අල්ලස් ගත් යාපනයේ විදුහල්පතිවරයෙක් අත්අඩංගුවට රුපියල් පනස්දහසක අල්ලසක් ගනිද්දී යාපනය විදුහලක විදුහල්පතිවරයෙක් අල්ලස් හෝ දුෂණ විමර්ශන ඒකකය මගින් අද අත්අඩංගුවට ගෙන තිබේ. 20 September 2019
ඇවන්ට්ගාඩ් නඩුව ගාල්ලෙන් කොළඹ මහාධිකරණයට ගාල්ල වරාය ආසන්න මුහුදේ ඇවන්ට් ගාඩ් නෞකාවේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් වසර හතරක පමණ කාලයක් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වු නඩුවේ නඩු කටයුතු අවසන් කළ ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් හතර දෙනා මේ මස 27 කොළඹ මහාධිකරණ අංක 3 ශාලාවේ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මහාධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට අද (20)නියෝග කළේය. 20 September 2019
‘උත්තරීතර - දෝෂාභියෝගයේ ඇතුලාන්තය’ ග්‍රන්ථය එළිදකී හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය විසින් රචිත ’උත්තරීතර - දෝෂාභියෝගයේ ඇතුලාන්තය’ නැමැති ග්‍රන්ථය ජනගත කිරීමේ අවස්ථාව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ දී අද (20) සිදු කෙරිණි. 20 September 2019
ඡන්දය දාන්න යන්න බයනම් වෙනත් මධ්‍යස්ථානයක් යම් තත්වයක් හේතුවෙන් කිසියම් ප්‍රදේශයක ඡන්ද මධ්‍යස්ථානයට ගොස් තම ඡන්දය ප්‍රකාශකිරීමට නොහැකි වෙතැයි කිසියම් ඡන්ද දායකයකුට සාධාරණ බියක් ඇත්නම්, ඔහුට ඒ සඳහා වෙනත් මධ්‍යස්ථානයක් ලබාදිය හැකි බව මැතිවරණ කොමිසම කියයි. 20 September 2019
පූජිත් - හේමසිරි ඇප දුන් තීන්දුව ප්රතිශෝධන කරන්නැයි ඉල්ලයි පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ මිනීමැරීම සම්බන්ධයෙන් ප්‍රහාරය එල්ල කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය දුන් නීතීවිරෝධී, අයුක්ති සහගත නියෝගය ප්‍රතිශෝධනය කරවා සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සො 20 September 2019
ජනපතිවරණය අවසන්වන තෙක් රාජ්‍ය දේපළ භාවිතය තහනම් ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම පවත්වා අවසාන වන තෙක් රාජ්‍ය දේපළ හා රාජ්‍ය උත්සව භාවිත කර දේශපාලනඥයින් ප්‍රවර්ධනය කිරීමේ කටයුතු තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 20 September 2019
චන්දන රාජපක්ෂ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි තංගල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දන රාජපක්ෂ මහතා අද (20) පැවති ප්‍රාදේශීය සභා රැස්වීමේදී ප්‍රකාශයක් කරමින් තම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බවත් ඉදිරියේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දක්වන බවත් පැවසීය. 20 September 2019
‘විධායක ජනපති ධුරය අහෝසි කරමුදැයි ජනපති ඇසුවා’ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන කැබිනට් මණ්ඩලයේදී කතාකරමුදැයි ජනාධිපතිතුමා කතා කර තමාගෙන් විමසූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පස්යාල කල්ලේලියේදී අද(20) පැවැසීය. 20 September 2019
ගෝඨාභය වෙනුවෙන් ඇප තැන්පත් කරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අද මැතිවරණ කොමිෂන් සභාවේදී ඇප තැන්පත් කෙරිණි. 20 September 2019
සභිකයින්ගේ දීමනා ගෙවීමට මුදල් නැතැයි තංගල්ල ප්‍රා. සභාපති කියයි සැප්තැම්බර් මාසය සඳහා තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභිකයින් 28 දෙනෙකුට ගෙවිය යුතු දීමනාව ගෙවාගැනීමට සභාව සතුව මුදල් නැති බව තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ලාලිත වනිගසේකර මහතා අද (20) පැවති මාසික රැස්වීමේදී පැවසීය. 20 September 2019
මරදාන දුම්රිය ස්ථානයේ කලබලයක් දුම්රිය ප්‍රමාදය හේතුවෙන් පීඩාවට පත් මගීන් මරදාන දුම්රිය ස්ථානයේ දී විරෝධය පළකිරීම නිසා දුම්රිය ස්ථානාධිපති කාර්යාලය අසල ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවිය. 20 September 2019
කොටුව - බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය පැය 6ක් ප්‍රමාදයි කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය, වටවල සහ හැටන් දුම්රිය ස්ථාන අතර පැය 6ක පමණ කාලයක් කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් අද(20) මගීහු පීඩාවට පත් වූහ. 20 September 2019
සුදු වෑන් රියෙන් පැහැරගත් දෙදරු පියා අතුරුගිරියෙන් හමු වෙයි මාතර බෙරලපනාතර නගරයේදී සුදු වෑන් රථ දෙකකින් පැමිණි පිරිසක් විසින් පැහැර ගැනීමට ලක්වූ ප්‍රදීප් සුරංග එදිරිසිංහ නම් 45 හැවිරිදි දෙදරු පියා අතුරුගිරිය ප්‍රදේශයේ රහසිගත ස්ථානයක සඟවා සිටියදී අද (20) සොයාගත් බව ඌරුබොක්ක පොලීසිය පවසයි. 20 September 2019
රාගම-කොළඹ දුම්රිය ධාවනය නවතී රාගම දුම්රිය ස්ථානයේ සිට කොළඹ දෙසට කිසිදු දුම්රියක් ධාවනය නොවන බව පැවසේ. 20 September 2019
කොළඹ -නුවර දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් එඩේරමුල්ලේ සිට කොළඹ කොටුව දක්වා වන දුම්රිය මාර්ගයේ එකම මංතීරුවේ දුම්රිය 3 ක් නවතා තිබීමෙන් කොළඹ නුවර දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතී. 20 September 2019
ඇලිට් සමාගම නෙළුම් කුලුන ඉදිකිරීමේ ව්‍යාපෘතියෙන් ඉවත්වෙයි ඒරෝස්පේස් ලෝන්ග් මාච් ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් සමාගම (ඇලිට්) ඔවුන්ගේ ලිපිනය වෙනස් කර ඇති බවත් ශ්‍රී ලංකා විදුලි සංදේශ කොමිසමට දැනුම් දීමක් නොකරම නෙළුම් කුලුන ඉදි කිරීමේ ව්‍යාපෘතියෙන් ඉවත්ව ඇති බවත් චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 19 September 2019
‘‘රටේ නීති විරෝධී කටයුතු පිටුපස සිටින්නේ දේශපාලකයෝ‘‘ රටේ සියලුම නීති විරෝධී අපරාධ පිටුපස සිටින්නේ දේශපාලකයෝ.ඒ නිසා එවැනි කිසිඳු දෙයකට සම්බන්ධ වී තිබෙන කිසිඳු අයෙකුට යළි මන්ත්‍රීධූරයකට පැමිණීමේ අවස්ථාව අහෝසි කරනවා. ඒ වෙනුවෙන් නීති සම්පාදනයට පවා අපි සූදානම් යැයි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා රත්නපුරදී පැවසීය. 19 September 2019
පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් මුදාදෙන බව පවසා මුදල් ගත් අයෙක් අත්අඩංගුවට පාස්කු ප්‍රහාරයට අත්අඩංගුවට ගත් පුද්ගලයින් තුන්දෙනෙකු මුදා දෙන බව පවසමින් ඥාතියකුගෙන් රුපියල් දාහත් ලක්ෂ පහළොස් දහසක මුදලක් ලබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පැවැසීය. 19 September 2019
තැපැල් ඡන්ද අයදුම්පත් 30 වැනිදා තෙක් බාරගනී ජනාධිපතිවරණයේදී තැපෑලෙන් ඡන්දය දීම සඳහා ඉල්ලුම් කරන්නන්ට මේ මස 30 වැනිදින මධ්‍යහන 12 දක්වා අයදුම්පත් භාරගන්නා බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි. 19 September 2019
උතුරු මැද 207 කට පත්වීම් උතුරු මැද පළාතේ පවතින පුරප්පාඩු සඳහා පත්වීම 207ක් ප්රදානය කිරීමේ උත්සවය පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ දී අද (19) පැවැත්විණි. 19 September 2019
‘‘ජනාධිපතිවරණය නිදහස් ඡන්දයක් ලෙස පවත්වනවා‘‘ ජනාධිපතිවරණය ඉතා නිදහස් ඡන්දයක් ලෙස පවත්වා එයින් ජයගෙන ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණයත් ජයගන්න බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද (19) පැවසීය. 19 September 2019
ආබාධිත රණවිරුවා විදුලි කණුවට නගී කොටුව දුම්රිය ස්ථානය අසළ විරෝධතාවේ නිරතව සිටින ආබාධිත රණවිරුවන් අතර සිටි එක් රණවිරුවකු අද (19) එහි තිබූ විදුලි කණුවක නැග ගත් අතර, ගිනි නිවන හමුදාව විසින් පසුව ඔහුව බේරාගන්නා ලදී. 19 September 2019
සජිත් හෙට ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් ඒකකයට නිවාස , ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාට හෙට (20) පෙරවරු 9.30ට ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන්නැයි එම කොමිසම නොතීසි නිකුත් කරනු ලැබ ඇත. 19 September 2019
තෙල් ගන්න ගිය ඩොලර් මිලියන 250 සිලෝන් ටී ආයතනයෙන් ගෙවයි ශ්‍රී ලංකාවට ඉරානයෙන් ආනයන කරන ලද ඛනිජ තෙල් සඳහා ගෙවීමට ඇති ඇමරිකන් ඩොලර් මිලියන 250 ක් සිලෝන් ටී ආයතනයෙන් පියවීමේ නව හුවමාරු ගෙවීමේ ක්‍රමයක් වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක හා මහා මාර්ග මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය කබීර් හෂිම් යන මන්ත්‍රීවරු පිරිසක් විසින් ප්‍රථම වතාවට අද (19) හදුන්වා දෙනු ලැබූහ. 19 September 2019
හේමසිරිට - පූජිත්ට ඇප දුන් තීන්දුවේ දෝෂයක් නෑ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර බාරයට පත් කරනු ලැබ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය 19 September 2019
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට කැබිනට් ඇමැතිවරුන්ගේ විරෝධය විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතු බවට ගෙන ආ යෝජනාවක් අද (19) පස්වරුවේ පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන්ගේ විරෝධය හේතුවෙන් ප්‍රතික්ෂේප වී ඇතැයි වාර්තාවේ. 19 September 2019
ලිංගික අතවර කළ රගර් ක්‍රීඩකයන් දෙදෙනා වසර 10 ක් හිරේ කොළඹ ප්‍රධාන පෙළේ පිරිමි පාසලක ජිම්නාස්ටික් ක්‍රීඩාව සඳහා රැදී සිටි අවුරුදු 6 1/2 ක බාලවයස්කාර පිරිමි ළමයකුට බරපතල ලිංගික අතවර කිරීමේ හා ඒ සඳහා ආධාර දීමේ චෝදනාවට වරදකරු වූ එම පාසලේම රගර් කණ්ඩායමේ සාමාජිකයින් ලෙස කටයුතු කළ රගර් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා වසර 10 බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් අද (19) නියම කළේය. 19 September 2019
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණය 24දා සිට අධ්‍යයන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණය සැප්තැම්බර් 24 වැනි දින සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 19 September 2019
අල්ලස් ගත් කොස්තාපල් වසර 2ක් හිරේට ඖෂධ පනත යටතේ ලියාපදිංචි භාණ්ඩ අවසර පත්‍රයේ මුල් පිටපත නොමැතිව ඡායා පිටපතකින් ගෙන යෑමට අවසර ලබාදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 25,000 ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ මට්ටක්කුලිය පොලිසියට අනුයුක්තව රාජකාරී කළ පොලිස් කොස්තාපල්වරයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා වසර 2 ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් අද (19) නියම කළේය. 19 September 2019
24 මැදියම් රැයේ සිට දුම්රිය වර්ජනයක් දුම්රිය රියදුරු නියාමක, දුම්රිය පාලක සහ ස්ථානාධිපතිවරු ලබන 24 දා මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයකට එළැඹීමට තීරණය කර ඇතැයි දුම්රිය මෙහෙයුම් අධීකරණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා පැවසීය. 19 September 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026