කොරෝනා වයිරසය හේතුවෙන් අද (18) දිනයේදී පමණක් ඉතාලියෙන් මරණ 475ක් වාර්තා වූයේ යැයි එරට බලධාරීහු කියති.
ඒ අනුව අද වනවිට කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියෙන් වාර්තා වන සමස්ත මරණ 2,978ක් දක්වා ඉහළ ගිය අතර එරට සමස්ත ආසාදිතයන්ගේ පිරිස 35,713ක් දක්වා ඉහළ ගොස් ඇත. කොරෝනා වයිරසය ලොව පුරා ව්‍යාප්ත වීම ආරම්භ වීමත් සමඟ ඕනෑම රටකින් එක් දින වාර්තා වූ ඉහළම මරණ ගණන මෙය වේ.
මීට පෙර එක් දිනක් තුළ ඉතාලියෙන් වැඩිම මරණ ගණනක් වාර්තා වූයේ 15 වැනිදා ඉරිදා වන අතර එය 368කි.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන්ගත් කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 160කට ආසන්න සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ගොස් තිබේ.
ඊයේ රාත්‍රී 10 වනවිට නිකුත් වී තිබු සංඛ්‍යා දත්තවලට අනුව කොරෝනා වයිරසයෙන් ලොව පුරා මියගිය සම්පූර්ණ ගණන 8,724ක් දක්වා ඉහළ ගොස් තිබිණි. කොරෝනා වයිරසය ආසාදනය වූ සමස්ත පිරිස 211,853ක් ලෙස දැක්වුණු අතර වයිරසය ආසාදනය වී සුව පිරිස 83,188ක් ලෙස දැක්විණි.
කෝවිඩ්-19 යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ඉකුත් දා පියවර ගත්තේය.
රෝමයේදීය (ඒ.එෆ්.පී.)
055
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළට
Amula Wednesday, 18 March 2020 08:35 PM
තාමත් මේ රටේ අයට ගාණක් නැහැ කියලා තමයි කියන්නේ...
ranjith Thursday, 19 March 2020 01:30 AM
ලංකාව මේ තත්වයට එන්නට එදා, අද කරන බොහෝ දේ වේලාසනින් කරනම් හොඳයි නේද.?
පිටිගල මිලානෝ Thursday, 19 March 2020 06:34 AM
ලංකාව දැන්මම ලොක්ඩවුන් කලේ නැත්නම් රටම හිස් වෙයි.