(ප්රසන්න පත්මසිරි)
ඇදිරි නීතිය කඩ කරමින් නිවසක පැවැති සාදයකදී බීමත්ව ගීත ගයමින් සිටි පුද්ගලයින් අට දෙනෙකු අද (20) රාත්රී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පැවසීය.
බණ්ඩාරවෙළ කිණිගම මහඋල්පොත ප්රදේශයේ නිවසක පැවැති උත්සවයකදී මෙලෙස මෙම පිරිස බීමත්ව සිට ඇති බව පොලිසිය කීය.
පොලිස් නිලධාරීන් එම නිවසට ගිය අවස්ථාවේදී පොලිසිය දැක පිරිසක් පලාගිය බව පොලිසිය කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇඳිරි නීතිය වෙලාවට ගෙවල් වලට වෙලා බොන්නයි සින්දු කියන්න තහනම් කියලා නීතියක් තියෙනවද? මම මේ දන්නේ නැති නිසා අහන්නේ.
ඉතින් ඒ අය ගෙදරක ඉඳල සාදයක් දැම්මනම් ඇඳිරි නීතිය කැඩුවා වෙන්නේ කොහොමද.?
ගෙවල් ඇතුලේ සින්දු කියන එකත් ඇදිරි නීතිය කඩ කිරීමක්ද? නැත්නම් මිනිසුන්ගෙ අයිතියක් කඩ කිරීමක්ද? අපි දැක්ක චීනයේ වුහාන් වල ලොක් ඩවුන් කරල තයෙද්දි එහෙ මිනිස්සු උඩ තට්ටු වල සින්දු කියමින් තම නිර්භීත බව පෙන්වනවා.
මිට වඩා පුළුල්ව මෙදෙස බලන්න. පිටපලාතකින් නිවාඩුවක් ලෙස පැමිණි අයනම් ? එක්කෝ නිවාඩුව අවසන් කර තම ගම් රටවල් බලා යායුතුය. එත් ඉතින් පිටරටකින් පැමිණි අයනම්? නැතිනම් ?
නොදන්නා කම. එකම ගෙදර අය පාර්ටි දාන්නෙ නැහැ . මේ අය නීතිය කඩලා. එර්දි බලෙන් ආවා වත්ද?