තෝමස් ගැටුමේ දී අත්අඩංගුවට ගත් අයෙකුට ඇප ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලීය කණ්ඩායමේ නායකයාට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පැවති හඳුනාගැනීමේ පෙරට්ටුවේදී සාක්කිකරුවන් හඳුනාගත් සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවකු ඇප මත මුදා හැරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (2) නියෝග කළේය. 02 May 2019
දැනට ඇති ආරක්ෂක විධිවිධාන ලිහිල් නොකරන බව අගමැති කියයි අයිඑස්අයිඑස් සංවිධානයට සම්බන්ධ ලංකාවේ සිටින සියලු දෙනා අල්ලන තුරු දැනට සීරුවෙන් තබා ඇති ආරක්ෂක විධිවිධාන කිසිවක් ලිහිල් නොකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ වෙත අද (2) දැනුම් දුන්නේය. 02 May 2019
හැඳුනුම්පත් 20ක් සමඟ අයෙක් අත්අඩංගුවට අලුත්ගම, දර්ගා නගරයේ වැලිපිටිය ග්‍රාම නිලධාරී වසමේ කළ සෝදිසි මෙහෙයුමකදී අද(2) හැඳුනුම්පත් 20ක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 02 May 2019
පුපුරණ ද්‍රව්‍ය සහිත වාහන 20 ක් උතුරට පුපුරණ ද්‍රව්‍ය සවිකළ වාහන 20 ක් දකුණේ සිට උතුරට පැමිණ ඇති බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇති හෙයින් උතුරට ඇතුළුවන සහ පිටවන සියලු වාහන දැඩි පරීක්ෂාවකට ලක්කරන බව හමුදාව පවසයි. 02 May 2019
බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සිව් දෙනෙක් චෙන්නායි නුවරින් අත්අඩංගුවට මෙරට සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාවට සම්බන්ධ බවට සැකපිට ලාංකිකයකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් චෙන්නායි හිදී අත්අඩංගුවට ගෙන ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත් වෙබ් අඩවිය අද (02) වාර්තා කර ඇත. 02 May 2019
ටී-56 - එල්එම්ජී රයිෆල් ජීවඋණ්ඩ 35ක් සොයාගනී රංවල මීතිරිගල, දංගල්ල බන්ධනාගාර එළිමහන් සිරකඳවුරට නුදුරුව පිහිටි ඇළ මාර්ගයක තිබී ටී-56 සහ එල්.එම්.ජී. රයිපල් ජීවඋණ්ඩ 35ක් හා හිස් පතුරොම් කොපු 24 ක් කිරිදිවැල පොලිසිය භාරයට ගෙන ඇත. 02 May 2019
යුද හමුදා ලාංඡනයට සමාන ලාංඡනයක් සහිත ඇඳුමක් සොයාගනී යුද හමුදා ලාංඡනයට සමාන ලාංඡනයක් සහිත කැලෑ ඇඳුමක උඩ කොටසක් සමඟ තරුණයෙකු අද(02) පානදුර උතුර ගොරකාන නේවාසිකාගාරයක් තුළදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 02 May 2019
ආගමන විගමන - රේගුව එකතු කරන්න ගත් තීන්දුව ගැන අගමැති කරුණු විමසයි ආගමන විගමන දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව යන ආයතන දෙකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ පරිගණක මෘදුකාංග ඔස්සේ සම්බන්ධ කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීන්දුව ක්‍රියාත්මක නොකිරීම ගැන කරුණු දක්වන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (2) උපදෙස් දුන්නේය. 02 May 2019
කිංග්ස්බරි බෝම්බකරුට අයත් යතුරුපැදියක් පොලිස් බාරයට කොළඹ කිංග්ස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝමබය පුපුරවාගත් මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක්ට අයත් එෆ් ඉසෙඩ් වර්ගයේ යතුරුපැදියක් කුලියාපිටිය පොලිස් පරීක්ෂකවරයකුට ලද පෞද්ගලික තොරතුරක් මත පොලිස් බාරයට ගත් කුලියාපිටිය පොලිසියට පවසයි. 02 May 2019
‘ෆොනී’ සුළි කුණාටුවෙන් මුහුද රළු වේ මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පවතින ‘ෆොනී’ චණ්ඩ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් තුළ අද (02) සිට අනිද්දා (04) දක්වා මන්නාරම සිට කොළඹ, ගාල්ල හරහා පොතුවිල් දක්වා වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 සිට 3.5 ක් දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 May 2019
මේ ඉරිදාත් දේව මෙහෙයන් නොපවත්වන්න’යි අගරදගුරුතුමෝ උපදෙස් දෙති පවතින අවදානම් සහගත තත්ත්වය හේතුවෙන් ලබන ඉරිදා (5) දිනයේ ද කතෝලික දේවස්ථානවල ඉරිදා දේව මෙහෙයන් නොපවත්වන ලෙස මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් දැනුම්දීමක් කර ඇත. 02 May 2019
වවුනියාවේ නිවසකින් හමුදා නිල ඇඳුමක කොටසක් ඇතුළු උපකරණ සොයා ගනී වවුනියාව කෝවිල්කුලම ප්‍රදේශයේ නිවසක තිබූ යුද හමුදා නිල ඇඳුමක කොටසක් ඇතුළු උපකරණ තොගයක් අද (2) අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි. 02 May 2019
තවුහිත් ජමාත් කොළඹ සංවිධායක තවදුරටත් රිමාන්ඩ් ජාතික තවිහිත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය. 02 May 2019
සියලු පාසල් 6 වැනිදා ඇරඹේ විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ දෙවන වාරය සදහා සියලු පාසල් ලබන සදුදා (06) විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කොළඹදී පැවැසීය. 02 May 2019
ඩ්‍රෝන කැමරාවක් සමඟ අයෙක් අත්අඩංගුවට මන්නාරම, පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ලියාපදිංචි නොකළ ඩ්‍රෝන කැමරාවක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවටගත් බව මන්නාරම පොලිසිය පවසයි. 02 May 2019
පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට පුල්මුඩේ ප්‍රදේශයේදී යුද හමුදාව විසින් සිදු කරන ලද සෝදිසි පරීක්ෂාවකදී මුස්ලිම් ජාතිකයෙකුගේ නිවසේ තිබී ඩෙටනේටර්, සේවානූල් ඇතුළු බෝම්බ පිපිරවීමට යොදාගන්නා උපකරණ තොගයක් අද (02) අත්අඩංගුවට ගෙන ඇත. 02 May 2019
ලක්ෂ 50ක දියමන්තියක් සොරාගත් චීන ජාතිකයකු අත්අඩංගුවට කොල්ලුපිටිය මුහුදු මාවතේ මැණික් හා ස්වර්ණාභරණ අලෙවිසැලකින් රුපියල් ලක්ෂ 50ක දියමන්තියක් සොරාගෙන මෙරටින් පලායාමට උත්සාහ කළ චීන ජාතිකයකු අද(02) කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසයි. 02 May 2019
සහරාන් සමඟ ඡායාරූප ගත් මුස්ලිම් ජාතිකයෙක් අත්අඩංගුවට තව්හීත් ජමාත් නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් සමඟ ඡායාරූප ලබා ගෙන ඒවා සන්තයේ තබා ගෙන සිටි 31 හැවිරිදි මුස්ලිම් ජාතිකයකු අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය කියයි. 02 May 2019
කිලිනොච්චියේ කසළ ගොඩක තිබූ කාලතුවක්කු උණ්ඩයක් පුපුරවා හැරේ කිලිනොච්චිය පරන්තන් මන්සන්ධියේ අතුරු මාර්ගයක කසළ ගොඩක දමා ගොස් තිබූ කාලතුවක්කු උණ්ඩයක් යුද හමුදාව විසින් ආරක්ෂිතව පුපුරවා හැර ඇත. 02 May 2019
කාන්තා ඇඳුම් 28ක් සමඟ මුස්ලිම් ජාතිකයන් 2ක් අත්අඩංගුවට තිහාරියේ සිට වෑන් රථයකින් ප්‍රවාහනය කළ සුදු පැහැති සායවල් 28 ක් සමඟ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු අනුරාධපුරයේදී සැකපිට අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 02 May 2019
කිලිනොච්චියේ පාලමක් අසළ අත්බෝම්බයක් නිෂ්ක්‍රීය කරයි කිලිනොච්චිය උරුත්තිරපුරම් ප්‍රදේශයේ පිහිටි පාලමක් ආසන්නයේ දමා තිබූ අත්බෝම්බයක් හමු වී එය ආරක්ෂක අංශ විසින් නිශ්ක්‍රීය කිරීමට පියවර ගනු ලැබීය. 02 May 2019
එම්.සී.සී. සභාපති පදවිය සංගක්කාරට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ මීළඟ සභාපතිවරයා වශයෙන් පත්වීමට නියමිතය. 02 May 2019
සහරාන්ගේ බාල සොහොයුරිය කාත්තන්කුඩියේදී අත්අඩංගුවට පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු ලෙසින් සැලකෙන මොහොමඩ් සහරාන්ගේ බාල සොහොයුරියක වන මොහොමඩ් කාසිම් මොහොමඩ් නියාස් මදනියා මඩකළපුව පොලිසිය කාත්තන්කුඩි ප්‍රදේශයේදී අද (01) සවස අත්අඩංගුවට ගෙන ඇත. 01 May 2019
ලක්ෂ 40 ක මත්පෙති ආදුරුප්පුවීදියෙන් සොයාගනී කොළඹ ආදුරුප්පුවීදිය ප්‍රදේශයෙන් කොළඹට මත් පෙති බෙදාහරින ගබඩාවක් අද (01) වටලා තිබේ. 01 May 2019
අයිඑස් සමාජිකයෙකු ඩ්‍රෝන කැමරාවක් සමඟ අත්අඩංගුවට මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ මොහොමඞ් සහරාන් ගේ හා ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ දේශන ඇතුළත් සංයුක්ත තැටි තුනක් සහ අනවසරයෙන් ලඟ තබාගත් ඩ්‍රෝන කැමරාවක් සමඟ අයි එස් අයි එස් සාමාජිකයකු බවට සැකකරන තරුණයකු අද (01) අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පෙලිසිය කියයි. 01 May 2019
විජයදාස හෙට සාක්කි දෙයි මහපොළ භාරකාර අරමුදලේ රුපියල් කෝටි 2300ක මුදලක් අවභාවිත කර ඇතැයි පවසමින් වත්මන් රජයේ ආයතන වල සිදු වී ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ගොනු කළ පැමිණිල්ලට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා හෙට (02) එම කොමිෂන් සභාව හමුවේ සාක්කි ලබා දීමට නියමිතය. 01 May 2019
පාස්කු ඉරිදා ප්‍රහාරයේ ති‍්‍රපුද්ගල වාර්තාව ජනපතිට පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත්කරන ලද විශේෂ ති‍්‍රපුද්ගල කොමිසමේ අතුරු වාර්තාවක් තමන් වෙත ලැබී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. 01 May 2019
තව්හිද් ජමාත් සංවිධානයේ නිලධාරීන් 3 ක් අත්අඩංගුවට තව්හිද් ජමාත් සංවිධානයේ දෙල්තොට ගලහ ප්‍රදේශය භාරව කටයුතු කළ සංවිධායක, ලේකම් හා උප ලේකම් යන තිදෙනා අද (01) අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය කියයි. 01 May 2019
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් චීන ජාතික විද්‍යාඥයන් 4 ක් මරුට පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් චීන ජාතික විද්‍යාඥයන් සිවුදෙනකු මියගොස් ඇතැයි කොළඹ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි. 01 May 2019
මිනිස් බෝම්බ 9 ක වතගොත දින පාස්කු දා (21) දේවස්ථාන තුනකට, හෝටල් තුනකට ඇතුලූ ස්ථාන 8 ක එල්ල වු මරාගෙන මැරෙන බෝම්කරුවන් නව දෙනාගේ සියලූ තොරතුරු සහ ඔවුන්ගේ සමීපතමයන් රැසකගේ තොරතුරු හෙළිකරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 01 May 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026