(ඉන්දිකා රාමනායක)
පාසල් සිසුන් 10 දෙනෙක්ට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවටත් ප්රවෘත්ති සාකච්ඡා පවත්වමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.
පොලිස්පතිවරයාගේ නියමයෙන් මෙම පරීක්ෂණය අරඹා ඇත.
රාජිත සේනාරත්න මහතා පසුගියදා කොළඹදී මෙම මාධ්‍ය හමුව පවත්වා ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
මෙම සිද්ධියට අදාල හඬපට පොලිස් මුලස්ථානය වෙත ලැබුණු පැමිණිල්ලක් අනුව පොලිස්පතිවරයා මෙම පරීක්ෂණ අපරාධ විමර්ශන බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා නියමයෙන් යටතේ මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටම ගිනිතියන්නේ මේ හාදයා පරණ ඒවත් අල්ලලා දෙන්න පුළුවන් ඉහළම දඬුවම් දෙන්න...
හොඳ වැඩේ... තවම මට්ටු වෙලා නැහැ.
මෙයා දඟලනවා බොහොම වැඩියි.
එකම රාජකාරිය රට ගිනි තැබීමයි.. මේ පළමුවෙනි අවස්ථාව නොවෙයිනේ..
මේ අයව අල්ලලා කූඩුවට දාන්න ඕනෑ. අර කලින් ඡන්දෙදී කිඹුල් කතාවක් කිව්වා. මට හිතෙන්නේ මේ හාදයින් කාගේහරි කොන්ත්‍රාත්තුවක් කරනවා විපක්ෂයේ ඡන්ද අඩුකරන්න. ආණ්ඩුවට කොන්ද පණ තියෙනවා නම් මේ අයව කූඩුකරලා තියන්න ඕනෑ...
මෙයා නහින්නේ කට නිසා...
මේවා ඇත්තටම විහිළු පරීක්ෂණ. සාමාන්‍ය මිනිහෙක් මුහුණු පොතේ මේ වගේ දේවල් කිව්වොත් කුදලාගෙන යනවා. ඒ වුණාට ලොකුඅයට නමට පරීක්ෂණ...
මේකාව මේ පාරවත් හත්, අට මාසෙකට දාන්නකෝ ඇතුළට... නැතිනම් මෙයා පාඩමක් ඉගෙන ගන්නෙම නැහැ...
ඔහුව අත්අඩංගුවට ගන්න.
හොඳ ඉස්පිරිතාලයක්, අලුත් ලෙඩක්.., මුදලට හෘද සාක්ෂිය විකුණන දොස්තර කෙනෙක් හොයාගන්න වෙලාව...