(නිමල කොඩිතුවක්කු)
තමන් ඉදිරි මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට තරඟ කරන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ලංකාදිපයට පැවැසීය.
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මැදවච්චිය ආසන සංවිධායකවරයා ලෙසද තමන් තමන් පත්කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
දුටුගැමුණු රජතුමන් නතරකළ තැන සිට රට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීම තම අපේක්ෂාව බවද මර්වින් සිල්වා මහතා පැවැසීය.
තමන් හම්බන්තොට, ගම්පහ දිස්ත්‍රික්ක වලින් මැතිවරණ ජයගෙන ඇති බවත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කිරිම වෙනුවෙන් කැපවන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මහත්තයා යූ.එන්.පී. එකෙන් ආවොත් අලියා කපෝති. සුනේ සුන්. මට පෙනෙන්නේ පොහොට්ටුවේ කල්ලියත් එක්ක ඩීල් එකක් දාලා වගෙයි...!
එහෙට මෙහෙට රිලවා වගේ පැන පැන හිටියා... අනේ වාසනාවන්....
දුටුගැමුණු රජුට නිගාකරන්නන් සඳහා හොඳම උදාහරණය...
හානේ...!! කලකට පස්සේ දුටුගැමුණු එළියට බැහැලා තියෙන්නේ... දුටුගැමුණු කියලා කියා ගත්තට අන්දරේ කියලා තමයි හැමෝම දන්නේ... වහාම ක්‍රියාත්මක වන පරිදි පුරාවිද්‍යා නිලධාරීන් හා පුරාවිද්‍යා ආරක්ෂක පොලිසිය සියලු පුරාවිද්‍යා ස්ථානවලට විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. එන පොට හොඳ නැහැ...
ලොක්කා, මේක විහිලු සපයන කාලයක් නෙවෙයි. එසේ කීම පසුවට තියමු...
මොහු වහාම නිරෝධායන මධ්‍යස්ථානයකට යැවිය යුතුයි..!
එජාපෙන් ඉල්ලන්න මිනිස්සු නැති නිසා ඔක්කොම කුණු ගොඩවල් ටික තමයි දාලා තියෙන්නේ. මහඡන්දෙන් පස්සේ එජාපෙත් ඉවරයි.. ඒක නම් ලොකුදෙයක්. මෙලෝ වැඩක් නැති නායකයෙක් ඉන්න පක්ෂයක්..
නිතරම වඳුරෙකු වගේ එහෙට, මෙහෙට පනින නිසා දුටුගැමුණු නමට වැඩිය හනුමා යන නම ඔබට සුදුසු බව මගේ වැටහීමයි...
ලෝකේ එකඑක මිනිසුන්ට වෙනස් ආකාරයේ ලෙඩ තිබෙනවා. මේ මහතුන්ට තිබෙන්නේ, රජවීමේ කැමැත්ත. හිස් ටින් එකක් පමණි.
එහෙනම් කඩොල් ඇතාගේ කකුලකට ඉන්න එහෙම ඉඩ දුන්නේ නැතිනම් අලියාගෙන් වත් පටන් ගන්න. ඔබට එක ඡන්දයක් හෝ දෙන ගොබ්බයින් ඇතිනේ...
රටටම පිළිළයක් වූ පවට උපන් මිනිසුන්... මොවුන්ට ඡන්දය දී පාර්ලිමේන්තු ගව මඩුවට පිටත්කර හරින ජනතාවද බත් එක ගවයින්ය.
එජාපෙ ලෑස්ති කොහොම හරි දිනන්න. මේ අය කිට්ටු කරගෙන නම් ඒක කරන්න බැරිවෙයි...
මෙයාගේ පැටිකිරිය හොඳටම දන්න අය මේ රටේ නැතුවා නෙවෙයි.. ගස් බැඳපුවා.. රූපවාහිනියට පැනලා තීන්ත නාගත්තුවා... කුඩුකාරයින් බේරාගන්න පොලිසියට ගිහින් පාට් දාපුවා එහෙම...? අපේ රටේ ඉන්න බත්කන මෝඩ යෝ නම් ඡන්දෙ දෙයි...
මේ වගේ මිනිස්සු පර්ලිමේන්තුවට තියා රටේවත් තියාගන්නට සුදුසු නෑ. බංකොලොත් දේශපාලුවෝ බංකොළොත් පක්ෂවල එල්ලිලා මේ රටේ අනාගතය විනාශ කරන්නට හදනවා.
රූපවාහිනියට ගහන්න ගිහින්, ඒකෙ හිටිය පියන්ලාගෙනුත් අම්බානකට කෑවා.. ලැජ්ජාවක් තියෙනවා නම් ආයිත් දේශපාලනය කරන්නේ නැහැ.
මොන පාට රෙද්දක්ද කරේ දමන්නේ..?
ඔය ඉතින් ගුටිකන්න තමයි දඟලන්නේ...
දුටුගැමුණු රජ නැවත ඉපදුණොත් ඉස්සෙල්ලම හොයන්නේ එළාර රජ නොවේ. මෙන්න මේ එතුමාගේ ප්‍රතිරූපයට නිගාදෙන මෙන්න මේ අයයි.
දුටුගැමුණු රජතුමන් නතරකළ තැනින් පටන්ගන්න ඔබතුමාට අමුඩයකුයි උදල්ලකුයි මම එවන්නම්. හැබැයි ආචාර්ය තොප්පිය මඩේ වට්ටගන්න එපා, කිලුටුවෙයි.
මොහුට ඇති පිස්සුවක් නැහැ.. මේ විකාර දොඩවන්නේ ප්‍රචාරයක් ලබාගැනීම සඳහා බව අමතක කරන්න එපා.. මෙවැනි විකාර කතා කියලා දේශපාලන බලයක් ලබාගෙන එමගින් මොහු කෝටි ගණනක අාදායමක් උපයාගෙන තිබෙන බව සියලු දෙනාම දන්නවා. මෙවැනි පුද්ගලයින් කියන කරන දේවල් මාධ්‍ය මගින් ප්‍රචාරය නොකරන්න සියලුම මාධ්‍ය ආයතන එකඟතාවයකට එන්න ඕනේ...
සතුටුයි සර්..., නරකද මේ පැත්තේ ඇවිත් ආපහු ටිකක් නාගෙන ගියොත්...