පාස්කු ප්‍රහාරයේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නවාදැයි තීන්දුව කල්යයි
ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත් ජයසුන්දර කටයුතු නොකිරීම තුළින් සිය මූලික අයිතීන් කඩ කළ බවට චෝදනා කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 විභාගයට ගන්නවාද නැත්ද යන පිළිබද නියෝගය පසුවට ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) තීන්දු කළේය.