මහරගම අපේක්ෂා රෝහලට කිසිදු බාහිර පුද්ගලයකුට නොපැමිණෙන ලෙස එහි විශේෂඥ වෛද්‍යවරු ජනයාගෙන් බැගෑපත් ව ඉල්ලීමක් කර සිටිති.
වාට්ටුවල රැඳී සිටින රෝගීන් ගැන විමසා බැලීමට හෝ බාහිර පුද්ගලයකුට එහි නොපැමිණෙන ලෙස ඔවුන් අනතුරු අඟවා ඇත.
රෝහලේ සිටින රෝගියකුට කොරෝනා වයිරසය ආසාදනය වුවහොත් මහත් විනාශයක් දක්වා එය වර්ධනය විය හැකි බව ඔවුහු පවසති.
පිළිකා රෝගීන්ගේ සෞඛ්‍ය තත්වය දුර්වල බැවින් එවැන්නක් ඉතා ඉක්මණින් ව්‍යාප්තවනු ඇති බව රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය උපදේශකවරයෙක් සඳහන් කළේය. රෝහලේ කාර්ය මණ්ඩලය සහ වෛද්‍යවරුන් පවා අවදානම් තත්වයක සිටින බවද ඔහු පැවසීය.
වෛද්‍යවරයකුට, කාර්ය මණ්ඩලයේ සාමාජිකයකුට හෝ වයිරසය ආසාදනය වූයේ නම්, ඔවුන්ට නිරෝධායනයට යොමුවීමට සිදුවන බැවින්, රෝගීන්ට දිනපතා කෙරෙන ප්‍රතිකාර අඩාල වන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේම අය කිසිම වගකීමක් නැතිව හැසිරිලා අද රටට වෙලා තියන තත්වය තෙරුම්ගන්න. වැදල කියන්නම් අනේ මේක නම් අකුරටම පිලිපදින්න පිලිකාවකින් පීඩා විදින ඔයාලගෙ ආදරනීය අය කියන්නෙ ප්‍රතිශක්තියෙන් පහලම අය කොච්චර සoවෙදී අවස්තාවක් උනත් දැනටමත් ජීවත් වෙන්න සටන්වදින එයාලගෙ වටිනා ජීවිත ගැන හිතල ඔයාල කවුරුවත් අපෙක්ශා රොහලට යන්න එපා
අනිවාර්ය තහනම් කලාපයක් කරන්න. එතකොට හරිනේ.
සල්ලි හොයාගෙන බෝට්ටුවලින් රටින් පැන්න අය මේ බැගෑපත් ඉල්ලීම දුර්වලකමක් සේ නොසලකත්වා.