ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් අද (19) වනවිට ඉතාලියේ මියගිය පිරිස චීනයේ මියගිය පිරිසට වඩා වැඩි වී ඇති බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේය.
ඊයේ දිනයේදී පමණක් ඉතාලියෙන් මරණ 427ක් විය. ඒ අනුව කොරෝනා වයිරසය හේතුවෙන් මේ දක්වා ඉතාලියෙන් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 3,405ක් දක්වා ඉහළ ගියේය.
එහෙත් ඊයේ දිනය වනවිට චීනයෙන් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 3,245ක් නිල සංඛ්‍යා දත්තවල දැක්වේ.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසය මේ වනවිට ලොව පුරා රටවල් 160කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ගොස් ඇත. චීනයට පසු ඉන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ ඉතාලියටයි. මේ වනවිට නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ යුරෝපයයි.
කොරෝනා වයිරසය හේතුවෙන් මිය යන කිසිවකුගේ මළසිරුරු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ලබානොදෙන අතර ඒ පිළිබඳ අවසන් කටයුතු හමුදාව විසින් සිදුකරනු ලබයි. සෑම මිනිත්තු 30කටම වරක් ඉතාලි හමුදාවට අයත් ට්‍රක් රථවලින් මළසිරුරු ආදාහනාගාර වෙත ගෙන යන බව ද ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් ඔය ඉතාලි අයට වඩා චීන්නු අපට වටිනවා. චීන සහෝදර සහෝදරියන්ව අපි ආදරයෙන් රැක බලා ගත යුතුයි.
ඉතාලියේ කොරෝනාව පැතිරෙන්න හේතුව ලාංකිකයින් වැනි විදේශිකයින් නිසා. මුළු ඉතාලියටම කොරෝන බෙදලා දැන් ලංකාවට බෙදනවා.
ණය වෙලා ඉතාලියට හොරෙන් පනින්න සුක්ෂම වුන ලංකාවේ සමහර දුෂ්ටයන්ට ඩොලර් මිටි සාක්කුවේ දාගෙන ලංකාවට ඇවිල්ලා හොරෙන්ම ගෙදර යන එකත් වැඩක්ද? දැනටමත් පරක්කු වුනත් බුද්ධි අංශ යොදවලා මේ පාපතරයන්ව අල්ලන්න. මොවුන් වැඩියම ඉන්නේ ජාඇල, මීගමුව, වෙන්නප්පුව, හලාවත සහ කල්පිටියේ. ඇල්ලුවාට කමක් නැහැ හැබැයි මේ අයව නැවත ඉතාලියට එවන්නේ නැති විධියේ දඬුවමක් දෙන්න. මේ අය අන්ත ආත්මාර්ථකාමී කිසිම රටක ජීවත් වෙන්න සුදුසු අය නොවෙයි. මොවුන් රටට කල හානියට හමුදාවේ වැසිකිලි සෝදන්න සහ සපත්තු පොලිෂ් කරන්න මේ අයව යුධ හමුදා කඳවුරු වලට අනුයුක්ත කරන්න. මේ අයගේ නම් ගම් අපි සොයමින් ඉන්නේ, ඒවා මෙහෙ අදාළ බලධාරීන් වෙත යැවිය යුතු වන්නේ මෙවන් විපතකදී රටින් පැන්න අයට මෙහෙ පුරවැසිකම ගන්න ඉඩක් නැති නිසා.
විකුම් , අපි චිනගේ කොලනියක් වෙන්නත් කලින් ගොට්ට නේ ? ඉස්සර වෙන එක කෝකටත් වාසි වැඩියිනේ? සුද්දන්ටත් කොලේ ඕකම නේ ? සිංහලයට නියම පලපුරුදු තියනවානේ නේ ?
අපිට ඉතාලි අයට වඩා චීන අය වටිනවා.
මේ බමුණා මොනවා කියනවද? රෝගය පැතිරෙන්න හේතුව මෝඩකම! නොදැනුවත්කම! විදේශිකයන්, ස්වදේශිකයන් කියල බේදයක් මෝඩකමට නැහැ!
චීනය මේ ලෙඩේ හංගන්නේ නැතුව එලි කළා නම් මේ කිසිම ප්‍රශ්නයක් අද නැහැ. චීනය කලේ ලෙඩේ ගැන කියපු දොස්තරලා අත් අඩංගුවට ගන්න එක.
වීකුම්, මැරුණු ඔක්කොම අය මිනුස්සු. ඔබ මනුස්සයෙක්ද අමනුස්සයෙක්ද ? මම දැක්කේ ඔබ අමනුස්සයෙක් ලෙස.. ඔබටත් දවසක මරණයට පත්වෙන බව මතක තියාගන්න.
වසරකට චීන සංචාරකයෝ මිලියන ගණනක් ඉතාලි එනවලු. එමනිසා භාෂා පහසුව තකා චීන පොලිසිය පවා ඉතාලියේ රාජකාරියේ යොදවලා තියනවලු.