(ටී.කේ.ජී.කපිල )
චීනයේ වෙසෙන ලාංකික සිසුන් ලංකාවට රැගෙන ඒම සඳහා හෙට (28) විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් චීනය බලා පිටත්ව යෑමට නියමිත බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
උසස් අධ්‍යාපනය ලබා ගැනීමට චීනයට ගොස් මෙරටට පැමිණීමට නොහැකිව සිටින එම සිසුන් රැගෙන ඒම සඳහා හෙට උදෑසන 9.00 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් මෙසේ පිටත් වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරම් උනන්දුවෙන් විශේෂ ගුවන් යානයක් මොකටද? වුවමනා නම් ගුවන් ටිකට්පත් නොමිලේ ලැබෙන්න සලස්වන්න තිබුණා. මේ දරුවන් දුප්පත්, දුගී දරුවන් නොවේ. දෙමව්පියන්ට වත්කම් තිබෙන නිසානේ. පිටරට ඉගෙනීමට අරින්නේ... නඩේ ගුරාලගේ යාලු මිත්රයින් හෝ පවුලේ කට්ටියගේ දරුවන්ද මේ කට්ටිය? දුප්පත් ජනතාවගේ මුදල්... නායකයින්ට ඕනෑ විදියට වියදම් කරන්න. දවසට ගුවන්යානා. වැඩිප්රමාණයක් එන්නේ චීනෙන්... ඒ එන එකක එන්න බැරි ඇයි? මේ ගුවන්යානයට... යාමට ඒමට ලොකුමුදලක් වැයවෙනවා. පොඩි දේකට මහා පරිමාණයෙන් වියදම් කරන්නේ ඇයි? කොහෙන්ද මේවට මුදල්? මම හරි හොඳයි කියලා ඔප්පු කරන්න මෙවැනි දේ කරලා හරියන්නේ නැහැ. ගිය සතියේ මියගිය විශ්ව විද්‍යාල සිසුන්... ඒ මරණ ලංකාවට ගේන්න විශාල මුදල් යට කෙරුවා. පුවත කියවලා බලනකොට නඩේ කට්ටියක් ළඟම හිතවත්තු... පිටිසර ගම්වල වැසියන් ගඟෙන් එගොඩ වෙන්න පාලම් නැතිව දුක් විඳිනවා. ඒවා දැක්කත් නොදැක්කා වගේ ඉන්නවා. බොළඳ අදහස් අයින් කර ගැඹුරින් හිතන්න පුරුදුවෙන්න. හරිම ලැජ්ජයි රටේ තීරණ ගන්න ක්‍රමය දිහා බලන කොට... ඇත්තටම මේ රට කරන්නේ දනුමකින්ද? සේරමලා එකයි අතේ තියෙන මුදලට වැඩකරන්න පුරුදු කරන්න. ලෝකෙට ණය නොවී... තියෙන මිනිහට උදව් අවශ්‍ය නැහැ ලංකාවේ දුප්පත් පාසල් දරුවන් ඉන්නවා... කන්න නැතිව...
තමන්ගේ කෙනෙකුට ඔහොම වුණා නම් උඩ කමෙන්ට් කරපු කෙනා දුක කියන්නේ මොකක්ද කියන දේ අඳුන ගනියි.. කවුරු වුණත් ජීවිත.. ඔහොම කුහක වෙන්න හොඳ නැහැ. සියලු දෙනාට තෙරුවන් සරණයි...!!!
ඉන්න හිතෙන රටක්... ස්තුතියි ජනාධිපතිතුමනි...
ලංකාවේ පුදුම කුහක අයත් ඉන්නවා. තමන්ගේ කෙනෙකුට ඔහොම උනා නම් ඔය විදියට කියන එකක් නැහැ. මටත් හිතෙන්නේ ජවිපේ සාමාජිකාවක් කියලයි. කුහක යක්කු ඉන්නේ ඔය වගේ තැන වල තමයි. අනුන්ගේ දුක නොතේරෙන තමාගේ පක්ෂේ වැඩට වහල් වෙන ජාතියක්. කාගේ උනත් ජීවිත සහ කාගේ හරි දරුවෙක් බේරගන්න සල්ලි බලය තත්වය ගැන හිතන්න එපා. කරන්න බැරිනම් කරන කෙනෙකුට ආශිර්වාද කරන්න. ධර්මය රකින්නා ධර්මයෙන් රැකදේ. එය නොම දන්නා සසරේ මැරි මැරී දැවේ.
නළ ළිඳ තුල සිරවී සිටින දරුවා බෙරාගන්න ගත්ත උත්සාහය මතකද? ජිවිත වටින්නේ සමිපයන්ට.
නුගත් ශ්‍රී ලාංකික පුරවැසියන් ගැන ඇතිවෙන්නේ අනුකම්පාවක්. තමුන්ගේ රටේ පුරවැසියන් ආපදා තත්වයකදී නැවත රටට ගෙවා ගැනීම පවතින රජයේ වගකීමක් මෙන්ම යුතුකමක්. රාජ තාන්ත්‍රික ක්‍රියාදාම හරිහැටි අවබෝධ කර නොගෙන හිස් වචන ප්‍රකාශ කරන පුරවැසියන්ට තමුන්ගේ ඇති කුහක අදහස් දුරුවී නුවණ පෑදේවා යැයි මම ප්‍රාර්ථනා කරමි.
චතුරි ඔබ මනුස්ස කාන්තාවක්ද? අමාරුවෙ වැටිලා අසරනවෙලා පිටරටක ඉන්න රටවැසියන්ගේ ආරක්ෂාව සහ ඔවුන් බේරාගැනීම ලෝකයේ හැම රටකම රජයක වගකීමක් බව ඔබ දන්නේ නැතිද? ජනාධිපති තුමා ඇතුලු රජයත් නිලදාරීනුත් මේ ඉටුකරන්නේ ඒ වගකීමයි.
ඔවුන්ට එහෙ ඉන්නට දීම වඩා හොඳයි. චීනේ තාක්ෂනය තියෙනවා මෙවැනි දේවල් නියාමනය කිරීමට අපිට වඩා. ලංකාවට ළමයි ගෙන්වීම අනුවන වැඩක්. මිලියන ගානක ජනතාව අමාරුවේ දැමීමක්. චීනෙන් එන අය රටට ඇතුළුවීම තාවකාලික නවතා දැමිය යුතුයි. ලංකාවට වෙවැනි ව්‍යසනයක් නියාමනය කිරිමිට තාක්ෂනය නැත. දැන්වත් බලධාරින් මෙය තේරුම් ගත යුතුයි.
මොලේ නැහැ වගේ මම ලියලා තියෙන දේ තේරුම් ගන්න. මම අහල තියෙන්නේ තනි ගුවන්යානයක් අවශ්‍ය නැහැ නේද කියලා නොමිලේ ගුවන් ටිකට් පත් දෙන්න ? ගුවන් යානා චීනයේ ඉදලා ඕන තරම් එනවා. උපාසකයින් රටේ තත්වේ තේරුම් ගන්න තියෙන සල්ලි වලින් ජෝගි නටලා. ඔය වසංගතය පැතිරුනාම මුදල් කොහෙන්ද බෙහෙත් කරන්න ? මෝඩ මී හරක් ඉන්නකම් රට වල පල්ලට යන්නේ.