(නිමල් ජයරත්න)
කොරෝනා ආසාදිතයින් රඳවා සිටින වැලිකන්ද රෝහල වන අලින්ගෙන් ආරක්ෂා කිරිම සඳහා රෝහල වටා පැය 24 ක් තුළ අලි වැටක් ඉදි කිරිමට පියවර ගත් බව පොළොන්නරුව කලාප වනජිවි සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.කිර්ති චන්ද්‍රරත්න මහතා අද (18) පැවසිය.
පොළොන්නරුව රෝහලේ රඳවා සිටින කොරෝනා ආසාදිතයින් මෙම රෝහලට ගෙනවිත් ප්‍රතිකාර කටයුතු සිදු කෙරේ. මේ වන ආසාධිතයින් 5 දෙනකු රඳවා සිටිති.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂක අමාත්‍යංශයේ මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හදිසි ඉල්ලිම මත වනජිවි සහ සිවිල් ආරක්ෂක නිලධාරින් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිකළ මෙම විදුලි වැටට අමාත්‍යංශයේම අවශ්‍ය උපකරණ හා ප්‍රතිපාදන යොදා ගත් බවද චන්ද්‍රරත්න මහතා වැඩිදුරටත් කිවේය.
ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා රෝහල වටා කිලෝමිටර් එක හමාරකින් යුත් වපසරියකින් යුත් මෙම විදුලිවැට ඉදිකිරිමට පොළොන්නරුව, වැලිකන්ද, සුංගාවිල, වෙහෙරගල යන වනජිවි කාර්යාලවල සේවය කරන නිලධාරින්ගේ පුර්ණ සහය හිමි වු බවද චන්ද්‍රරත්න මහතා කිය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලු වනජිවි නිලධාරින් වැටුප් වැඩි කිරිම ඇතුලු ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් වෘත්තිය ක්‍රියාමාර්ගයක නියැලිමට සිටියද එම ක්‍රියාමාර්ගය අත් හිටුවමින් ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා වැලිකන්ද කොරෝනා ආසාධිතයන්ගේ රෝහල වටා මෙම අලිවැට පැය 24 ක් තුළ ඉදිකරගැනිමට හැකියාව ලැබුණ බවද වනසත්ව අඩවි ආරක්ෂකවරුන්ගේ සම ලේකම් ඩබ්ලිව්.එම්.කුමාරසිරි විජේකෝන් මහතා සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආසාධිතයන් අතර ප්‍රභූ කවුරුහරි හෝ වනජීවී නිලධාරියෙකුගේ කවුරුහරි ඇති. ඔය ආසාධිතයන් එනකල් ඔය රෝහලට අලි ආවේ නැද්ද? මෙතෙක් කල් ඔය රෝහලේ හිටිය රෝගීන් කොරෝනා ආසාධිතයන් තරම් වටින්නේ නෑ. ඒකයි මෙච්චර කල් නොගහපු අලි වැට පැය 24න් ගැහුවේ.
අපගේ අහිංසක ගොවි ජනතාවගේ භවභෝග මෙන්ම ඔවුන්ගේ ජීවිතය ආරක්ෂා කරගැනීමට මෙවන් කඩිනම් වැඩ කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව ට හා බලධාරීන්ට නුවන පහල වේවා
ඔය රෝහලට ගෙනයායුතුම පුද්ගලයෙක් නම් ඉන්නවා. ඔය පැත්තේම කෙනෙක්... හැබැයි ඉතින් මෑන්ස් නොට් ෂුවර් අලින්ටත් ඇනලා වැටෙන් පනියි. මිනිහා කටුස්සා වගේ වෙනස් වේවි උකුස්සා කියලා තමයි හිතාගෙන ඉන්නේ...