(දයාරත්න ඇඹෝගම)
දඹදිව වන්දනාවට ගිය ශ්‍රී ලාංකික වන්දනා කරුවන් 113 දෙනෙකු අද (20) නිරෝධායන කටයුතු සදහා අනුරාධපුර රත්නමාලි විශ්‍රාම ශාලාවේ රැඳවු බව අනුරාධපුර පොලිසිය කියයි.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඉන්දියාවේ දඹදිව වන්දනාවේ ගිය මෙම වන්දනා කරුවන් අද (20)දින අලුයම ගුවන් මගින් කොළඹට රැගෙන එමෙන් පසු මෙම පිරිස බස්රථ තුනකින් අනුරාධපුරයට රැගෙන ආහ.
එම වන්දනා කරුවන් දින 14ක කාලයක් නිරෝධායන කටයුතු සදහා අනුරාධපුර රත්නමාලි විශාම ශ්‍රාලාවේ ආරක්ෂිතව රඳවන බවද පොලිසිය සදහන් කළේය.
ඉන්දියාවේ සිටින තවත් ලාංකික වන්දනා කරුවන් පිරිසක් දිවයිනට රැගෙන එමට නියමිත අතර ඔවුන්ද අනුරාධපුර දුටුගැමුණු විශාම ශාලාවේ නිරෝධන කදටයුතු සදහා රැදවිමට අවශ්‍ය පහසුකම් සෞඛ්‍ය බලධාරින් විසින් මේවන විට පිළියෙළ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd