(එෆ්.අස්ලම්)
කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් දෙදෙනෙකු ඌව පළාතෙන් හමු විමෙන් එම රෝගීන් ඇසුරු කළ පුද්ගලයින් 110 ක් නීරෝධායන ක්‍රියාදාමයට යොමුකර තිබෙන බවත් ඌව පළාත් ආණ්ඩුකාරවර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතා ලංකාදීපය ට පැවසීය.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ තරුණයෙකුට සහ බදුල්ල බන්ධනාගාරයේ රැදවියෙකුට මෙලෙස කොවිඩ් 19 වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වී තිබෙන බවත් ඒ අනුව බණ්ඩාරවෙල රෝගියා ඇසුරු කළ පුද්ගලයින් 65ක් සහ බදුල්ල බන්ධනාගාරයේ 50 දෙනෙකු නීරෝධායනයට යොමුකර තිබෙන බවද ආණ්ඩුකාරවරයා පැවසීය.
වෛරසය ආසාධනය වූවන් ඇසුරු කළ පුද්ගලයින් වශයෙන් මෙම රෝගීන් දෙදෙනා සොයා ගත් බවත් නීරෝධායන ක්‍රියාදාමය අතරවාරයේ රෝගාතුර වීමෙන් රෝහල් ගතකල පසු මොවුනට කොරෝනා වෛරසය ආසාධනය වී ඇතැයි තහවුරු වී තිබෙන බවත් කී ආණ්ඩුකාරවරයා සියළු දෙනාම නිවාස තුළ රැදෙමින් වෛරසය පැතිරීම වළක්වා ගැනීමට සහාය දැක්විය යුතු ජාතික වගකීමක් යැයිද අවධාරණය කළහ.
එමෙන්ම රජය විසින් පැය 36ක කාලයක් ඇදිරි නීතිය පනවා ඇත්තේ වෛරසය පැතිරයාම පාලනය කර ගැනීමට බවත් ආහාර හෝ භාණ්ඩ හිගයක් රටතුළ නොමැති බවත් මෙය කලබලකාරී තත්වයක් කරගනිමින් ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි වැඩියෙන් ගෙන නිවසේ ගොඩගසා නොගන්නැයි සියළු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම අවධාරණය කළේය.
කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීමේ රජයේ මෙහෙවරට සහාය දක්වමින් මෙම තත්වය පාලනය වන තෙක්ම ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය විවෘතව තිබෙන බවත් තම ලේකම්වරුන් දෙදෙනෙකු ඇතුළු සහ නිලදාරියෙකු ඒ වෙනුවෙන්ම කටයුතු කරන බවත් ආණ්ඩුකාරවරයා පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඌවේ පුද්ගලයින් 110 ක් නිරෝධායනයට