
කොරෝනා වයිරසයෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබෙන ඉරානයට පනවා තිබෙන සම්බාධක ඉවත් කරන්නැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද (20) ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක් කළේය.
ඉස්ලාමාබාද් අගනුවරදී මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් ඔහු ඒ බව කීය.
ඉරානයට පනවා තිබෙන සම්බාධක ඉවත් කළහොත් කොරෝනා වයිරසයට එරෙහි සටනේදී එය ඔවුන්ට කරන උපකාරයක් වනු ඇතැයි ද හෙතෙම කීය.
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය ඉරානයේ 20,000 ආසන්න පිරිසකට ආසාදනය වී ඇත. එරටින් වාර්තා වන මරණ ගණන 1,433කි.
මේ හදිසි අවස්ථාවේදී අසල්වැසි ඇෆ්ගනිස්තානය සමඟද සහයෝගයෙන් කටයුතු කරන බව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය .
ඒ.එෆ්.පී/රොයිටර්ස්
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ද තියෙන නායකයෝ කියන්නේ මේ වගේ අයට.
මේ අවස්තාවේ එහෙම කරනවානම් ලොකු දෙයක් ලෝකේ ලොකු හස්තියන් බිම බැටිලා ඉන්න කාලයක් මෙික