IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


‘වයිරසය ගැන ජනතාවගේ සැලකිලිමත් භාවය මදි‘

කොරෝනා   වයිරසය  (කොවිඩ්-19)  සම්බන්ධයෙන්  ජනතාව  තවමත්  ඒ  තරම් සැළකිල්ලක්  දක්වන බවක් පෙනෙන්නට නැතැයි  සෞඛ්‍ය  අමාත්‍ය  පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය පැවසූවාය.

රාජගිරියේ  පිහිටි කොවිඩ් -19 පැතිරිම වැළැක්වෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී  අමාත්‍යවරිය මේ බව පැවසූවාය.

මේදිනවල   අනවශ්‍ය පුද්ගල එක්රැස්වීම් , ගමන් බිමන් ,සංචාර  හැකි තරම් සීමා කරන ලෙස තවදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්,  රෙදිපිළි අලෙවිසැල් වැනි ස්ථානයන් හි ජනතාව තවමත් එක් රැස්වී සිටිනු තමා දුටු බවත් පැවසූ අමාත්‍යවරිය එවැනි අලෙවි සැල් වසා දමන ලෙසත්   කීවේය.

රටක් ලෙස එක්ව ගෙන යන මෙම වැඩපිළිවෙළට  ජනතාව මේ අවස්ථාවේදී සහයෝගය  ලබා දිය යුතු බවද  අමාත්‍යවරිය පැවසූවාය.

 

 

 

 

 

 



අදහස් (16)

‘වයිරසය ගැන ජනතාවගේ සැලකිලිමත් භාවය මදි‘

siri Thursday, 19 March 2020 11:49 AM

වැඩිහරියක් ඉන්නේ "අටේ පන්තියටවත් ගියේ නැති" මිනිස්සුනේ. එක වෙන්න ඇති අවුල. (පාර්ලිමේන්තුවේ එහෙම නෙවේ ඇ)

:       0       143

Kamal Kioyrala Thursday, 19 March 2020 12:17 PM

ජනතාවගේ නොවේ දේශපාලකයන්න්ගේ නාඩගම් නිසා.

:       0       78

KoralageFriday, 20 March 2020 02:30 AM

මේ ගමේ ගොඩේ කතා කියන කෙනෙකුට මේ තනතුර දරන්න පුලුවන්ද? අපේ රටේ හේනේ හැම තනතුරක් දරන්නෙම අදාල විෂයට සුදුසු කෙනෙක් නෙමෙයි. ඉතින් දෙයියන්ට තමයි කියන්න තියෙන්නේ.

:       0       1

Bamunuarachchi Thursday, 19 March 2020 12:21 PM

මොනවා කරන්නද ඔහේ හැදිලා වඳවෙලා ගියාදෙන්. අපි බේරෙන්න බලමු.

:       137       4

Akila Thursday, 19 March 2020 12:25 PM

ලංකව ,ඉන්දියාව වගේ රටවල මිනිසුන්ට් කිසිම දෙයක් හොඳින් කියුවට , ඉල්ලීම් කලාට කවදාවත් ඒවා පිළිපදින්නේ නැහැ , අවම බලය යොදලා තේරුම් කරලා දෙන්නම ඕන

:       0       8

SHANE Thursday, 19 March 2020 12:34 PM

අනේ , දැන් ජනතාවගේ පැත්තට හරවන්නද හදන්නේ? ජනතා නියෝජිතයන්ගේ වගකීම මොකක්ද එතකොට ?

:       0       78

කපුරුහාමි Thursday, 19 March 2020 01:00 PM

අපේ අය ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැනේ. මොලේ උඩනේ ඉන්නෙ ?

:       0       87

Laal Thursday, 19 March 2020 01:23 PM

අපේ රටේ සමහර අය හදන්නම බෑ.

:       0       1

Dilina Thursday, 19 March 2020 01:25 PM

සහතික ඇත්ත. ඔයගොල්ලෝ වයිරසය ගැන සැලකිලිමත් වුණා නම් චීන කත සිඹ සැනසූ තැනෙන් ව්‍යාප්තිය වළක්වන්න තිබුණ .

:       0       67

ලියනගේ Thursday, 19 March 2020 01:49 PM

වයිරසය ගැන ජනතාවගේ සැලකිලිමත් භාවය මදිවී ඇත්තේ ලංකාවේ දේශපාලකයන් කියන දේ ජනතාව ගණන් නොගැනීම නිසා වේ.

:       0       1

Champa Thursday, 19 March 2020 02:10 PM

ඇඳිරි නීතිය දාන එක මොන තරම් කාලෝචිතද කියන එක ගැන හිතන්න ඕනේ. එක පැත්තකින් ඇඳිරි නීතිය දැමීමෙන් ආණ්ඩුව කරන්නේ මේ වගේ වෙලාවක තමන්ගේ වගකීම ජනතාව පිට පැටවීම.

:       0       30

Dirt Thursday, 19 March 2020 02:55 PM

පොඩ්ඩක් ඉන්න අනේ නාමයෝජනා දීල ඉවරවෙලා බලමු . අනික යුද්ධේට බයනැති අපි මොකටද මේකට බයවෙන්නේ

:       0       66

රවින් Thursday, 19 March 2020 11:54 PM

ලොව කොවිඩ් වයිරසය වීයාප්ත වන්න පටන් ගන්න කොටම මෙරට ආගමන විගමන ස්ථාන ප්‍රයෝජනය පිණිස ශරීරයේ උෂ්ණත්ව මනින අධෝරක්ත කිරණ උපකරණ ගෙන්නුවානම් මොකෝ වෙන්නේ?

:       0       11

de silva Friday, 20 March 2020 01:09 AM

ජනතාවගේ නොවේ ආණ්ඩුවේ සැලකිල්ල මදි , 17 වෙනිදා ඉඳන් ගුවන්තොටුපල වහනවා කිව දැන් කියනවා 18 වෙනිදා ආපු 1500 නිරෝධනය තනියම කරගන්න කියල ගෙදර ඇරියලු.

:       0       239

ajith Friday, 20 March 2020 02:42 AM

රජය ක්‍රියා කරන ආකාරය හරිම ප්‍රාථමිකයි කියල හිතෙන්නේ නැද්ද? සෞඛ්‍ය අංශ නිලධාරීන් යුධ හමුදාව සහ පොලිසිය කරන සේවාව තුලින් ජනතාව නිසි ප්‍රයෝජනය ගන්න බවක් පේන්න නැහැ. ඇමතිතුමිය ප්‍රකාශ කළා වගේ මිනිස්සු මේක ගණන් ගන්නේ එක්කෙනෙක් දෙන්නෙක් මැරුණා නම් පමණක් බවයි පේන්නේ.

:       0       0

Warnakulasuriya Friday, 20 March 2020 04:51 AM

පාලකයන් සැළකිලිමත් නොවී ජනතාවගේ සැළකිලිමත්කම කතා කිරීම විහිළුවකි. ජනතාවගේ සැළකිලිමත්කම ගැන බලාපොරොත්තු තබනවාට වඩා නීතිය ගැන විශ්වාසය තැබීම පාලකයන්ගේ වගකීම වියයුතුය. ශ්‍රීපාද ස්ථානය වදින්න යන්න එපා කියනවාට වඩා ප්‍රථමයෙන් එම ස්ථානය වසා දැමීමට නියෝග කළා නම් කිසිවෙකුට අඬන්න වෙන්නේ නැත. පසුගිය දෙසැම්බර්වල චීනයේ මෙම වසංගතය භයානක ලෙස පැතිරී යනබව දැනසිටියත්, අපේ රටේ ජනවාරි මාසයේ දඹදිව වන්දනාවේ යාමට ඉඩ ලබාදීම කාගේ නොසැලකිලිමත්කම නිසාද යන්න මෙතුමියගෙන් අපට අසන්නට සිදුවේ. නීතියකට යටත් නොකොට ගුවන් මගීන් නිසි නිරෝධායනයකට ලක් නොකිරීමේ නොසැලිමත්කම පාලකයන් වගකිව යුතුයි. වර්තමාන සෞඛ්‍ය ඇමතිනිය කුඩා දැරියකගේ හැසිරීමක් මම දකිමි. රමේෂ් පතිරණ වැනි මහතෙක් මේ තනතුර මේ මොහොතේ දැරැවේ නම් වඩා සුදුසු බව මට සිතේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31342 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13564 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 965 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site