(රංජිත් කරුණාවීර)
විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයන් නිරෝධායනයට යොමුකිරීම සඳහා රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානය නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර ඇති බව මිනිපේ ප්‍රාදේශීය ලේකම් වත්සලා මාරඹගේ මහත්මිය සඳහන් කළාය.
පුද්ගලයන් 500කට අධික පිරිසක් වෙනුවෙන් එම මධ්‍ය්‍යස්ථානයේ පහසුකම් සැපයීමට හැකි පරිදි ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
පැතිර යන කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා රජය හා ආරක්ෂක අංශ ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව මෙම පියවර ගෙන ඇතැයිද ප්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නිරෝධන මධ්‍යස්ථාන රජයේ අධීක්ෂණය යටතේ පුද්ගලික අංශයට පවරන්න බැරිද ? උදාහරණයක් ලෙස ගතහොත් ඔය ඉතාලියේ යුරෝපේ සිට එන පුද්ගලයන්ට ගෙදර ගිහින් නිරෝධනය වෙන්න කිවම ඔවුන් රට වටේ ඇවිදිනවා , නිරෝධන මධ්‍යස්ථානත් දැන් පිරිලා ,සංචාරකයෝ නැතුව වහල තිබෙන හෝටල් රජයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධන මධ්‍යස්ථාන බවට පත්කර කැමති කෙනෙකුට මුදල් ගෙවල ඒවාට ගිහින් නිරෝධනය වෙන්න කියන්න .එතකොට සංචාරක හෝටල් හිමියාට පාඩුවකුත් නැත.