(ඉන්දිකා රාමනායක)
සමාජ මාධ්‍ය ජාලාවල දැරියක අපයෝජනයට ලක්වීමේ වීඩියෝවක් ප්‍රචාරය වීමේ සිද්ධියට අදාළ සැකකරු කටුනායක ආඩිඅම්බලම ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (19) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු 36 හැවිරිදි එක්දරු පියෙකු වන අතර ඔහු දැරියගේ ළඟම ඥාතියෙකු බව පොලිසිය සඳහන් කරයි.
ත්‍රීරෝද රථ රියැදුරකු වන සැකකරු දැරිය ඇගේ නිවසේ දී සහ පිටතදී අවස්ථා කිහිපයකදී අපයෝජනයට ලක් කර ඇති බව පරීක්ෂණවලදී හෙළි කරගෙන ඇත.
සැකකරු හෙට (20) අලුත්කඩේ අංක 1 අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර මොහුට මරණ දඩුවම ලබා දෙන්න.
ඔය ත්‍රිරෝද රථයේ හංගපු ආයුධ තිබුනේ නැද්ද? අඩු ගණනේ අඬුවක් ඉස්කුරුප්පු නියනක්වත්?
සූක්ෂම ලෙස පරීක්ෂණ කර අපරාධකරු සොයා ගත් නිළධාරින්ට අපගේ ප්‍රණාමය. ඇප නොදෙන්නම කටයුතු කරන්න.
මෙවන් තිරිසනුන්ට සමාජයේ සිටීමට කිසිදු අයිතියයක් නොමැත. එමෙන්ම වතගොත රූපද සමගින් පළකිරීමෙන් මෙවැනි තිරිසන් ක්‍රියාවලට නැඹුරුවීම වලක්වාගත හැක. අප එසේ සදහන් කරන්නේ මෙසේ වැරදිදෙයක් කරොත් ඒ ඒ අයගේ සියලු විස්තර මාධ්‍යන් මගින් රූපද සහිතව පලවෙනවා යන බිය හේතු වෙනු ඇත.