(කාංචන කුමාර ආරියදාස)
රජය විසින් පනවා ඇති ඇඳිරි නීතිය කඩ කරමින් හැසිරුණු පුද්ගලයින් 10 දෙනෙකු අද (21) අත්අඩංගුවට ගත්බව දඹුල්ල පොලිසිය කියයි.
දඹුල්ල අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ බුලාගල ප්‍රදේශයේ පිරිසක් එක්රැස් වී එළවළු බෙදා ගන්නා බවට දඹුල්ල පොලිසියට ලැබුණු තොරතුරක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිසිය පැවසීය.
එක් රැස් වී සිටි පිරිසෙන් කිහිපදෙනෙකු පොලිසිය දැක පලා ගිය බව පොලිසිය කීය.
මෙම පිරිස පැමිණි යතුරුපැදි සහ ත්‍රී රෝද රථ කිහිපයක් ද පොලිස් භාරයට ගත් බව පොලිසිය පැවසීය.
ඇඳිරිනීතිය අවස්ථාවේදී මාර්ගයේ ගමන් කරන සහ ඇඳිරි නීතිය කඩ කරන්නන් සොයා විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd