(අජිත් ලාල් ශාන්ත උදය)
ඇඳිරි නීතිය ඉවත් කළ වහාම රත්නපුර දිස්ත්‍රික්කයේ ඖෂධහල් හා අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළඳසැල පමණක් විවෘත කිරීමට කොරෝනා වයිරස මර්ධන රත්නපුර දිස්ත්‍රික් කමිටුව තීරණය කර තිබේ.
ලබන සඳුදා (23) ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු මෙම වෙළදසැල් පමණක් විවෘත කරන බවට අද(21) දිස්ත්‍රික පුරා ජනතාව දැනුම්වත් කිරීම එම කමිටු වැඩසටහන මගින් සිදු කෙරේ.
රත්නපුර දිස්ත්‍රික් ලේකම්,නියෝජ්‍ය පොලිස්පති, පළාත් ප්‍රධාන ලේකම් සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මෙම කමිටුවේ සාමාජිකයෝ වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුරුවිට තියන ගාමන්ට් එකකින් අපිට වැඩට එන්න බලපෑම් කරනවා. ඉතිං මාද්‍ය මගින් ඒ ගැන අවධානය යොමු කරන්න. 4000ක් විතර කට්ටිය ඒකෙ වැඩ. බස් වල යන්න එන්න ඕනි. තව හෝටල් වල ඉන්න අයටත් වැඩට එන්න කියලා.
ආහාර කඩ සහ ෆාමසි ඇරලා ඒවාට සම්බන්ධ ප්‍රවාහනයට අවසර දෙන්න , ගෙදරකින් එක අයෙකුට පමණක් ආරක්ෂිතව ඒවාට පමණක් යන්න දෙන්න , නැතිනම් ඇදිරි නිතිය ඉවත් කලාම අයෙත් මිනිස්සු පිරෙයි කඩවල් ගානේ....