(පාලිත ආරියවංශ )
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති ප්‍රංශ ජාතිකයකු ඇල්ල ප්‍රදේශයේ සුඛෝපභෝගී සංචාරක හෝටලයක දින දෙකක් නතර වී සිටි බව අනාවරණය වී තිබේ.
එම හෝටලයේ කාර්ය මණ්ඩලය අද (19) නිරෝධායනයට ලක් කරන බව ඇල්ල පොලිසිය පවසයි.
මෙම විදේශීකයා සිය දියණිය සමඟ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර ඉකුත් 15 සහ 16 යන දිනයන්හි මෙම හෝටලයේ නවාතැන් ගෙන ඇත.
ඔහු දැනටමත් ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවත් දියණිය නිරෝධානයකට ලක්කර ඇති බවත් ඇල්ල පොලිසිය පවසයි.
මේ විදේශීකයන් දෙදෙනා කැටුව ආ සංචාරක මඟ පෙන්වන්නා සොයා විමර්ශන සිදුකරන බවද පොලිසිය සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොරෝනා යැයි සැක ප්‍රංශ ජාතිකයකු ඇල්ලේ නවාතැන් ගෙන
සංජීව Thursday, 19 March 2020 04:50 AM
ආණ්ඩුවේ මෝඩ වැඩවල ප්‍රථිපල තමයි මේ එන්නේ. බහුබූත දොඩව දොඩවා නිරෝධායනයට ලක්කරේ ඉතාලියෙන්, කොරියාවෙන් සහ ඉරානයෙන් ආපු අපේ මිනිස්සුන්ව විතරයි. ඒකත් කරේ පෙරහැර ගියාට පස්සේ. අනිත් හැම එකාටම නිදහසේ ලංකාවට එන්න දුන්නා. දැන් ඒවාට වන්දි ගෙවන්න වෙලා තියෙන්නේ රටේ ජනතාවට... වැඩේ වෙනකම් බලන් ඉඳලා දැන් නිරෝධායන කරනවාලු. ඔයටික මීට මාසෙකට කලින් කරා නම් අද ලංකාවේ එක කොරෝනා රෝගියෙක්වත් නැහැ. මේ කතාකරන්නේ දේශපාලනය නෙවෙයි.
Ranjan Thursday, 19 March 2020 06:12 AM
සංජීව මෙහෙ මොන දේ වෙන්නෙත් ඔය විදිහට හේතුව රටක් පාලනය කරන්න දැනුම නැති ගොන් රැලක් පාර්ලිමේන්තුවේ ඉන්නේ. මේ වසර 72 ටම සිදු වුනේ තම තමන් පොහොසත් වුන මිසක් රටට සිදුවුන් දෙයක් ලෙස තිබෙන්නේ අමනයන් නිසා ලෝකයටම ණය වීම