IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ගුවන් යානා 16 කින් ආ 1500 ක් නිවෙස් වල සිට නිරෝධායනයට

පුද්ගලයින් 1500  දෙනකු ඊයේ (18)  දිනයේදී ගුවන් යානා 16 කින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් ඒ සියලු දෙනාට නිවසේ සිටම නිරෝධායන කටයුතු වල නියැලෙන ලෙස විශේෂ උපදෙස් ලබා දී ඇති බවත් කොරෝනා පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා  මහතා පැවසීය.

එම උපදෙස් කටයුතු සඳහා  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් , පොලීසිය සහ යුද හමුදාව ඊයේ සවසම ඔවුන්ගේ නිවෙස් සඳහා යොමු කළ බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය. 

රාජගිරියේ  පිහිටි කොවිඩ් - 19 පැතිරිම වැළැක්වෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී  යුද හමුදාපතිවරයා මේ බව කීවේය.

මෙම  වයිරස් තත්ත්වය  හේතු කරගනිමින්  ලංකාවේ දැන රැදී සිටින  විදෙස් ජාතිකයින් සඳහා හිරිහැර නොකරන ලෙසද රජය විසින් ඔවුන්ට  කිසිදු තහනමක් පනවා නැතැයිද හමුදාපතිවරයා එහිදී සඳහන් කළේය. 


 එමෙන්ම ඉන්දියාවේ  වන්දනාවේ ගොස් සිටින පිරිස  ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමෙන් අනතුරුව ඔවුන් නිරෝධායන කටයුතුවලට යොමු කරන බවත් යුද හමුදාපතිවරයා පැවසීය.



අදහස් (8)

ගුවන් යානා 16 කින් ආ 1500 ක් නිවෙස් වල සිට නිරෝධායනයට

පිටිගල මිලානෝ Thursday, 19 March 2020 11:06 AM

මේ අය ගෙවල් වල සිට නිරෝධායනය වෙයි කියලා මම නම් විශ්වාස කරන්නේ නැහැ. මෙය භයානකයි. වයසක අය ගෙවල් වල ඉන්නවා. ලංකාවේ බොහෝ නිවෙස්වල තියෙන්නේ එක වැසිකිලියයි එකත් අන්ත අපිරිසිදුයි. මුරකාවල් යොදන්න.

:       0       68

බද්රානි Thursday, 19 March 2020 11:20 AM

ඉතාලියෙන් හා කොරියාවෙන් පැමිණි අය, නොරෝධය කලාට බ්‍රිතාන්‍යයෙන් පැමිණි උගත් වැදගත් අයව, ඔවුන්ගේ නිවෙස් වලට යවා නිරෝධනය කරන එක හොඳයි.

:       0       5

siri Thursday, 19 March 2020 12:12 PM

අපේ රටේ විතරයි මේ නිරෝධන ජාති දෙකක් ක්‍රියාත්මක වෙන්නේ. එකක් "ස්වයං" නිරෝධනය අනිත් එක "ස්වයං" නිරෝධනය. ඒ කියන්නේ එනමිනිස්සුන්ට යන්න දීල පස්සේ පොලිසිය දාල හොයා හොයා යනවා නිරෝධනය කරන්න. ඔහොම ගියොත් ලාබෙට දෙන පරිප්පු තමා කන්න වෙන්නේ. දේසපාලුවන්ගේ මේ වගේ තකතීරු වැඩ නිසා අපේ සෞඛ්‍ය සේවයේ පොලිසියේ සහ හමුදාවල දෙවිවරු වගේ මිනිස්සු කරන අසාමාන්‍ය කැපකිරීම අපරාදේ කියලත් හිතෙන වෙලාවල් තියෙනවා.

:       0       57

de silva Thursday, 19 March 2020 12:13 PM

මුලින්ම කිවේ 15 වෙනිදට පස්සේ ආව සියලුදෙනාම නිරෝධනය කරනවා කියලා දැන් කියනවා 18 වෙනිදා අපු කට්ටිය 1500 ගෙදර යැවුවා කියලා. , මේ ඔක්කොම නිරෝධනය සදහා යොමු නොකරන්නේ මොකද ? මේවා හරියට කරන්නේ නැතිනම් අපි ඇදිරිනීතිය දමාගෙන ගෙවල් වල සිටීමේ තේරුමක් තිබෙනවද ?

:       0       72

aruna Thursday, 19 March 2020 12:19 PM

මොකක්ද මේ විහිලු කතාව අනිත් අයටත් කරන්න තිබ්බනේ

:       0       58

tharindu Thursday, 19 March 2020 02:21 PM

අර ලන්ඩන් ඉදන් ආපු ගුවන් යානයත් ඊයේ නේද ආවේ ? ලොකු ලොකු උදවියගේ ළමයින් එහෙමත් එන්ඩ ඇති නේද ?

:       0       55

Asanka Thursday, 19 March 2020 02:27 PM

මෙච්චර ගෙන්නුවේ අපේ රටේ රෝගීන් මදි නිසාද ?

:       0       25

Nimal Friday, 20 March 2020 02:53 PM

ලෝකෙම ගිනි ගත්තත් දවසක නිවාඩුවක් ලැබුණාම රට පුරා දුවන මිනිස්සු ඉන්න රටක ස්වයං නිරෝධනය??. පාලකයන්ට මෙච්චර තේරුමක් නැති ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31342 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13564 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 965 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site