ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින කෝවිඩ් 19 හෙවත් කොරෝනා වයිරසයේ බලපෑමට ලක් නොවූ එකම මහද්වීපය ඇන්ටාක්ටිකාව බව පර්යේෂකයන් හඳුනාගෙන ඇත.

ගැණිය නොහැකි තරම් පෙන්ගුයින් පක්ෂීන් වාසය කරන එම මහද්වීපයේ ද මේ වනවිට අන්තර්ජාතික පර්යේෂකයෝ පර්යේෂණ පවත්වමින් සිටිති.
මෙතෙක් කාලයක් කිසිදු වසංගතයක සලකුණක් හමු වී නැතැයි වාර්තා වේ.
එහි සිටින බ්‍රිතාන්‍ය පර්යේෂකයන් පවා දකුණු පෙදෙසෙහි පර්යේෂණ කිරීමට පෙර දින 14ක කාලයක් නිරෝධායනයට යොමුවිය යුතුව ඇත.
ඇන්ටාක්ටිකාව පුරා මුළු වසර පුරා ම පර්යේෂකයෝ 1,000ක් රැඳී සිටිති.
හදිසි අනතුරු අංශයක් සහිත සමීප ම රෝහල පිහිටා ඇත්තේ චිලී දේශයෙන් සැතපුම් දසදහස් ගණනක් ඈතිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදියට ගියොත් එහාට තමයි යන්න වෙන්නේ.
මනුස්සයෝ අඩු රටවල්වල .. හමුවීම් , ගනු.. දෙනු . අඩු නිසා ව්‍යාප්තවීම ඉතාමත් අඩුයි. ඒ නිසා අපටත් කරන්න ඉතුරුවෙලා තියෙන්නේ මේ ටිකම තමයි ... හැකිතරමින් ... හමුවීම් , ගනු දෙනු වලින් වැළකී සිටින්න ..
ඒකත් කෑවනම් හරි
ඕවා ප්‍රසිද්ධියේ කියන්න එපා. අපේ අය බෝට්ටුවකින් වත් පනියි.