක්වා ඒ හඬපටය ඉදිරිපත් කර නැතැයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවැසීය.
මේ අතර තැටිගත කිරීමේ කටයුතු සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට එවා තිබූ රන්ජන් රාමනායක මහතාගේ හඬපට තැටිගත කිරීම මේ දිනවල කරගෙන යන අතර, එම තැටිගත කිරීම් අවසන් කිරීමට තව සති දෙකක්වත් ගත වනු ඇතැයි එම දෙපාර්තමේන්තු ආරංචිමාර්ගවලින් පැවැසේ.
තැටිගත කිරීමට මෙසේ දිගු කාලයක් ගත වන්නේ ඒ හඬපටවල දුරකතන සංවාද දහස් ගණනක් ඇතුළත් වී තිබෙන හෙයිනැයි ද එම ආරංචිමාර්ග සඳහන් කරයි.
හඬපට තැටිගත කිරීම සඳහා අවශ්‍ය දෘඪ තැටි අවශ්‍ය ප්‍රමාණයට පොලිසියෙන් ලබාගෙන ඇතැයි රස පරීක්ෂක දෙපාර්තමේන්තු ප්‍රධානීහු කියති.
හඬ සැසඳීම සඳහා අවශ්‍ය කෙරෙන හඬපටය ලැබුණු පසුව ඒ සැසඳීම් කටයුතු සඳහා රන්ජන් රාමනායක මහතා දින කිහිපයක් ඇතුළත කැඳවෙනු ඇතැයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රගපාන අයට මේවා මොනවද ?
එම්සීසී අත්සන් කරන තුරු තව හඬපටි අවශ්‍ය වී තිබේ. දැනට මේ කියන පටය ප්‍රමාද කරන අතර හඬ පටි මදිවුනොත් රාජිතගේ මරණ තර්ජනය එලියට දමනු ඇත. ඒකත් මදි වුනොත් දැනට කල් ඉකුත් වී ඇති චම්පික, සරණ ආදීන්ගේ පිහිට පතනු ලැබේ. එම්සීසී අත්සන් කර ට්‍රම්ප් ආපසු ගියාට පසු නාටකය අවසන් කෙරෙන අතර මහා මැතිවරණය සඳහා අලුත් නිර්මාණ ඇනවුම් කර ඇත.
අගමැතිගෙයි, ඇමතිවරුන්ගෙයි හඬපටත් තියෙනවා කිව්ව විතරයි පරීක්ෂණ රිවස් ගියර් එකට වැටුනා. මහ බැංකුව දෙගොල්ලොම කොල්ල කාල කිව්ව විතරයි ඒ නඩුත් නැවතුනා. අනේ මෙහෙමත් රටක්.
අපිටනම් කිසිමදෙයක් ගැන “පැහැදීමක් “ නෑ . දෙගොල්ලොම තනිකර බොරුව.
තැටි වල කොරෝන වෛරසය තියෙන හින්ද දැන් ඒවා වෙනස්වෙලා චිත්‍ර පටියක දෙබස් වෙලා රන්ජන් විතරක් ඉතිරිවෙලා ඇති.
සතියෙන් සතියට මොකහරි නාඩගමක්.
පැහැදිලි ඒවා දෙන්නේ කොහොමද ඒවායේ තියෙනවනේ ලොකු ලොක්කන්ගේ කතා බහ.