සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති අඛණ්ඩ වැඩවර්ජනයකට සැරසෙති
ආදේශක අනියම් සේවකයින් ස්ථිර කිරීම, අතිකාල ගැටළු ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් අනිද්දා 27 සාකච්ඡාවේදී නිසි විසඳුමක් නොලැබුණහොත් 30 වැනිදා සිට දීප ව්‍යාප්තව අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සුසිත් අරුණසිරි මහතා ලංකාදීපයට අද (25) පැවසීය.