(කාංචන කුමාර ආරියදාස)
වර්තමානයේ රටේ පවතින තත්ත්වය හමුවේ පළාත්පාලන ආයතන ප්‍රධානීන්ට වගකීම් රැසක් පැවරී ඇති බවත් එම වගකීම් පැහැර හරින පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට විරුද්ධව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට රජය පියවර ගන්නා බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා (20 ) දින පැවසීය.
දඹුල්ල යාපාගම ඒ මහතාගේ නිවසේ අද (20) දින පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කළේය.
රටේ පවතින වාතාවරණය සැලකිල්ලට ගෙන කාර්ය බාරයක් පළාත්පාලන ආයතන ප්‍රධානීන්ට පැවරී තිබෙන බවත් එම වගකීම් නිසි ලෙස ඉටුකරන ලෙස රජය පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා කියා සිටියේය.
ඇතැම් පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට පවතින තත්වය තේරුම් නොගෙන විවිධ ක්‍රියාමාර්ග ගැනීම් රැසක් වාර්තා වී තිබෙන බවද එම නිසා ඉදිරියේදී වගකීමෙන් යුතුව ක්‍රියා කළ යුතුව ඇති බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙමනම් හොයලා බලන්න ඊයේ සයිකල් තරඟයට අවසර දුන්නේ කවුද කියල .
කිවුවට ඕව කෙරෙන වැඩද ?
විනය ක්‍රියාමාර්ග ගන්නේ නීති ක්‍රියාමාර්ග ගන්න බැරි නිසාද?
අනේ පව් නොදී තමන්ගේ වැඩක් බලා ගන්න දැන් මොන විනය පරීක්ෂණද ?