කොරෝනා වෛරසයෙන් ඇමරිකාවේ නිව් ජර්සි ප්‍රාන්තයේ එකම පවුලේ සිව් දෙනෙකු මියගොස් ඇති අතර රෝගය වැළඳුනු තවත් ඥාතීන් තිදෙනෙකු රෝහල් ගතකර ඇතැයි වාර්තා වේ.
ඥාති පවුල් කිහිපයක හමුවකට සහභාගී වීමෙන් පසු 73 හැවිරිදි ග්‍රේස් ෆුස්කෝ සහ ඇගේ වැඩිහිටි දරුවන් හයදෙනා රෝගාතුර විය.
තවත් ඥාතීන් 20 කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ස්වයං නිරෝධායනය කරමින් සිටින අතර ඔවුන් ද ආසාදනය වී ඇත්දැයි සැකකරන බව බලධාරීහු පවසති.
මියගිය පවුලේ සාමාජිකයන් සිව් දෙනා වන්නේ ග්‍රේස් ෆුස්කෝ සහ ඇගේ දරුවන් වන රීටා ෆුස්කෝ-ජැක්සන්, කාර්මයින් ෆුස්කෝ සහ වින්සන්ට් ෆුස්කෝ ය.
කතෝලික පාසල් ගුරුවරියක වන 55 හැවිරිදි රීටා ෆුස්කෝ-ජැක්සන් සිකුරාදා මිය ගියාය.
රාජ්‍ය සෞඛ්‍ය කොමසාරිස් ජුඩිත් පර්සිචිලි පවසන පරිදි ඇයට වෙනත් සෞඛ්‍ය ගැටලු තිබී නොමැත.
නිව් ජර්සි සෞඛ්‍ය නිලධාරීන් පැවසුවේ එම ප්‍රාන්තයේ කොවිඩ් -19 රෝගයෙන් මියගිය දෙවන පුද්ගලයා ෆුස්කෝ-ජැක්සන් මහත්මිය බවයි.
පළමු මරණය ද ෆුස්කෝ පවුලේ රැස්වීමකට සහභාගී වූ අයෙකුගේ බව ඔවුහු පවසති.
පවුලේ සාමාජික පැරඩිසෝ ෆොඩෙරා පවසන්නේ එම හමුවට සහභාගී වූ පවුලේ සාමාජිකයින් 19 දෙනෙකු දැන් ස්වයං නිරෝධායනයට වී සිටින අතර ඔවුන්ගේ වෛරස් පරීක්ෂණවල ප්‍රතිඵල දැන ගැනීමට සතියකට ආසන්න කාලයක් බලා සිටීමට සිදුවී ඇති බවයි.
(බීබීසී ඇසුරිණි - 085)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොරෝනාවෙන් ඇමරිකාවේ එකම පවුලේ සිව් දෙනෙකු මරුට
MD Saturday, 21 March 2020 06:03 AM
පව්ලේ ජිවතුන් අතර සිටින අනෙකුත් අයට මෙන්ම ලෝකවාසී සියලු දෙනාටත් නිදොක් නිරෝගී සුවය ලැබේවා.!