( තිළිණි ද සිල්වා )
දැනට සංචාර සඳහා විදේශ රටවල් වලට ගොස් සිටින , කොරෝනා වයිරස වසංගත තත්ත්වය නිසා පනවා ඇති සංචාරක තහනම හේතුවෙන් ආපසු ශ්‍රී ලංකාවට යාම පිළිබඳ අපහසුතාවයකට මුහුණ දෙන ශ්‍රී ලාංකිකයින් සඳහා සුදුසු පරිදි වීසා බලපත්‍ර දීර්ඝ කිරීමට පහසුකම් ලබා දෙන්නැයි විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා විදේශ රජයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
විදේශ ලේකම්වරයා මෙම ඉල්ලීම කරනු ලැබුවේ, එම වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කිරීම සඳහා කරුණු විස්තර කිරීමට ඊයේ(18) සවස බටහිර කලාපීය තානාපතිවරුන් පිරිසක් ඇමතූ අවස්ථාවේ දීය.
දැනට මෙරට තුළ සිටින විදේශීය ජාතිකයින් සඳහා, තම වර්තමාන වීසා බලපත්‍ර කල් ඉකුත් වූ දින සිට එක් මසක දීර්ඝ කිරීමක්, සියලු වර්ගවල වීසා බලපත්‍ර සඳහා ලබා දෙන බවට ශ්‍රී ලංකා රජය ඊයේ(17) නිවේදනය කළ බව ඔහු එම තානාපතිවරුන් හමුවේ පැවසීය.
මෙවැනි අන්‍යෝන්‍ය විධිවිධාන පොදු භාවිතයක් බවත් මේ සුවිශේෂී අවස්ථාවේ දී ඔවුන් මුහුණ දෙන ගැටලු අවම කර ගැනීම සඳහා ශ්‍රී ලාංකික සංචාරකයින්ට මෙම පහසුකම් සැලසීමට හැකි වනු රජය අපේක්ෂා කරන බවද විදේශ ලේකම්වරයා එම තානාපතිවරුන් හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
තම රටවල සිටින ශ්‍රී ලාංකික ප්‍රජාවන්ට උදව් උපකාර කිරීම සඳහා අදාළ රජයන් විසින් ලබා දෙන සහයෝගය විදේශ ලේකම්වරයා අගය කළ අතර, ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයන් පිළිබඳ වර්තමාන තත්ත්වය සහ විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව තොරතුරු පැමිණ සිටි තානාපතිවරුන් සමඟ බෙදා හදා ගත්තේය.
වර්තමානයේ පවතින ගැටලු හඳුනා ගනිමින්, දැනට සියලුම ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූතමණ්ඩල හදිසි ප්‍රතිචාර දැක්වීමේ ඒකක ලෙස කටයුතු කරන අතර, වර්තමාන අභියෝග මධ්‍යයේ කොන්සියුලර් හා වෙනත් සේවාවන් සීමිත ප්‍රමාණයක් පමණක් පවත්වාගෙන යන බව ඔහු පැවසීය.
තම පුරවැසියන්, නිරෝධායන මධ්‍යස්ථානවල පවතින පහසුකම් සහ නිසි සන්නිවේදන මාර්ග පිළිබඳව කොළඹ පිහිටි විදේශ දූත මණ්ඩලවලට ඇති ගැටලු සම්බන්ධයෙන්, එහි පැමිණ සිටි දේශීය පාර්ශ්වකරුවන් විසින් ඵලදායී ලෙස ප්‍රතිචාර දක්වන ලදී.
ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අපේක්ෂා කරන අය සඳහා ගුවන්තොටුපල වසා දමා තිබියදීත්, මෙහි සිටින විදේශිකයන් අපහසුවකින් තොරව පිටත්කර හැරීම පිළිබඳව ද මෙම තානාපති රැස්වීමේ දී එකඟතාවකට පැමිණෙන ලදී.
තම රටවැසියන් සඳහා වීසා බලපත්‍ර දීර්ඝ කිරීම ඇතුළුව, මෙම තත්වය පාලනය කිරීම සඳහා රජය ගන්නා උත්සාහය පිළිබඳව මෙම තානාපතිවරු අගය කළ අතර, තම රටවල සංචාරය කරන ශ්‍රී ලාංකිකයන් සඳහා ද ඒ හා සමාන පහසුකම් සලසා දෙන ලෙස කරනු ලබන ඉල්ලීම ඔවුන්ගේ රජයන් වෙත දැනුම් දෙන බවටද එම තානාපතිවරු සහතික වූහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විදෙස් රටවල සිටින ලාංකිකයන්ගේ වීසා දීර්ඝ කරන්නැයි ඉල්ලයි
de silva Thursday, 19 March 2020 03:20 AM
කරුණාකර දැන්වත් සංචාරකයින්ගේ වීසා දිගුකිරීම ඇතුළු දේවල් පළාත්බදව කරගතහැකි වනසේ කාර්යාල පිහිටුවන්න. මේවා සියල්ල කරගැනීමට කොළඹ ප්‍රධාන කාර්යාලයටම එන එක විශාල රස්තියාදුවක්.