(හර්ෂණ තුෂාර සිල්වා)
රථවාහන සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම අත්හිටුවීමට මහ බැංකුව තීරණය කර තිබේ.
මෙම තීරණය මාස තුනකට බලපැවැත්වෙයි.
මීට අමතරව විදේශ රටවලට ගෙන යා හැකි විදෙස් මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් 5000 කට සීමා කෙරෙන බවද ශ්‍රීලංකා මහ බැංකුව සඳහන් කරයි.
වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම නියෝග ක්‍රියාත්මක කරන ලෙසද ශ්‍රී ලංකා මහ බැංකුව අද (19) සියලු වාණිජ බැංකුවලට උපදෙස් දුන්නේය.
ඒ අනුව රථවාහන හා අත්‍යවශය නොවන භාණ්ඩ ආනයනය සඳහා වාණිජ බැංකුවලින් ණයවර ලිපි නිකුත් කිරීම අත්හිටුවනු ඇත.
කොරෝනා වයිරසය හේතුවෙන් මෙරට ආර්ථිකයට එල්ල වී ඇති පීඩනය අවමකර ගැනීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ.
මීට අමතරව වාණිජ බැංකු මගින් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිලදී ගැනීම තාවකාලිකව අත්හිටුවීමටද ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තෙල් බැරලයේ මිල කඩාවැටීමෙන්ම පෙනෙනවා මේ වයිරසය ලෝක ආර්ථිකයට කල බලපෑම.
බොහෝ කලකට පෙර කළයුතුව තිබුණු වැඩක්. පිටකොටුවේ පදික වේදිකාවේ පොඩ්ඩක් විපරම් කරලා බැලුවොත් බලා ගත හැකිවේවි අන්තිම බාල තත්වයේ ප්ලාස්ට්ක් බඩු කොච්චර තියනවාද කියලා. පාරේ ටික දුරක් ගමන් කලවිට දැකගත හැකිවේවි (මේදිනවල නොවේ ) කොපමණ වාහන ප්‍රමාණයක් තියනවාද කියලා. ඒවායින් වන පරිසර දුෂණය? මේ රටට ඔරොත්තු නොවන තරමටම වාහන. ඒවා සඳහා පාවිචියට ගන්නා ඉන්දන ආනයනයට යන වියදම? වාහන සහ අනිකුත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සඳහා නිසි තත්ත්ව පාලනයක් ඇති කිරීමට මෙය අනගි අවස්ථාවකි. අවස්ථාවෙන් නිවැරිදි තීන්දු තීරණ ගනිවියයි බලාපොරොත්තු වෙමි.
ඉතා හොද පියවරක්. ඩොලරය පාලනය කරගන්න හැකිවේවි.
රවින් මිනිසුන් වාහන ගත්තේ ගෙදර තියාගෙන ඉන්න නොවේ. මගේ දරුවා රැකියා කරන ස්ථානයට යාමට ඒමට පමණක් පැය දෙකක කාලයක් නාස්ති කෙරුවා. වාහනය නිසා දැන් ගතකරන්නේ පැය බාගයයි. ඒ වගේම පුළුවන් අය තමන්ගේ වාහන වල යාම නිසා වාහන නැති අයට පොදුවාහන පාවිච්චි කිරීමේ පහසුවකුත් ඇතිවෙනවා. අඩු ගණනේ රැකියාවලට යන්න ස්කූටර්යක් තිබෙනවානම් පාරේ රස්තියාදු වෙන කාලය අඩුකර ගන්න පුළුවන්... අපිට හැමදේම පරිස්සම් කරන්න ඕනේ නම් මුළුරටම ෂට් ඩවුන් කරන්න වෙනවා.