(එස්. ඩි .කොඩිකාර )
කොරෝනා වයිරසය නිසා මහජනතාව පීඩාවට පත්ව සිටින අවස්ථාවේ පරිභෝජනයට නුසුදුසු පුස් කෑ පරිප්පු අලෙවි කරමින් සිටි මොරවක වෙළඳසැල් හිමියෙකු අත්අඩංගුවට ගත් බව වෛද්‍ය නිලධාරී නිලධාරි කාර්යාලය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරවක පදිංචි වෙළඳ සැල් හිමියෙකි.
මොහු මෙම පරිප්පු අලෙවි කර ඇත්තේ රුපියල් 100 ට සැමන් ලබා දෙනුයේ මෙම පරිප්පු මිලදී ගන්නන්ට පමණක් බව පවසා ඒවා අලෙවි කර ඇති බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසයි .
මෙම පරිප්පු තොගය අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විටත් පරිභෝජනයට නුසුදුසු විශාල පරිප්පු ප්‍රමාණයක් අලෙවි කරන්නට ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විශ්වාස කරයි.
මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හර්ෂ ලුණුවිල මහතාගේ උපදෙස් පරිදි මොරවක කොට්ඨාස භාර මහජන සෞඛ්‍යය පරීක්ෂක එච්.එල්. රචිත මහීෂාන් පිටබැද්දර කොට්ඨාස භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඩබ්ලිව් .අමිල සාරංග යන මහත්වරු විසින් මෙම වැටලීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් වෙළදසැල් හිමියා මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පුස් කෑ පරිප්පු විකිණු වෙළඳසැල් හිමියකු අත්අඩංගුවට
siri Friday, 20 March 2020 05:56 PM
මම දැක්කා පත්තරේ තියෙනවා කල් ඉකුත්වූ පරිප්පු කන්ටේනර් වගයක් වරායෙන් එලියට ගන්න කට්ටියක් ලොකු උත්සාහයක් දරනවා කියල.
මුණසිංහ Saturday, 21 March 2020 01:11 AM
කෝරෝනාව නිසා තමන්ගේ මඩිය තර කරගත් කීදෙනෙක් ඉන්නවද? වෙළෙද සැල්වල විකුණාගන්න බැරුව තිබුණු කල් පැනපු ආහාර ද්‍රව්‍ය කොපමණ විකුණාගන්න ඇත්ද? වැඩිපුර බස් ගාස්තු අය කල කොන්දොස්තර වරු කීදෙනෙක් ඉන්නවද?
ajith Saturday, 21 March 2020 02:45 AM
පරිප්පු මිල පහත හෙලීමෙන් පසු ඇතැම් වෙළඳ සල්වල බාල පරිප්පු විකිණීම බහුලව කරනවා.