(අප්සරා යෝසිත් විජේසූරිය)
රත්නපුර මුද්දූව ප්‍රදේශයේ පදිංචි කොරෝනා වයිරසය ආසාදිත කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබන මැණික් ව්‍යාපාරිකයාගේ බිරිඳට සහ දියණියටත් කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බව වෛද්‍ය පරීක්‍ෂණ වාර්තා අනුව තහවුරුව ඇතැයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කේ.බී.කන්නන්ගර මහතා පවසයි.
මීට පෙර අවසථාවේ දී කොරෝනා වයිරසය ආසාදිත මැණික් ව්‍යාපාරිකයා ද ඇතුළුව මේවනවිට රත්නපුරයෙන් වාර්තා වූ කොරෝනා වයිරසය ආසාදිත සමස්ත රෝගී සංඛ්‍යාව තුන දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා අනුව තහවුරු කරයි.
එම මැණික් ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ දියණිය රත්නපුර ශීක්‍ෂණ රෝහලේ කොරෝනා වයිරස ආසාදිත යැයි සැක සහිත රෝගීන් රඳවන ප්‍රතිකාර ඒකකයේ නේවාසිකව සිටි බවත්, මෙම රෝගය වැළඳී ඇතිබව පරීක්‍ෂණ අනුව තහවුරු වූ පසුව, ඔවුන් දෙදෙනා ද කොළඹ අයිඩීඑච් රෝහල වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙසේ කොරෝනා වයිරසය ආසාදිත මව සහ දියණිය වයස අවරුදු 40ක පමණ කාන්තාවක් සහ වයස අවුරුදු 20 ඉක්මවූ තරුණියක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මුද්දූව මැණික් ව්‍යාපාරිකයාගේ බිරිඳ-දියණියටත් කොරෝනා