ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී දෙදෙනෙකු මරුට අහංගම කබලාන දුම්රිය හරස් මාර්ගයේ දී අද (03) මාතර සිට මහනුවර බලා ධාවනය වූ දුම්රියේ ත්‍රිරෝද රථයක් ගැටී තරුණයින් දෙදෙනකු මියගොස් ඇත. 03 May 2019
ලිහිසි තෙල් පොම්ප කළ නල මාර්ගයක තෙල් කාන්දුවක් ත්‍රිකුණාමල වරායේ නැංගුරම් ලා තිබු නෞකාවකින් ඉන්දියානු තෙල් සමාගමේ ටැංකි වලට ලිහිසි තෙල් පොම්ප කළ නල මාර්ගයක අද (03) ඇති වූ හදිසි තෙල් කාන්දුවකින් තෙල් තට්ටුවක් මුහුදට එකතු වී ඇති බව ශ්‍රි ලංකා සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරි කියයි. 03 May 2019
ප්‍රහාර ගැන සෙවූ කමිටුවේ අතුරු වාර්තාව නීතිපතිට ඉකුත් පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ථවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ අතුරු වාර්තාව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නීතිපතිවරයා වෙත යවනු ලැබ ඇත. 03 May 2019
සංයුක්ත තැටි කිහිපයක් සමඟ කළුබෝවිල වෛද්‍යවරයෙක් සැකපිට තවුහිත් ජමාත් සංවිධානයේ දේශන ඇතුළත් බව කියන සංයුක්ත තැටි කිහිපයක් ළඟ තබා ගත්තේයැයි සැකපිට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 03 May 2019
වව්නතිව් ඝාතනයට මුලින් ඇල්ලූ සැකකරු මුදා හරින්න අවසර ඉල්ලයි මඩකලපුව වව්නතිව් පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකු කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මුලින් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින හිටපු එල්ටීටීඊ සාමාජිකයා මුදා හැරීම සඳහා රැඳවුම් නියෝග අහෝසි කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. 03 May 2019
ඇමැති රිෂාඩ් රට යයි කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළින් විදෙස් ගත වූ බව එහි ආරංචි මාර්ග කියයි. 03 May 2019
සැකකරුවන් 53කට මාස තුනක රැඳවුම් නියෝග පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සිදු කළ විමර්ශනවලදී සහ සෝදිසි මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 53 දෙනකු මාස තුනක් රඳවා ගැනීම සඳහා රැඳවුම් නියෝග ලබා ගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි. 03 May 2019
සබරගමු සරසවිය අධ්‍යයන කටයුතු සඳහා විවෘත කිරීම කල්යයි සබරගමුව විශ්ව විද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා 08 වැනිදා විවෘත කිරීමට නියමිතව තිබුණද එය නැවත දැනුම් දෙන තුරු කල් දැමූ බව විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරී වී.ඩී. කිත්සිරි මහතා පැවැසීය. 03 May 2019
ඌව පළාත් සභාවේ අනුමැතියකින් තොරව දෙමළ ළමුන්ට කුරාණය උගන්වන මධ්‍යස්ථාන හතරක් ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතියකින් තොරව බදුල්ල දිස්ත්‍රික්කයේ ද්‍රවිඩ පාසල් හතරක වතු ද්‍රවිඩ තරුණ තරුණියන් 500 දෙනෙකුට අරාබි භාෂාව හා අල් කුරාණය, ඉරාන දේශපාලනය වැනි විෂයයන් උගන්වන පාඨමාලා පවත්වාගෙන යන බව අනාවරණය වී ඇතැයි ඌව පළාත් ද්‍රවිඩ අධ්‍යාපන අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතා පැවැසීය. 03 May 2019
ගෝඨාභය යාපනය උසාවියට කැඳවයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරින් දෙදෙනෙකුගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදුකෙරෙන නඩුවකට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජූනි 21 වැනි දා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස යාපනය මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා අද (3) නියෝග කළේය. 03 May 2019
වෝකි ටෝකි - දුරකථන සමඟ මුස්ලිම් බේකරි හිමියකු අත්අඩංගුවට වෝකි ටෝකි 2 ක් හා ජංගම දුරකථන 5 ක් තම සන්තකයේ තබා ගෙන සිටි මුස්ලිම් ජාතික බේකරි හිමියකු අද (3) සවස වලස්මුල්ලේදී යුද හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 03 May 2019
කල්මුණේ සිද්ධියේ තොරතුරු දැනුම් දුන් පොලිස් නිලධාරීන්ට මුදල් ත්‍යාග කල්මුණේ සයින්දමරුදු සුනාමි ගම්මානයේ බී 183 දරණ නිවසේ ඉකුත් 26 දින බෝම්බ පුපුරවා ගැනීමට පෙර එම නිවසට සැකකටයුතු පිරිසක් සිටින බවට තොරතුරු ලැබුණු වහාම එම නිවසට ගොස් සිද්ධිය සොයා බලා උසස් පොලිස් නිලධාරීන් තොරතුරු ලබාදුන් කල්මුණේ පොලිසියේ රථවාහන අංශයේ පොලිස් කොස්තාපල් ඩබ්ලිව් ඩී එස් එන් වීරසිංහ (83225) මහතා පොලිස් සැරයන් නිළයට උසස් කර ඔහුට රුපියල් ලක්ෂ 5 ක ත්‍යාග මුදලක් ලබාදීමට පොලිස් මුලස්ථානය අද (3) අනුමත කර ඇති බව පොලිස් මුලස්ථානය 03 May 2019
මුස්ලිම් ජාතික ගෘහ නිර්මාණ ශිල්පියෙකු බොරලැස්ගමුවේදී අත්අඩංගුවට බොරලැස්ගමුව සමූපාකාර මාවතේ නිවසක් වටලා ව්‍යාජ රබර් මුද්‍රා,ගොඩනැගිලි සැලසුම් සමඟ මුස්ලිම් ජාතික ගෘහ නිර්මාණ ශිල්පියෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය කියයි. 03 May 2019
නැ’හිර සරසවිය විවෘත කිරීම කල් යයි ආරක්ෂක හේතුන් මත වසා දැමුණු නැගෙනහිර විශ්ව විද්‍යාලය ලබන මැයි 6 වැනි දා අධ්‍යයන කටයුතු සඳහා විවෘත කිරිමට නියමිතව තිබුණත් පවතින ආරක්ෂක තත්වය සැළකිල්ලට ගෙන විවෘත කිරිම කල් දැමුණු බව එහි පාලන අධිකාරිය පවසයි. 03 May 2019
සිවිල් ආරක්ෂක බලකායේ ඇඳුම් 7 සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ත්‍රිකුණාමලය පාලෙයුත්තු ප්‍රදේශයේ අද (03)සිදුකළ සෝදිසියකදී සිවිල් ආරක්ෂක බලකායට අයත් කැලෑ ඇඳුම් හතක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 03 May 2019
අයිඑස්ලාගේ පොත් අයියාට දුන් මව්ලවි මල්ලී රිමාන්ඩ් රත්නපුර නගරයේ ඉස්ලාම් පල්ලියක 26 හැවිරිදි මවුලවිවරයෙක් මේ මස 15දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස රත්නපුර මහේස්ත්‍රාත් ජනිතා රෝෂනී පෙරේරා මහත්මිය අද (3) නියෝග කළාය. 03 May 2019
අපහාස ලිපි මුද්‍රණයට යොදා ගත් උපකරණ සොයාගනී ජනාධිපතිවරයාට අපහාස වන සහ ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ලිපි මුද්‍රණය කිරීමට යොදාගත් පරිගණකයක්, ඡායා පිටපත් යන්ත්‍රයක් සහ ලිපි ලේඛන රැසක් රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යංශයේ තිබී අද (3) සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 03 May 2019
මඩ පත්‍රිකා ගැන ඇමති කිරිඇල්ලගෙන් නිවේදනයක් රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍යවේදීන් හා නිලධාරීන් සතුව තිබූ ලිපිවල ජාතිවාදී අරමුණක්, මඩ ප්‍රහාරයක් හෝ රාජ්‍ය විරෝධී කිසිවක් අන්තර්ගත නොවන බව ඒවා කියැවීමෙන් පසුව දැනගත් බව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 03 May 2019
ගාල්ලේ සෝදිසි මෙහෙයුම් වලින් 47 ක් අත්අඩංගුවට පසුගිය දින දෙක තුළ ගාල්ලේ සිදුකළ සෝදිසි මෙහෙයුම් වලින්, සැකකරුවන් 47 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 03 May 2019
රත්මලානේ සිම්පත් වීසිකරමින් ගිය අය අත්අඩංගුවට රත්මලාන, පිරිවෙන පාරේ අතුරු මාර්ගයක දෙමහල් නිවසක තිබී දුරකතන පණිවිඩ හුවමාරු යන්ත්‍රයක් ඇතුළු භාණ්ඩ තොගයක් සමඟ පුද්ගලයෙක් අද (03) අත්අඩංගුවට ගෙන තිබේ. 03 May 2019
තවුහීත් ජමාත්හි දේශන තැටි සමඟ මවුලවිවරයකු ඇතුළු 3ක් අල්ලයි දේවානම් පියතිස්සපුර ප්‍රදේශයේ අද(03) කළ මෙහෙයුමකදී සංයුක්ත තැටි, පරිගණකයක්, හා මුදල් සමඟ එම ප්‍රදේශයේ පල්ලියක සභාපතිවරයකු, මවුලවිවරයකු හා මුස්ලිම් ජාතිකයෙකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 03 May 2019
මුස්ලිම් පල්ලියක රැඳී සිටි දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට රක්වාන ප්‍රදේශය ආශ්‍රිතව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මුස්ලිම් පල්ලියක රැඳී සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද(03) සැකපිට අත්අඩංගුවට ගත් බව රක්වාන පොලිසිය කියයි. 03 May 2019
අයිඑස් සංවිධානයේ ප්‍රවර්ධන කටයුතු කළ බවට සැකපිට අයෙක් අත්අඩංගුවට අයි.එස්.අයි.එස්. සංවිධානයේ ප්‍රවර්ධන කටයුතු සිදුකළ බවට සැකපිට පුද්ගලයකු දර්ගා නගරය ස්නාපුල්ල පටුමග පදිංචි සැකපිට පුද්ගලයෙකු අද(3) අලුත්ගම පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව කියයි. 03 May 2019
පොලිස්පතිට-හිටපු ආරක්ෂක ලේකම්ට එරෙහි පෙත්සම සළකා බැලීම කල්යයි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලබන 21 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) තීන්දු කරන ලදී. 03 May 2019
ප්‍රහාර සඳහා භාවිත කර ඇත්තේ නිත්‍යනූකූලව දී ඇති වෙඩි බෙහෙත්දැයි සැකයක් ගල් වලවල් සඳහා නීත්‍යනුකූලව නිකුත් කරන වෙඩි බෙහෙත් පුද්ගලයන් කිහිපදෙනකු අනවසරයෙන් වෙනත් පුද්ගයන් අතට පත් කර ඇති බවත්, පාස්කු දින එල්ල වු ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර සඳහා භාවිතා කර ඇත්තේ ගල්වලවල් සඳහා නීත්‍යනුකූලව නිකුත් කරන වෙඩි බෙහෙත් ද යන්න සැකයක් පවතින බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පැවසීය. 03 May 2019
පුවත්පත්වල විශ්වාසනීයත්වයට අසත්‍ය පුවත් තර්ජනයක් අසත්‍ය පුවත් ප්‍රචාරය, මහජන බියගැන්වීම් හෝ කැළඹීම් ඇති කරවන ආකාරයේ කටකතා හා සාවද්‍ය ප්‍රකාශ ආදිය වර්තමානයේදී ජාතික සාමය, තොරතුරුවල විනිවිදභාවය හා පුවත්පත්වල විශ්වාසනීයත්වයට විශාල තර්ජනයක් වී ඇතැයි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 03 May 2019
‘පාසල් විවෘත කිරීමට නම් රජය විශ්වාසී ප්‍රකාශයක් කළ යුතුයි’ එළඹෙන සඳුදා දිනයේ පාසල් ආරම්භ කිරීමට නම් ආරක්ෂාව පිළිබඳව විශ්වාසී ප්‍රකාශයක් රජය කළ යුතු යැයි විදුහල්පතිවරු පවසති. 03 May 2019
ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට මුදල් නෝට්ටු වලට ව්‍යාජ මුදල් නොට්ටු මාරු කිරීමේ ජාවාරමක් වටලා රුපියල් දෙලක්ෂ එක්දහසක ව්‍යාජ මුදල් නොට්ටු සමඟ සැකකරුවෙකු කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේදී අද (03) අත්අඩංගුවට ගත් බවට කිලිනෝචිය දිසා දූෂණ මර්ධන අංශය පවසයි. 03 May 2019
පාස්කුදා මිය ගිය අයකුගේ රන්බඩු සොරාගත් පුද්ගලයා රිමාන්ඩ් පාස්කු දා ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයකුට අයත් රන් බඩු සොරා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සුළු සේවකයා ලබන 17 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝග කළේය. 03 May 2019
පාලම් පිපිරවීමේ සැලැස්මක් ඉස්ලාමීය අන්තවාදීන් විසින් කොළඹ නගරයට ඇතුළු වන පාලම් පුපුරුවා හැරීමට සූදානම් වන බවට පොලිසියට තොරතුරු ලැබී ඇතැයි බලධාරීහු කියති. පාස්කු ඉරිදා කළ බෝම්බ පිපිරීම් මාලාවට අනුබද්ධ තවත් බොහෝ කුමන්ත්‍රණ ඇතැයි ද ඔව්හු අවවාද කරති. 03 May 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026