(සමන් පාලිත නානායක්කාර)
බණ්ඩාරවෙල දී නිරෝධායනය කඩ කළ පුද්ගලයෙකු අද (20 ) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල නාගරික ප්‍රධාන මහජන සෞඛ්‍යය පරීක්ෂක ඩී. එම්. ඒ. ආර්. දිසානායක මහතා පැවසීය.
නිරෝධායන හා රෝග ස්පර්ශකයයෙන් වෙන් කර තැබීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් මොහු බණ්ඩාරවෙල මූලස්ථාන පොලීසියේ දී දැඩි ලෙස අවවාද කර නැවත නිරෝධායන කටයුතු සඳහා යොමු කළ බවද දිසානායක මහතා කීය.
විදෙස් රටක සිට පැමිණි මොහු බණ්ඩාරවෙල ඔහු පදිංචි නිවසේදීම ස්වයං නිරෝධායන කිරීමට කටයුතු යොදා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි පුද්ගලයන් රදවා තැබීමට අක්කර 100 පමණ විශාල පොල් වත්තක් තබාගන්න. ඔවුන් අල්ලා පොල්ගසකට තබා දම්වැල් දමන්න. අවුවෙන් වැස්සෙන් ආරක්ෂාවීමට හැම ගසකටම කුඩයක් සවි කරන්න. වැසිකිලි යාමට හැම ගසක් මුලම වලක් කපා දෙන්න. පානය සදහා වතුර කළයක් තබන්න. තුන්වේලට කෑමට යමක් කුඩා වාහනයක පටවා ගෙනයන්න. පැනඩෝල් පැකට්ටුවකුත් ලගට දමන්න. දින දාහතරකට පසු ලිහා දමන්න.