IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ඇදිරිනීතිය නොතකා මුහුද මගින් මන්නාරමට පැන යාමට ගිය 20 ක් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

කොරෝනා වයිරසය පැතිරයාම වැළැක්වීම සඳහා  රජය මගින් ඇඳිරි නීතිය පනවා තිබියදී බෝට්ටුවක් මගින් මන්නාරම බලා පලා යාමට උත්සාහ කළ පුද්ගලයන් 20 දෙනෙකු නාවික හමුදාව විසින් බත්තලංගුණ්ඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.

මෙම පිරිස් අතර කාන්තාවන් තිදෙනෙකු කුඩා දරුවන් තිදෙනෙකු  සිටින බවද නාවික හමුදාව සඳහන් කරයි.

පුත්තලම හා හලාවත  ප්‍රදේශ වලට  ඇදිරිනීතිය පනවා තිබියදී ඊයේ (19) පස්වරුවේ  පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.

පිරිසක් බෝට්ටුවකින් මන්නාරම ප්‍රදේශයට පලා යාමට උත්සහ කරන බවට   හමුදාව වෙත ලැබුණු තොරතුරක් අනුව බත්තලංගුණ්ඩුව මුහුදු ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් පිරිස  අත්අඩංගුවට  ගෙන ඇත.

මොවුන් කල්පිටිය හලාවත යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා කල්පිටිය පොලීසියට බාර දී ඇත.



අදහස් (3)

ඇදිරිනීතිය නොතකා මුහුද මගින් මන්නාරමට පැන යාමට ගිය 20 ක් අත්අඩංගුවට

Prabha Friday, 20 March 2020 01:03 PM

අනේ මෙහෙමත් මිනිස්සු.

:       0       2

Manoj Friday, 20 March 2020 01:13 PM

මේ වගේ මෝඩ වැඩ කරනවද මේ වෙලාවේ.

:       0       2

Samwil Friday, 20 March 2020 02:07 PM

පුත්තලමේ ඉන්නේ මෙහෙම අය තමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site