IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


දඹදිව සිට පැමිණි තවත් 97 ක් නිරෝධායනයට

(ටී.කේ.ජී.කපිල)

දඹදිව වන්දනාවේ ගොස් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එරට රැදී සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 97 දෙනෙකු  අද(20) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් මගින් පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

මෙම පිරිස අද (20 )ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් සියලු දෙනා නීරෝධායන කටයුතු සදහා යොමු කර තිබේ .

මේ අතර කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ සිටි විදේශීය සංචාරකයන් විශාල වශයෙන් ආපසු ඔවුන්ගේ රටවල් කරා පිටත්ව යමින් සිටින බව ද ගුවන් ගුවන් කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .

අද (20 ) දින සවස 6.00 සිට ශ්‍රී ලංකාව පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මකව පවතින අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් ගතවීම සදහා පැමිණෙන ගුවන් මගීන්ට තම ගුවන් ප්‍රවේශ පත්‍රය සහ ගුවන් ගමන් බලපත්‍රය , ආරක්ෂක නිලධාරීන්ට ඇදිරි නීති බලපත්‍රයක් සේ ඉදිරිපත් කිරීමට යොදා ගත හැකි බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කර සිටී .



අදහස් (0)

දඹදිව සිට පැමිණි තවත් 97 ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site