(ඉන්දිකා රාමනායක)
කොරෝනා වයිරසය පැතිරයාම වැළැක්වීම සඳහා රජය මගින් ඇඳිරි නීතිය පනවා තිබියදී බෝට්ටුවක් මගින් මන්නාරම බලා පලා යාමට උත්සාහ කළ පුද්ගලයන් 20 දෙනෙකු නාවික හමුදාව විසින් බත්තලංගුණ්ඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.
මෙම පිරිස් අතර කාන්තාවන් තිදෙනෙකු කුඩා දරුවන් තිදෙනෙකු සිටින බවද නාවික හමුදාව සඳහන් කරයි.
පුත්තලම හා හලාවත ප්‍රදේශ වලට ඇදිරිනීතිය පනවා තිබියදී ඊයේ (19) පස්වරුවේ පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.
පිරිසක් බෝට්ටුවකින් මන්නාරම ප්‍රදේශයට පලා යාමට උත්සහ කරන බවට හමුදාව වෙත ලැබුණු තොරතුරක් අනුව බත්තලංගුණ්ඩුව මුහුදු ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් කල්පිටිය හලාවත යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා කල්පිටිය පොලීසියට බාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් මිනිස්සු.
මේ වගේ මෝඩ වැඩ කරනවද මේ වෙලාවේ.
පුත්තලමේ ඉන්නේ මෙහෙම අය තමයි.