( තිළිණි ද සිල්වා )
දඹදිව වන්දනාවේ ගොස් මේ වන විට ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් කඩිනමින් යළි දිවයිනට ගෙන්වා ගැනීම අද (18) සවස ශ්‍රීලංකන් විශේෂ ගුවන් යානා පිටත් කර යවන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය කියා සිටී.
වන්දනා නඩ විසි දෙකකට අයත් ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 1200 ක් පමණ දැනට ඉන්දියාවේ සිටින අතර ඔවුන් ඉන්දියාවට පැමිණ ඇත්තේ රජය විසින් දඹදිව වන්දනා චාරිකා තාවකාලිකව අත්හිටුවීමේ තීරණය ප්‍රකාශයට පත් කිරීමට පෙරයි.
කෙසේ මෙම පිරිස ගෙන්වා ගැනීම සඳහා ඉන්දියාවේ නව දිල්ලිය බලා මෙම විශේෂ ගුවන් යානය පිටත් කර යැවීමට සුදානම් යැයිද එම අමාත්‍යාංශය ලේකම්වරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd