අගමැතිවරයා ජාතිය අමතා කළ සම්පූර්ණ කතාව මෙසේය
අති පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි.
සෙසු ආගමික පූජක තුමනී, මිත්‍රවරුනි ආදරණීය දුවා දරුවනි,
මුළු ලෝකයම කොරෝනා වසංගතයට මුහුණ දී සිටින මොහොතක්, මේ තත්ත්වය පාලනය කර ගැනීමට ගත හැකි සියලුම පියවර ගෙන තිබෙන බව ඔබ දන්වා ඇති. මේ වසංගතය පැතිරෙන්න පටන් ගත්ත මොහොතේ සිට අපි ඒ පිළිබඳ දැඩි අවධානයකින් කටයුතු කළා. රෝගය ආරම්භ වුණ චීනයේ වුහාන් ප්‍රදේශයේ සිටි ලාංකිකයන් ලෝකයේ සෙසු රටවලටත් කලින් බේරාගෙන ලංකාවට ගෙන ඒමට පුළුවන් වුණේ අපේ ඒ දැඩි අවධානය නිසා.
ඔබගේ ජීවිතය ගැන තිබුණ අවධානය මොහොතකටවත් අපි අඩු කළේ නෑ. ලංකාවේ වේවා වෙනත් රටක සිටින ලාංකිකයෙකු වේවා ඔහුගේ ජීවිතය රකින්න අපි කටයුතු කරනවා.
දඹදිව වන්දනාවේ ගිය පිරිස යළි ලංකාවට ගෙන එන්න අපි සියලු දේ සූදානම් කරලා තියෙන්නේ ඒ වගකීම නිසයි. ඒ නිසා රෝගියෙකු ගැන හෝ රෝගියෙකු ඇසුරු කළ කෙනෙක් ගැන වාර්තා වුණු වහාම නිරෝධායනය කරන්න අපි පියවර ගත්තා.
දහස් ගණන් පිරිස් දින ගණනාවක් එක තැනක රඳවාගෙන කෑම බීම සහ ඖෂධ දී නිරෝධායනය කරන්න පුළුවන් වුණේ ඒ අවදානය නිසයි. රටක් හැටියට එය ඉතා දුෂ්කර කාර්යයක් බව අමුතුවෙන් කිව යුතු නෑ.
මොන තරම් බරපතල වසංගතයක් වුණත් මොන තරම් දුෂ්කර කාර්යයක් වුණත් රජය කටයුතු කරන්නේ ජනතාවගේ දුෂ්කරතා අවම වන ආකාරයට බව මම ඔබට කියන් ඕන.
අපි දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසල් , විශ්ව විද්‍යාල නිවාඩු දුන්නා. ක්‍රමාණුකූලව ගුවන් ගමන් සීමා කරලා පැමිණීමේ පර්යන්තය වසා දමා තිබෙනවා. මේවා අපි කළේ රටේ තියෙන තත්ත්වයත් ලෝක තත්ත්වයත් සලකා බලා ක්‍රමාණුකූලවයි. අපි ඉදිරියට කටයුතු කරන්නෙත් එහෙමයි.
මා ඔබ අමතන මේ මොහොතේ රටටම ඇදිරි නීතිය පනවලා තියෙනවා. ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කරන වකවානුවේවත් අපිට එකවර රටටම බලාපාන ආකාරයට ඇදිරි නීතිය පනවන්න උවමණා වුණේ නෑ.
නමුත් කිහිපදෙනෙකුගේ වගකීමෙන් තොර ක්‍රියා කලාපය නිසා අද අපිට මේ පියවර ගන්න සිදු වෙලා තියෙනවා. මේ මොහොතේ අපි මේ ක්‍රියා මාර්ගය අරගෙන තියෙන්නේ ඔබගෙත් දරුවන්ගෙත් ජීවිත වල ආරක්ෂාව වෙනුවෙන්. යම් දුෂ්කරතාවයක් ඇති වෙනවානම් අපි ඒ පිළිබඳව කණගාටු වෙනවා. ඒ වගේම ඔබගේ දෛනික ජීවිතයට අවශ්‍ය සියල්ල සම්පාදනය කරන්න අපට පුළුවන්.
ඖෂධ, ආහාර පාන ඉන්ධන මාස ගණනාවකට අවශ්‍ය ප්‍රමාණ අපි සම්පාදනය කරගෙන තියෙනවා. අනවශ්‍ය කලබලයක් ඇති කර ගන්න උවමණා නෑ.
මා මීට කලින් ප්‍රකාශ කළ පරිදි අප රජය ජනතාවට කිසිවක් හංගන්නේ නෑ. රෝගීන් ගැන රෝගයේ ස්වරූපය ගැන තොරතුරු ඉතා ඉක්මනින් ජනතාව වෙත ලබා දෙන්නේ අප සියලු දෙනාගේ ආරක්ෂාව සඳහා. ලෝකයම ඉතා දුෂ්කර තත්ත්වයකට මුහුණ දී තිබෙන මේ මොහොතේ ඉතාම කල්පනාකාරීව දුරදිග බලා කටයුතු කරන්න කියා මා ඉල්ලා සිටිනවා.
වෛද්‍යවරු දෙන උපදෙස් , රජය දෙන උපදෙස් නිසි ආකාරයට ඔබ අනුගමනය කළොත් අපිට ඉතා ඉක්මනින් මේ වසංගතයෙන් ගැලවෙන්න පුළුවන් බව මට විශ්වාසයි.
අපි ජාතියක් වශයෙන් මේ විපත්ති අවස්ථාවේ එකට සිටිමු. අපි මීට වඩා අභියෝග ජයගත් ජාතියක්. ඔබට අපට එකට එක්වී මේ විපතින් ගැලවීමට ශක්තිය තිබෙන බව මට විශ්වාසයි.
ඔබ සැමට තෙරුවන් සරණයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටම කාලා කාලා... දැන් පච වපුරනවා. රට දස අතේ ණයකරලා රට විකුනපු ඔබටවත් ඔබගේ පක්ෂයටවත් මේ රටේ බුද්ධිමත් ජනතාව ඡන්දය නොදෙනු ඇත. ඔබ දන්නවාද ඔබගේ ගෝත්‍රික වහල්ලුත් දැන් ඡන්දෙ එනකම් ඉන්නේ ඔබට බැස්ටිය දෙන්න.
මට නම් ඔය කියන ඒවා මහින්ද මහතා විස්වාස නම් නෑ.. ඡන්ද ළඟ නිසා මිනිස්සු ටික පාලනය කර කුල්මත් කරනවා ගොඩක් වෙලාවට මේ ගොල්ලෝ
මාස ගාණකට අවශය දේ අගමැති හැටියට ඔබට තිබුණට රජයේ ගබඩා වල නැති බව බන්දුල ගුණවර්ධන කිව්වේ. දැන්වත් පුද්ගලික අංශය යටතේ ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ රජයේ පාලනයට අරගෙන ජනතාවට බෙදා දීමේ යාන්ත්‍රණයක් සැකසිය යුතුයි සැමන් පරිප්පු ගන්න පෝලිමේ හිටිය මිනිස්සු දැක්ක නේද?
ඔබතුමාගෙ කතාව ඇත්ත. සියල්ල පිලිගන්නවා ඒත් තමුන් විපක්ෂෙ හිටියානම් දෙන පනිවිඩය මෙහෙම නොවෙයි නේද?
මහත්තයො... පිං සිද්ද වෙයි. දැන්වත් මිනිස්සුන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන එක නවත්තල ඇත්තට මූණ දෙන්න.
සුනාමි ආධාර වගේම කොරෝනා අධරෙකුත් ලඟම එනවා වගේ හිනාවෙන් නම් අපිට දැනෙන්නේ. අනේ කරුණාව....
ඔව් ඉතින් ආහාර පාන හංගන් ඉන්න ඔබතුමාගේ හෙංචයි පොහොට්ටු කාරයන් ලග තියෙන ප්‍රමානය ඔබතුමා නොදැන ඉන්නෙ කොහොමද???
කාටද?
ඔබ කියනවා වගේ සහතික වශයෙන් එහම ඖෂධ, ආහාර පාන ඉන්ධන මාස ගණනාවකට අවශ්‍ය ප්‍රමාණ ශ්‍රී ලංකාව සතුව තියනවා නම් හොඳයි.
දැන් ඔයාලගේ ආණ්ඩුවක් නේ තියෙන්නේ... අපි බලමුකෝ, ලෝක වෙළද පොලේ ඉන්ධනවල මිල වැඩි වෙද්දී ඕකම කියාවිද කියලා. මස ගානක් එපා අඩුම සති දෙකකටවත් ඉන්ධන නැහැ කියලා නේද කිව්වේ ?
මහින්ද කියන්නේ සහතික ඇත්ත හැබැයි අපේ රටේ නොවේ වෙන රටවල
අර කතාවත් එක්ක බලපුවහම නම් මේ කතාව හිත නිවෙන, සැනසීමක් දැනෙන කතාවක්. හැබැයි අගමැතිතුමා යාන්ත්‍රණයක් හදන්න වෙයි. බඩු මිල අඩුකරහම හරි, රටේ ප්‍රශ්නයක් තියෙන කොට හරි මිනිස්සුන්ට අවශ්‍ය භාණ්ඩ, බෙහෙත් සහ අනෙකුත් ද්‍රව්‍ය හංගන එක අපේ රටේ කඩවල සාමාන්‍ය ලක්ෂණයක්. ඒ ගැන ටිකක් තදින් කටයුතු කරන්න වෙයි.
විපක්ෂේ හිටියනං ඔබ තුමා කියන්නේ "දැන් සැපද කියලා"
රටේ ජනපති , අගමැති කව්ද කුමන පක්ෂයේද යන්න මේ අවස්ථාවේ නොවැදගත් සහ රටේ සියලු ජනතාව මේ අවස්ථාවේ පවතින රජයට පුර්ණ සහාය දැක්විය යුතුය කියලයි මම හිතන්නේ ..
ගෝඨාභයගේ නම කන්නේ මේ මිනිස්සු.