(මහින්ද නිශ්ශංක)
කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථානවල පමණක් ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම, ආසන වෙන්කිරිම හා පාර්සල් බාරගැනීම අද (18) උදේ 9.00 සිට ආරම්භ කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි.
කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීමේ ක්‍රියාමාර්ගයක් ලෙස දුම්රිය ස්ථානාධිපතිවරු අද (17) සිට ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම ආසන වෙන් කිරිම හා පාර්සල් බාරගැනීමෙන් වැළකී සිටියහ.
මුඛ ආවරණ හා විෂබීජ නාශක ලැබීම හේතුවෙන් කොටුව හා මරදාන දුම්රිය ස්ථානවල දුම්රිය ස්ථානාධිපතිවරු රාජකාරියවල යෙදෙන අතර සෙසු දුම්රිය ස්ථානවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරිම සිදුනොකරන බවද සංගමය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd