(රංජන් කස්තුරි)
රටපුරා වෙළඳසැල් බොහොමයක ටින්මාළුවල හිඟයක් පවතින බව පාරිභෝගිකයෝ මැසිවිලි නගති.
ඇතැම් සතොස ශාඛාවලත් සුපිරි වෙළඳසැල් වලත් ටින් මාළු විකිණීමට තබා නැති අතර තොග අවසන් බව එහි සේවකයෝ පවසන බවද පාරිභෝගිකයෝ කියති.
ග්‍රෑම් 425 ක බරකින් යුත් මාළු ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 100 ක් වියයුතු බවට ජනාධිපතිවරයා විසින් ඉකුත් දා තීරණය කළ අතර ඇතැම් පාරිභෝගිකයෝ මුල් දින දෙකේදීම ටින් මාළු තොග රැස්කර ගත් බව වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම නොවුනොත් තමයි පුදුම ... ටික කලකට උඩදී තිබුන හාල් ප්රශ්නය වගේම තමා...
අර රේගුවෙන් පන්නන්න හදන කන්ටේනර් 99 පන්නගන්න ඒ ලොක්කට ඉඩදෙන්න. නැත්නම් ජනාධිපතිගේ වචන ටික අපරාදෙනේ.
පරිප්පු තම්බල පොල් ගාලා සැමන් හොදි එක්ක කකා ගෙදර දොරවල් ගේට්ටු වහල වයිරසයෙන් බේරිල ඉන්න අදහස් කරන මිනිස්සු තමයි ඔය පෝලිම් ගැහිලා ඕවා එකතු කරන්නෙ.
ඇත්තෙන්ම යම්තාක් දුරට කතාව ඇත්ත, නමුත් සැබෑ තත්වය නම් අදාල ගැසට්ටුවට විරුද්ධව අලෙවිකරණ්නන් විසින් 425g සැමන් ටින් සැඟවීමය, එය මා ඊයේ දිනයේදී කඩ තුනකින් අත් දැක්ක කාරනයක් වේ. මා එය ඇසින් දුටුව සාක්ෂියකි
ඕව බොරු වැඩ... අනවශ්‍ය මැදිහත්වීම් නිසා වෙළඳපලට වන හානි. අන් සියලු කරුණු නොවෙනස්ව පවතින විට ඉල්ලුම සැපයුම මිල මත තීරණය වේ. තෙල් මිල අඩු කළා නම් සමස්ත මිලමට්ටමේම අඩුවීමක් වෙනවා ආර්ථික ඔස්තාර් ගේ මොලේ දැන් ඇලේ
අතිගරු ජනාධිපතිතුමනි, වැඳලා කියන්නම් හාල් පොල් සීනි මිල අඩුකරන්න නම් එපා... එහෙම වුනොත් ඒවා හිඟයක් එවි... දුප්පත් අපිට මැරෙන්න වෙන්නේ කොරෝනා වලින් නෙමෙයි කන්න නැතිව.
මුහුඳක් නැති ලෝකයේ මාළු මිල අධිකම මිලානෝ නගරයේ ලංකාවේ තෝරා මාළු කිලෝවට අපි ගෙවන්නේ රුපියල් වලින් 1500 ක් පමණ (විවෘත වෙළඳ පොලේ). නමුත් ඒ මාළු කන්න වරම් නැති ලාංකිකයෝ දකුණු ඇමරිකාවේ ටින් කරපු මාළු අධික මිලකට කන්නේ චන්ද ලන්සුවකටත් තබාගෙන. වරද කාගේද? කුමක්ද මේ සැමන් මාෆියාව?
බලමු මෙයට කමල් අද්දර ආරච්චි මහතාගේ ප්‍රතිචාරය කුමක්ද කියලා... ඔහු කිව්වා ලංකාවටම ඇති වෙන්න ටින් මාළු දෙන්න පුළුවන් කියලා.
2500 න් මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියපු කෙනාව විශ්වාස කරොත් මේ ජනාධිපතිත් කලින් හිටං වගේ ජෝකර් කෙනෙක් වෙනවා
කෝ අර හොරෙන් පන්නපු සැමන් ටික . ඔව් ඔව් පරිප්පු කාල කුණු සැමන් කෑවම 69 ලක්ෂයට සනීපයි .
මොකක් හරි අත්‍යාවශ්‍ය භාණ්ඩයකට ප්‍රයිස් සීලින් එකක් දැම්මම බඩු හිඟ වෙනවා, අපි මේක කලිනුත් අත්දැකලා තියෙන සරලම ෆැක්ට් එකක්, ඕක ආණ්ඩුවේ ආර්ථික කප්පිත්තෝ නොදැන ඉන්න හේතුවක් නෑනේ. පුදුමාකාරයි.
එතුමා කියන ගානට ටින් මාළු ආනයනය කරලා විකුනන්න බැහැ. දැන් තියෙන තොගේ ඉවරවුනාම අලුතින් ආනයනය බොරු. ආණ්ඩුවෙන් ගෙන්නවලා පාඩුවට දෙන්න තමයි වෙන්නේ.
පසුගිය දිනක ජාතිය අමතා සැමන්, පරිප්පු මිල අඩු කරන බව දාපු ටෝක් එක ජාතියට අමතක වෙන්නත් ඉස්සරවෙලා සැමන් ටින් වල හිටපු මාළු පැටව් රංචු පිටින් මහ මුහුදට පැනල ගිහිල්ලද කියා මගේ ආච්චි අහනවා ! !