(තුසිත කුමාර ද සිල්වා)
සංචාරක මාර්ගෝපදේශකයකුගේ රියදුරකු වශයෙන් කටයුතු කළ පුද්ගලයෙකුට කොරෝනා ආසාදන තත්ත්වයක් බව හඳුනා ගැනීමෙන් පසුව ඔහු කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන රෝහලකට ඇතුළත් කර ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා අද (21) පැවසීය .
මොහු බේරුවල පිංහේන මොරොස්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ වන විට එම රියදුරාගේ බිරිඳ සහ දරුවා ඔවුන් පදිංචි බේරුවල පිංහේන මොරොස්වත්ත සිය නිවසේ සිටම ස්වයං නිරෝධායනකට ලක්කර තිබේ.
එම නිවැසියන්ට අවශ්‍ය ආහාරපාන අවට පදිංචිකරුවන් විසින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ලබාදෙන බවත් ,අවශ්‍ය ජල සැපයුම් බේරුවල ප්‍රාදේශීය සභාව මගින් ලබාදෙන බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd