(නිමල් ජයරත්න)
කොරෝනා ආසාදිතයින්ට පමණක් ප්‍රතිකාර කිරිමට සුදානම් කළ වැලිකන්ද මුලික රෝහල අද ( 20 ) සිට විවෘත කළ බව පොළොන්නරුව මහරෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා පැවසිය.
ඊයේ (19) රාත්‍රි 8 පමණ ආගමික වතාවත් මධ්‍යයේ විවෘත වු වැලිකන්ද කොරෝනා ආසාදිත ප්‍රතිකාර රෝහල තුළ හදිසි ප්‍රථිකාර ඒකකයක් ඇතුලු රෝගින් 50 කට ආසන්න ප්‍රමාණයකට ප්‍රථිකාර කිරිමේ හැකියාව ඒ තුළ පවතින බවද ඉන්දික කුමාර මහතා සදහන් කළේය.
ශ්‍රී ලංකා යුද හමුදාව , සෞඛ්‍ය වෛද්‍ය කාර්ය මණ්ඩලය එක්ව පැය 72 ක් තුළ ප්‍රතිනිර්මාණය කරන ලද වැලිකන්ද විශේෂ කොරෝනා ආසාධිත මධ්‍යස්ථානය ජාතික බෝවන රෝග විද්‍යායතනයටත් නොදෙවෙනි පහසුකම් රැසකින් සමන්විත බව සම්පත් ඉන්දික කුමාර මහතා සදහන් කලේ රෝහල විවෘත කිරිමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙහිදි මාධ්‍යවෙත අදහස් දැක්වු රෝහල් අධ්‍යක්ෂ සම්පත් ඉන්දික කුමාර මහතා මෙලෙසද කීය.
ජනාධිපතිතුමාගේ , යුද හමුදාපතිතුමා, සෞඛ්‍ය අධ්‍යක්ෂතුමාගෙත් උපදෙස් අනුවයි අපි වැලිකන්ද මුලික රෝහල කොරෝනා ආසාදිත ප්‍රථිකාර මධ්‍යස්ථානයක් විදිහට ස්ථාපිත කලේ. අපි මුලින්ම කන්දකාඩු සහ පූනානි ප්‍රදේශවලින් රැගෙන ආපු රෝගින් යැවුවේ අයි.ඩි.එච්. රෝහලට. ඒ තත්වය අපහසු බව තේරුම්ගත් ජනාධිපතිතුමා අපිට උපදෙස් දුන්නා මේ කටයුත්තට පොළොන්නරුව ප්‍රදේශයේ පහසු තැනක් තොරගන්න කියලා.
ඒ අනුව වැලිකන්ද මුලික රෝහලේ අදාල කටයුතු සෞඛ්‍ය සේවා නිලධාරි කාර්යාලයට මාරු කරලා අපි මේක පැය 72 ක් ඇතුලත ප්‍රතිනිර්මාණය කරලා අයි.ඩී.එච්. රෝහලටත් නොදෙවෙනි පහසුකම් ඇති කොරෝනා ආසාධිත මධ්‍යස්ථානයක් බවට පත්කර ගත්තා.
පොළොන්නරුවේ දැනට ප්‍රථිකාර ලබන කොරෝනා ආසාධිත රෝගින් 25 දෙනෙකු විසි වෙනිා වනවිට වැලිකන්ද රෝහලට අපි ගේනවා ඒ වගේම ඉදිරියේදි කණ්දකාඩු සහ අනෙකුත් කොරෝනා රෝගින් බවට සැක කරන මධ්‍යස්ථානවල සිටින අයයම් අසාධ්‍ය තත්වයක් ඇති වුණොත් ඒ අයත් මේකට ගේනවා.
මෙම ස්ථානයට සෞඛ්‍ය අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතාගේ උපදෙස් අනුව විශේෂ කාර්යමණ්ඩලයක් යොදවල් තියෙනවා. ඒ කාර්යමණඩලයටත් අවශ්‍ය පහසුකම් ලබාදිමට මහවැලි අධිකාරියට අයත් සියලුම නිවාඩු නිකේතන අත්පත් කරගෙන ඔවුනට ලබා දිමට අපි සැලසුම් කරලා තියෙනවා.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිවෙකුට මෙහි ප්‍රතිකාර ගැනීම සඳහා ඇතුලත් වීමට අවස්තාව නොලබෙවායි පතනවා. කොරෝන උවදුර හැකි ඉක්මනින් ලංකාවෙනුත් මුළු ලෝකයෙනුත් තුරන් වේවා
ඉතාම හොඳයි ඔවුන්ට උපහාරය.
ඕක මදි වේවි , රෝගින් අඩු ග්‍රාමීය රෝහලවල් කොරෝන සදහා පිළිසකර කරගන්න , කොරෝන හැදුනොත් රෝගියෙක් මාසයක් විතර ප්‍රතිකාර ලබනවා
ඉතා ඉහලින්ම අගේ කලයුතු වැඩක්. අනෙත් පළාත්වලත් මේවගේ අවශ්‍ය රෝහල් අප්‍රමාදව නිර්මාණය කලයුතුයි. අපේ රට මේ වියරු වසංගතයෙන් ගලවා ගැනීමට සියලුම දෙනාට හැකිවේවා.
වැඩේ හොඳයි, ස්තුතියි. ෆොටෝ අනුමත නොකරමි.